Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
18
(Update) අතුරුදන්ව සිටි සාලමුල්ලේ දැරියන් තිදෙනාම පොලීසියට භාර වෙයි - Video & Photos

- (Update) අතුරුදන්ව සිටි සාලමුල්ලේ දැරියන් තිදෙනාම පොලීසියට භාර වෙයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

55,570 Views
කොලොන්නාව - සාලමුල්ල ප්‍රදේශයේදී අතුරුදන්ව සිටි 14 හැවිරිදි දැරියද ගම්පහ පොලිසිය වෙත භාරවී තිබෙනවා. 

14 හැවිරිදි දැරිය අද දහවල් කාන්තාවක් සමග පැමිණ පොලිසිය වෙත භාර වූ බවයි ගම්පහ පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අතුරුදන්වූ කොළොන්නාවේ තරුණියන් තිදෙනාම මේවන විට සොයාගෙන තිබෙනවා.

මෙසේ අතුරුදන් වී සිටියේ 19 හැවිරිදි මල්කි වත්සලා පෙරේරා නමැති විවාහක තරුණියක්, අසල්වැසි  15 හැවිරිදි යසන්ති මධුෂානි පෙරේරා සහ 14 හැවිරිදි ශරිත්‍රා ස්වේතා යන අයයි.

19 හැවිරිදි මල්කි වත්සලා පෙරේරා හා 15 හැවිරිදි යසන්ති මධුෂානි පෙරේරා අද (18) පෙරවරුවේ වැල්ලම්පිටිය පොලිසිය වෙත පැමිණ තිබුණා.

පසුගිය සෙනසුරදා සිට අතුරුදන්ව ඇති මෙම තරුණියන් තුන්දෙනා කොළොන්නාව - සාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසට ගිය ඔවුන් අනතුරුව රෙදිපිළි මිලට ගැනීම සඳහා පිටව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වුණා.

කෙසේවෙතත් සිද්ධියට හේතු වූ කරුණු ගැන තවම පොලිසිය විමර්ශන කරන අතර ප්‍රශ්න කිරීම් දිගටම සිදු කරන බව සඳහන්.
--------------------------------------------

(Update) අතුරුදන්ව සිටි සාලමුල්ලේ දැරියන් තිදෙනාම පොලීසියට භාර වෙයි - Video & Photos

අතුරුදන් වූ බවට වාර්තා වූ කොලොන්නාව සාලමුල්ලේ 14 හැවිරිදි දැරියත් ගම්පහ පොලීසියට භාර වී ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව මෙතෙක් අතුරුදන්ව සිටි දැරියන් තිදෙනාම මේ වනවිට පොලිසිය හමුවේ පෙනී සිටිනවා.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අතුරුදන්වූ කොළොන්නාවේ තරුණියන් තුන්දෙනාගෙන් දෙදෙනෙක් පොලිසියට පැමිණ ඇති බව තමන්ට පොලිසියෙන් දැනුම් දුන් බව එම තරුණියකගේ ඥාතියකු සඳහන් කළා.

ඔවුන් ගම්පහ සිට පොලිසියට පැමිණි බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ඔවුන් වැල්ලම්පිටිය පොලිසියට පැමිණ ඇති බවයි එම ඥාතියා පැවසුවේ.

ඔවුන් සෙවීමට පොලීසිය පුළුල් පරීක්ෂණයක් දියත් කළා.

මෙසේ අතුරුදන් වී සිටියේ 19 හැවිරිදි මල්කි වත්සලා පෙරේරා නමැති විවාහක තරුණියක්, අසල්වැසි  15 හැවිරිදි යසන්ති මධුෂානි පෙරේරා සහ 14 හැවිරිදි ශරිත්‍රා ස්වේතා යන අයයි.
 
19 හැවිරිදි මල්කි වත්සලා පෙරේරා හා  15 හැවිරිදි යසන්ති මධුෂානි පෙරේරා මෙසේ පොලිසියට පැමිණ තිබෙනවා.

14 හැවිරිදි ශරිත්‍රා ස්වේතා ද මොවුන් සමග සිට ඇති බව දැනගන්නට ඇතත් නිවැරදි තොරතුරක් නොමැති බව යසන්ති මධුෂානි පෙරේරාගේ මව හිරු වෙත සඳහන් කළා.

මෙම එක් තරුණියකගෙන් ඇගේ ස්වාමිපුරුෂයාට ලැබුණේ යැයි කියන දුරකථන ඇමතුම් 2 ක් පිළිබඳව විමර්ශන ආරම්භ කළ බවයි පොලීසිය කලින් සඳහන් කලේ.

මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනය කරන ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය පොලිස් ස්ථාන ඊයේ (17) එම දුරකථන ඇමතුම් පරීක්ෂා කිරීම වෙනුවෙන් අලූත්කඩේ අධිකරණයෙන් නියෝගයක්ද ලබාගෙන තිබුනා.

ඊට අමතරව එම තරුණියන් සිටින බවට තොරතුරු ලැබුණු අනුරාධපුර සහ හොරණ ප්‍රදේශවල සී.සී.ටී.වී පරීක්ෂාවක්ද සිදුකළ බවයි පොලීසිය සඳහන් කළේ.

එහෙත් එමගින් අතුරුදන් තරුණියන් පිළිබඳව නිවැරදි තොරතුරු අනාවරණ කරගැනීමට පොලීසියට ඊයේ (17) හැකියාව ලැබී නැහැ.

පසුගිය සෙනසුරදා සිට අතුරුදන්ව ඇති මෙම තරුණියන් තුන්දෙනා කොළොන්නාව - සාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසට ගිය ඔවුන් අනතුරුව රෙදිපිළි මිලට ගැනීම සඳහා පිටව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වුණා.

19 හැවිරිදි මල්කි වත්සලා පෙරේරා, 15 හැවිරිදි යසන්ති මධුෂානි පෙරේරා සහ 14 හැවිරිදි ශරිත්‍රා ස්වේතා මෙලෙස අතුරුදන්ව සිටින තරුණියන්.

---------------------------------

කොළොන්නාවේ තරුණියන් අතුරුදන් වීම තවමත් අභිරහසක් -  දුරකථන ඇමතුම් සියල්ල පරික්ෂා කරයි  - Video & Photos


අනුරාධපුර සහ හොරණ ප්‍රදේශවල සී.සී.ටී.වී පරීක්ෂාවක්....

සැමියාට ලැබුණු දුරකථන ඇමතුම් දෙක...

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අතුරුදන්වූ කොළොන්නාවේ තරුණියන් තුන්දෙනා සෙවීමේ පරික්ෂණ පුළුල් කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

ඉන් එක් තරුණියකගෙන් ඇගේ ස්වාමිපුරුෂයාට ලැබුණේ යැයි කියන දුරකථන ඇමතුම් 2 ක් පිළිබඳව විමර්ශන ආරම්භ කළ බවයි පොලීසිය පවසන්නේ.

මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනය කරන ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය පොලිස් ස්ථාන ඊයේ (17) එම දුරකථන ඇමතුම් පරීක්ෂා කිරීම වෙනුවෙන් අලූත්කඩේ අධිකරණයෙන් නියෝගයක්ද ලබාගෙන තිබෙනවා.


ඊට අමතරව එම තරුණියන් සිටින බවට තොරතුරු ලැබුණු අනුරාධපුර සහ හොරණ ප්‍රදේශවල සී.සී.ටී.වී පරීක්ෂාවක්ද සිදුකළ බවයි පොලීසිය සඳහන් කළේ.

එහෙත් එමගින් අතුරුදන් තරුණියන් පිළිබඳව නිවැරදි තොරතුරු අනාවරණ කරගැනීමට පොලීසියට හැකියාව ලැබී නැහැ.

පසුගිය සෙනසුරදා සිට අතුරුදන්ව ඇති මෙම තරුණියන් තුන්දෙනා කොළොන්නාව - සාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසට ගිය ඔවුන් අනතුරුව රෙදිපිළි මිලට ගැනීම සඳහා පිටව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වුණා.

19 හැවිරිදි මල්කි වත්සලා පෙරේරා, 15 හැවිරිදි යසන්ති මධුෂානි පෙරේරා සහ 14 හැවිරිදි ශරිත්‍රා ස්වේතා මෙලෙස අතුරුදන්ව සිටින තරුණියන්.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  9,585 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  1,205 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  2,682 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  4,585 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  14,469 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  994 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  2,420 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  4,647 Downloads

Adaraye Suwanda Aran - Nalinda Ranasinghe
Adaraye Suwanda Aran
Nalinda Ranasinghe
⤵  16,659 Downloads

Aye Nam Adare - Ruwan Fernando
Aye Nam Adare
Ruwan Fernando
⤵  5,346 Downloads



Top 10 Commenters

Latest Comments

Top