ශ්‍රී ලංකාවේ භාවිතා කරන ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවලට ද රැන්සම්වෙයාර් වෛරසය බලපෑම් කළහැකි බවට ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර තිබෙනවා.
ඒ අනුව විශේෂ ඉල්ලීමක් කරමින් ජනතාවට ප්‍රකාශ කර ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන්නන් විශේෂ අවදානයකින් පසුවන ලෙසයි.
රැන්සම්වෙයාර් පරිගණක වෛරසය මේ වනවිට ලොව පුරා සීඝ්‍රයෙන් පැතිරෙමින් ඇති අතර ඒ පිලිබඳව සුවිශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
අදාළ රැන්සම්වෙයාර් පරිගණක වෛරසය හේතුවෙන් පරිගණක රැසක් සයිබර් ප්‍රහාරයන්ට ලක්වූ අතර එමගින් කප්පම් ඉල්ලීමේ සිදුවීම් පිළිබඳව ද පසුගියදිනවල වාර්තා වූවා.
ඒ අනුව බ්‍රිතාන්‍ය, ඇමරිකාව, චීනය, රුසියාව, ස්පාඤ්ඤය, ඉතාලිය වැනි රටවල් රැසක පරිඝණක මෙලෙස විවිධ අවස්ථා වල සයිබර් ප්‍රහාරයන්ට ගොදුරු වූවා.