ශ්‍රී පාද හැටන් මාර්ගයේ නල්ලතන්නියේ සිට උඩමලුව දක්වා වූ මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ කුණු කන්දක් නාය ගොස් ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසනවා.
ඉකුත් දිනවල උඩමලුව ප්‍රදේශයට අඛණ්ඩව ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග පසුගිය 14වනදා එම කුණු කන්ද නායගොස් ඇති බවයි වාර්තා වන්නේ.
නායයෑමෙන් ශ්‍රී පාද නල්ලතන්නිය මාර්ගයේ මීටර් 15ක පමණ කොටසක් අවහිර වී තිබෙනවා.
ශ්‍රී පාද මුදුනේ එක්රැස්වී තිබූ කැළි කසළ ශ්‍රමදානයක් මගින් පහළට ගෙන ඒමට සැලසුම් කර තිබුණද පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩවම ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම සිදුකිරිමට නොහැකි වී තිබුණා.
ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධමිමදින්න හිමියන් ප්‍රකාශ කළේ මෙම කාලය ශ්‍රී පාද අවාරයවන නිසා එම කුණු කන්ද නායයෑමෙන් කිසිවෙකුටත් බාධාවක් නොවූ අතර කැළි කසළ ඉවත් කිරීමේ ශ්‍රමදානයක් මේ මස 21වන දින ආරකෂක අංශ නිළධාරින්, රාජ්‍ය ආයතන කිහිපයක නිළධාරින් සහ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් එක්ව සිදුකරන බවයි.
කුණු කන්ද නායයෑමෙන් එම මාර්ගයට සුලු අලාභහානි සිදුවී තිබෙනවා.