ලෝකයම එකතු වෙන මුහුණු පොත එහෙමත් නැතිනම් ෆේස්බුක් සමාජ ජාලය ලොකු කුඩා හැමකෙනාම පාවිච්චි කරනවා.
සමහර අය මිතුරන්ගේ නවතම තොරතුරු දැනගැනීමටත් තමන් ගැන අනිත් අයට දැනුම් දීමේ මෙවලමක් විදිහටත් මෙය පාවිච්චි කලා.
අපේ රටේ සිටින ප්‍රසිද්ධ පුද්ගලයන්, කලාකරුවන් සහ දේශපාලඥයින්ද මෙම සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී තිබෙන බව කවුරුත් දන්නවා.
ඒ ඔවුන්ටම වෙන්වූ ෆේස්බුක් පිටු (FACEBOOK PAGE) හරහායි.
කාලෙන් කාලෙට මුහුණු පොතෙත් විවිද වෙනස් කම් සිදුවෙනවා. ඔවුන්ගේ නවතම වෙනස ලෙස Explore Feed නමින් අලුත් විශේෂාංගයක් එක්කර තිබෙනවා.
ඒ හේතුවෙන් ලෝකයේම තිබෙන මුහුණු පොතේ පිටු (FACEBOOK PAGE) මගින් නිකුත් කරන පණිවුඩ සහ ඡායාරූප , වීඩියෝ අදින් පසුව දැකගන්න පුළුවන් වන්නේ Explore Feed නමැති අලුත් විශේෂාංගය හරහායි.
තවද මින් පෙර News Feed හරහා හුවමාරු වූ සියළු දේ මින් පසු දැකගන්නට නොලැබෙන අතර එයින් තම පෞද්ගලික ගිණුම් මගින් පමණක් පළවන දේ පමණක් වෙන්කර පෙන්වීමට ෆේස්බුක් ආයතනය කටයුතු කර තිබෙනවා.