Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
19
කොළොන්නාවේ අතුරුදන්වීමේ කරුණු රැසක් එළියට - ගම්පහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නැන්දනියත් අත්අඩංගුවට - Video

- කොළොන්නාවේ අතුරුදන්වීමේ කරුණු රැසක් එළියට - ගම්පහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නැන්දනියත් අත්අඩංගුවට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

56 Views
එක්දරු මව සහ දැරියන් අතුරුදන්ව සිටියේ පසුගිය සෙනසුරාදා සිටයි....

තරුණියන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසින් අතර උණුසුම් තත්ත්වයක්

හිරු මාධ්‍යවේදියෙකුටත් පහරදෙන්න යයි...

කොළොන්නාව - සාලමුල්ල ප්‍රදේශයේ අතුරුදන්ව සිටි තරුණියන් තිදෙනා ඊයේ (18) පොලිසියට භාර වුණා.

පොලිසිය පැවසුවේ තරුණියන් මෙහෙකාර සේවයේ යෙදවීම සඳහා රඳවාගෙන සිටි බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි.

කොළොන්නාව - සාලමුල්ල ප්‍රදේශයේ පදිංචි තරුණියන් තිදෙනා අතුරුදන්ව සිටියේ පසුගිය සෙනසුරාදා සිටයි.

ඒ සම්බන්ධයෙන් වැල්ලම්පිටිය සහ ග්රෑ්න්ඩ්පාස් පොලිස් ස්ථානවලට පැමිණිලි කළ ඥාතීන් තොරතුරු ලබාදීම සඳහා දුරකථන අංකද ලබාදුන්නා.

පසුගිය 17 වනදා දහවල් එම දුරකථන අංකයකට කිසියම් පුද්ගලයෙකු ඇමතුමක් ලබාදී තිබුණේ හෝකන්දර ප්‍රදේශයේදී එම තරුණියන් ආහාර ලබාගැනීම සඳහා වෙළෙඳසැලකට යනු දුටු බවටයි.

ඒ අනුව ඥාතීන් පොලිසියටද දැනුම්දී එම ප්‍රදේශයට ගොස් තිබුණේ තරුණියන් පිළිබඳ සොයාබැලීමේ අරමුණින්.

කෙසේ වෙතත් රාත්‍රිය වනතෙක් එම ස්ථානයට පොලිසිය නොපැමිණීම හේතුවෙන් තරුණියන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක්ද ඇතිවුණා.

තරුණියන් ගමන්ගත් බව කියන මාර්ගය අසළ වෙළෙඳසැලක සවිකර තිබූ ආරක්ෂක කැමරාවක දර්ශන පොලිසිය පරීක්ෂා කළ අතර, ඉන් තරුණියන් පිළිබඳ තොරතුරක් ලැබුණේ නැහැ.

ඒ අතරතුර අතුරුදන්ව සිටි 15 හැවිරිදි තරුණියගේ පෙම්වතා බව පැවසෙන 17 හැවිරිදි තරුණයෙකුගෙන් වැල්ලම්පිටිය පොලිසිය 17 රාත්‍රියේ ප්‍රශ්න කර තිබුණා.

කෙසේ වෙතත් අතුරුදන්ව සිටි තරුණියන් අතරින් 19 හැවිරිදි එක්දරු මවක් වූ මල්කි වත්සලා පෙරේරා සහ 15 හැවිරිදි යසන්ති මධුෂානි පෙරේරා ඊයේ (18) පෙරවරුවේ වැල්ලම්පිටිය පොලිසියට පැමිණ භාරවී තිබෙනවා.

පොලිසිය පැවසුවේ පොලිසියට භාරවූ 19 හැවිරිදි තරුණියසහ 15 හැවිරිදි තරුණියගේ පෙම්වතා අත්අඩංගුවට ගත් අතර, 15 හැවිරිදි තරුණිය පොලිස් භාරයට ගත් බවයි.

මේ අතර, අතුරුදන්ව සිටි 14 හැවිරිදි තරුණියද ඊයේ පෙරවරුවේ කාන්තාවක් සමග පැමිණ ගම්පහ පොලිසියට භාරවී තිබෙනවා.

පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ අදාළ තරුණිය පොලිස් භාරයට ගත් අතර ඇයට රැකවරණය ලබාදීමේ චෝදනාව යටතේ ඇය සමග පැමිණි කාන්තාව අත්අඩංගුවට ගත් බවයි.

අනතුරුව ඔවුන්ගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ තරුණියන් තිදෙනාම කිසියම් පුද්ගලයෙකු විසින්  ගම්පහ - ඉහළයාගොඩ ප්‍රදේශයේ නිවසක රඳවා සිටි බවත්, 14 හැවිරිදි තරුණිය ගම්පහ - අඹගහලන්ද ප්‍රදේශයේ නිවසක මෙහෙකාර සේවය සඳහා යොදවා ඇති බවත් අනාවරණ වුණා.

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී තරුණියන් පවසා ඇත්තේ මාපියන්ගෙන් එල්ල වන හිරිහැර හේතුවෙන් තමන් නිවසින් පලා ආ බවයි.

ගම්පහදී ඔවුන්ව රඳවාගෙන සිටි කාන්තාව හමුවූ බවත් අනතුරුව ඇයගේ නිවසට තමන් රැගෙන ගිය බවත් ඔවුන්  වැඩිදුරටත් පවසා තිබෙනවා.

කිසියම් පුද්ගලයෙකු විසින් 14 හැවිරිදි තරුණිය අඹගහලන්ද ප්‍රදේශයේ නිවසේ මෙහෙකාර සේවය සඳහා යොදවා තිබෙන්නේ ඉන් අනතුරුවයි.  

19 හැවිරිදි සහ 15 හැවිරිදි තරුණියන් ඊයේ පෙරවරුවේ නිදහස් කර තිබුණේ පොලීසියට භාරවන ලෙස දන්වමින්.

අනතුරුව වැල්ලම්පිටිය පොලිසියට භාරවූ 15 හැවිරිදි තරුණිය සහ ගම්පහ පොලිසියට භාරවූ 14 හැවිරිදි තරුණිය අත්අඩංගුවටගත් අනෙක් කාන්තාවද සමග ඔවුන් රඳවා සිටි  බවට  පැවසෙන නිවස පරීක්ෂා කිරීම සඳහා රැගෙන යනු ලැබුවා.

අනතුරුව 14 හැවිරිදි තරුණිය මෙහෙකාර සේවය සදහා යෙදවු නිවස ද පරීක්ෂාවට ලක් කෙරුණා. ‍

වැඩිදුර පරීක්ෂණ සඳහා නිවෙස් හිමි කාන්තාවද ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැණුනා.

තරුණිය මෙහෙකාර සේවය සඳහා භාරදුන් පුද්ගලයා සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

අත්අඩංගුවට ගත් කාන්තාවන් සහ 17 හැවිරිදි තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, 15 හැවිරිදි සහ 14 හැවිරිදි තරුණියන් දෙදෙනා වෛද්යප පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බවද පොලිසිය පැවසුවා.

14 හැවිරිදි තරුණිය මෙහෙකාර සේවයේ යෙදවීම සදහා රැගෙන ගිය ප්‍රදීප් කුමාර නැමැත්තා අත්අඩංගුවට ගැනුණේ ඊයේ පස්වරුවේයි.

ඒ, ගම්පහ - ඉහළයාගොඩ ප්‍රදේශයේදීයි.  ඊට අනුබල දුන් කාන්තාවන් දෙදෙනෙකුද වැල්ලම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර එලෙස පොලිස් භාරයට පත් වු එක් කාන්තාවක් 84 වන වියේ පසු වන බව පොලීසිය සදහන් කළා.

ඒ කාන්තාවන් අතරින් එක් කාන්තාවක් ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නැන්දනියක්ය.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top