මල්වානේ ලාවුලුගස් හන්දිය ප්‍රදේශයේ නියෝජ්‍ය විදුහල්පතිනියක් ඊයේ(18) අලුයම 2.00 ට පමණ සිය නිවසේ නාන කාමරය තුළදී මන්නයකින් ගෙල කපාගෙන මියගොස් තිබෙනවා.
ගෙල කපාගෙන සිටියදී බියගම රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව මියගොස් තිබෙනවා.
54 හැවිරිදි දෙදරු මවක් වන ලලනි මන්ත්‍රීරත්න නම් මෙම නියෝජ්‍ය විදුහල්පතිනිය දොම්පේ කිඹුල්විලවත්ත මහා විද්‍යාලයේ සේවය කරනවා.
ගෙල කපා ගැනීමට ඇය විසින් යොදා ගත බව කියන මන්නා පිහිය ද පොලිසිය සොයා ගෙන තිබෙන බව සඳහන්.
ඇගේ සැමියා පවසන්නේ ඊයේ අලුයම 2.00 ට පමණ නිවසේ නාන කාමරය තුළින් ශබ්දයක් ඇසුණ බවයි.
පසුව සැමියා එතැනට දිවගොස් බලන විට ඇය ගෙල කපා ගනිමින් ඉඳ තිබෙනවා.
වහාම නිවසේ නිදා සිටි පුතා අවධි කරවාගෙන බිරිඳව බියගම රෝහලට රැගෙන ගියා බව ඔහු සඳහන් කළා.
පූගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා ඊයේ(18) පෙරවරුවේ සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පවත්වා තිබෙනවා.