කොස්‌වත්ත පොලිසියට ලැබුණ නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව වයස අවුරුදු 05 යි මාස 09 ක් වයසැති පළමු වැනි වසරේ ඉගෙනුම ලබන දැරියක් අතවරයකට ලක් කරන ලද සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු 42 හැවිරිදි අයෙකු වන අතර ඔහු පොතුවටවන කහටවිල මහායාය වත්ත, පදිංචි කරුවෙකි.
දැරියගේ නිවස ආසන්නයේ පදිංචි සැකකරු දැරිය සුරතල් කරන මුවාවෙන් ඇයව ඔහු ළඟ රඳවාගෙන මෙම අපයෝජන ක්‍රියාවලිය සිදු කර තිබුණා. ඇයට තම ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශනද පෙන්වා ඇති බවයි හෙළිව ඇත්තේ.
අදාළ දැරිය පසුව මාරවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.