දවසින් දවස සංගීත ක්‍ෂේත්‍රයට අලුත් අලුත් කටහඬවල් එකතු වෙනවා. නමුත් එදා සිට අද දක්වා ශ්‍රී ලාංකීය සංගීතයේ නව පිටුවක් පෙරලූ දක්ෂ ගායකයෙක් තමයි චාමික සිරිමාන්න කියන්නේ.
ඔහුගේ උපන් දිනය ඊයෙ ට (17) යෙදී තිබුණා.
ඇතැම් ගායකයන් කේක් කපලා පාටි දාලා උපන් දිනය සමරද්දී චාමික සිරිමාන්න කාටත් ආදර්ශවත් සත් ක්‍රියාවක් සිය උපන් දිනය දවසේ සිදු කර තිබුණා.
ඒ මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට පැමිණ සිටි අය සඳහා රෝහල ඉදිරිපිටදී බත් පාර්සල් ලබා දීමේ දානමය පුණ්‍ය කටයුත්තයි.
චාමික සිරිමාන්න සිය උපන් දිනය දා සිදු කළ මෙම පුණ්‍ය කටයුත්ත පිළිබඳව ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා.
"අද මගේ උපන් දිනය. ඉතිං ඒ වෙනුවෙන්, මහරගම පිළිකා රෝහලේ රෝගීන් බලන්න ආපු අයට, රෝහල ඉදිරිපිටදී පුංචි දානයක් දුන්නා."