අඹුසැමි ඇසුරේ ලිංගික තොරතුරු ගැනත් කතාකරලා...
දින 5කට පෙර අලුත්ගම පොලිසියට පැමිණිලි කරලා...
විවාහ දිවියේ අඹුසැමි ඇසුරේ ලිංගික තොරතුරු පිළිබඳ කතාබහකළ නාඳුනන තරුණියක් එක්වරම තමන්ට තර්ජනය කර බිය වැද්දූ බවට පවසමින් ගුරුවරියක් විසින් අලුත්ගම පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
මෙලෙස පැමිණිලි කර ඇත්තේ බේරුවල බල ප්‍රදේශයේ පාසලක ඉගැන්වීම් කටයුතු කරන 28 හැවිරිදි ගුරුවරියෙකු වන බව සඳහන්.
වසර 2ක් තිස්සේ ඇඳුම් පිලිබඳ, හැඩරුව පිළිබද, ගමන් බිමන් පිලිබඳ තොරතුරු නිරන්තරයෙන් කතාබහ කරමින් දුරකථනයෙන් පමණක් සමීප ඇසුරක් පවත්වා ගනිමින් එම නාඳුනන තරුණිය තමා සමගින් තොරතුරු හුවමාරු කරගත් බවයි ගුරුවරිය පවසන්නේ.
කිසි දිනෙක ඔවුන් මුණ ගැසී නොමැති බවද ඇය පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.
දුරකථන සංවාදයකදී එකවරම කිපුණු නාඳුනන තරුණිය පවසා ඇත්තේ මෙතෙක් කතා කළ සියලු දේ තමන් පටිගත කරගත් බවත් ඒ සියල්ල ගුරුවරිය උගන්වන පාසලේ විදුහල්පතිට අසන්නට දෙන බවයි.
මේ පිලිබඳ බිය වූ ගුරුතුමිය දුකථනය විසන්ධි කර අදට දින 5කට පෙර අලුත්ගම පොලිසියට පැමිණිල්ල සිදුකර තිබෙනවා.
නාඳුනන තරුණිය මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ගුරුවරිය උගන්වන පාසල අවට පදිංචිකාරියක් වන බවට පොලිසිය සැක කරනවා.
අලුත්ගම පොලිසිය සිද්ධිය පිලිබඳ වැඩිදුර පරීක්ෂණ සිදිකරනු ලබනවා.