හැමදාමත් නත්තල් නැහැ කියනවා වගේ තමයි වාසනාව කියන එක හැමෝටමත් ලැබෙන්නේ නැහැ. දක්ෂතාවය තියෙන තැනක වාසනාවත් තියෙන්න ඕන කියලා කතාවක් තියෙනවා. මේ කියන්න යන්නෙත් දක්ෂතාවය නිසා වාසනාව උදා කරගත් කඩවසම් තරුණයා ගැනයි. මොහු නිකම්ම කෙනෙක් නෙමෙයි. දැන් ලෝකේ ඉන්න ළාබාලතම ජනාධිපතිවරයා ඔහුයි. Sebastian Kurz කියන්නේ ඔස්ට්‍රියාවේ අලුත්ම ජනාධිපතිවරයායි. Vienna වල වර්ෂ 1986 අගෝස්තු 27 උපත ලබන ඔහු පසුගිය 15දා පැවැත්වූ හදිසි මැතිවරණයේදී ජය ගැනීමට සමත් වෙනවා.
ඔස්ට්‍රියාවේ ළාබාලතම විදේශ අමාත්‍යවරයාද වූයෙත් ඔහුමයි. ඒ 2013 වසරේ. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 27යි.මේ නිසාම පසුගියදා නව මහජන පක්ෂයේ නායකයා වූ රෙන්හෝල්ඩ් තම ධුරයෙන් ඉවත් වුනු නිසා මොහුට ඒ අවස්ථාව හිමි වුණා.
"ස්තූතියි ස්තූතියි, ස්තූතියි ස්තූතියි, ස්තුතියි."
ඔහු ඉරිදා රාත්‍රියේදී වියානා හි කුරාෂ් සංගීත ශාලාව අසල තිබූ බෝල්රූම් ශාලාව අසල සිටි හැමෝටම හිස නමා ආචාර කළා.
"මාස පහකට පෙරාතුව අපි අපේ සටන ආරම්භ කළා. ඔබ හැමෝම මට උදව් කළ නිසා අපි එම ඉලක්කය අත්පත් කර ගත්තා. මට උදව් කළ ඔබ සැමටත් මේ රටේ හැමෝටමත් මගේ ආදරණිය බිරිදටත් බෝහෝම ස්තුතියි.මගේ ආදරණිය දෙමාපියන් මට අවස්ථාව දුන්නා දේශපාලනයට එන්න. ඒ අවස්ථාවෙන් මා මුලින්ම සම්බන්ධ වූ පක්ෂයට ස්තුති කරන්න ඕන මාව දේශපාලනයේ අත්දැකීම ලබා ගන්න අවස්ථාව ලබා දුන්නාට.ඕනෑම කෙනෙකුට සම්බන්ධ විය නොහැකි දේශපාලන වේදිකාවට ගොඩ වෙන්න මම වාසනාවන්ත වුණා. ඒ වාසනාව මට ලබා දුන්නේ මගේ මහජනතාව. ඒ නිසා මම ඔවුන්ව බලා ගන්න ඕන. මගේ රටට ලෝක බලවත් කියා ගන්නා රටවලින් බලපෑම් එල්ල වුණොත් ඒ රටවලට අභියෝගයක් කරන්න මම ලෑස්තියි.ලෝකේ ළාබාල විදෙස් ඇමති වුණෙත් ජනාධිපති වුණෙත් මමයි. මම මගේ රට බලවත් රටක් කරනවා. ශක්තිමත් කරනවා..."
ඔහු කියන්නේ එහෙමයි.
ඉංජිනේරුවෙක් ඔහුගේ පියා. මව ගුරුවරියක්. දේශපාලන පසුබිමක් කිසිවිටෙකත් පවුලේ නොතිබුණත් ඔහුට ඕන වෙනවා දේශපාලනයට එන්න. ඔහු ඒ අරමුණ ඉටු කරගන්න වැඩිදුර අධ්‍යාපනය හදාරන්නෙත් දේශපාලන විශයෙන්මයි. මුලින්ම දිස්ත්‍රික්ක මහජන හමුවකට ඔහු කතා කරනවා. ඒ කතාව මනරම්. හැමෝගෙම හිත ඒ මොහොතේම මොහු සොරකම් කරනවා. එතැන් පටන් ඔහුත් හිතන්නේ ඔහුගේ අරමුණට යන්නේ කොහොමද කියලයි. ඔහු වර්ෂ 1996 දී Bundesgymnasium und Bundesrealreumium Erlgasse පාසලට ඇතුළත් වී තිබෙනවා. පසුව 2004 වර්ෂයේදී ඔහුගේ අවසන් විභාගයෙන් පසුව අනිවාර්ය යුද සේවය සම්පූර්ණ කරනවා. දෙයක්ම ඔහු කරන්නේ දේශපාලනයට පිවිසීමට බවයි ඔහු කියන්නේ.
"පුංචි කාලේ මම හීන මැව්වේ නැහැ දේශපාලනයට එන්න මේ රටේ ජනාධිපති වෙන්න. නමුත් දේශපාලනයට පිවිසීමත් එක්ක මට ලැබුණු ජනතා ආකර්ෂණය නිසා මම අරමුණු කරගත්තා මට දේශපාලනයෙන් යමක් කරන්න පුළුවන් කියලා. ළාබාලතම විදෙස් ආමාත්‍යවරයා හැටියට මාව පත් වුණු මොහොතේ මම හිතා ගත්තා මගේ ඊලග ඉලක්කය ජනාධිපතිකම කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ලොකු දේශපාලන පසුබිමක් නැතිව පළපුරුද්දක් නැතිව මේ මනුස්සයා කොහොමද රටක් පාලනය කරන්නේ කියලා.. නමුත් මම ඒ අභියෝගය භාර ගෙන රට පාලනය කරනවා අපේ රටේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා. මේ රටේ ආර්ථික, සමාජීය, දේශපාලන වගේම සධාචාරය ආරක්ෂා කරගන්න මම කැප වෙනවා..."
ඔහු කියන්නේ එහෙමයි.