"ඉතාම ඉක්මනට එතුමාට උත්තර හම්බ වෙයි"
"කටමැත දොඩවන දේශපාලනඥයින්ට ජනතාව අවශ්‍ය පිලිතුරු දෙයි"
පාර්ලිමේන්තු මන්ත්‍රී වීමල් වීරවංශගේ බිරිඳ, ශෂි වීරවංශ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශයකට අදාළව නීතිමය පියවර ගන්නා බව ඇයගේ නීතිඥවරුන් අද ප්‍රකාශ කළා.
නීතිඥ ප්‍රේම්නාත් සී දොලවත්ත සහ නීතිඥ මාපලගම විමලරත්න ඒ සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කරුණු දක්වා සිටියා.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් ද ඉදිරිපත් කළා.
‘‘පෆෝමන්ස් වැඩි කරගන්න යම් යම් අධි මාත්‍රා ඖෂධ භාවිත කළා.අද තරුණයෙක් ඝාතනය වෙලා තිබෙනවා. අද ශෂි වීරවංශගේ ප්‍රකාශය. විමල් වීරවංශ මහත්මයාගේ දුව පහළට දුවන් ඇවිත් කිව්වලු මේ අර අයියා උඩ නැගිටින්නේ නැහැ කියලා. තමුන්ගේ ගෙදර තරුණයෙක් නැති වුණාම උඩට දුවන්න එපැයි. ශෂී වීරවංශ මහත්මිය මෙයා කිව්වලු නෑ අම්මට කෝල් එකක් දීලා අම්ම එක්ක යන්න. රාත්‍රියේ මේ ඝාතනය සිදුවූවා යැයි ඇය දන්නවා වගේ. අවුරුදු 24 ක තරුණයාගේ මරණය ඝාතනයක් හැටියට අපි දකිනවා’’
අනතුරුව මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිඥ දොළවත්ත අදහස් දැක්වූවා.
‘‘කථාව හැරුණා මෙතුමිය දිහාට. මේ වගේ වග විභාගයක් නැතුව ප්‍රකාශ කරන දේශපාලනඥයෝ ගැන අපි බලාගෙන යනවා. නීතිමය පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. අවසන් මරණ පරීක්ෂෂණ වාර්තාව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරනයට ලබා දෙනවා. අපරාධයක් සිදුවූ බවට සාක්ෂි නොමැති බවත් ස්වභාවික මරණයක් කියන කාරනය මත තමයි නඩුව අවසන් වෙන්නේ. ’’
එහිදී මාධ්‍යවේදියෙකු නීතිඥ ප්‍රේම්නාත් සී දොලවත්තගෙන් මෙලෙස ප්‍රශ්න කළා.
ප්‍රශ්නය -රන්ජන් රාමනායක මහත්තයා ඔය වගේ ප්‍රකාශයක් කරන්න පෙළඹුණ හේතුව? පිළිතුර - ඒක ඉතින් එතුමාගෙන් තමයි අහන්න වෙන්නේ.
ප්‍රශ්නය - දැන් එතුමට විරුද්ධවද අපහාස නඩුව දාන්නේ?
පිළිතුර - දානවා. අනිවාර්යයෙන්ම
නීතිඥ මාපලගම විමලරත්නට යොමුකළ පැනයකට පිළිතුරු ලෙස ඔහු මෙලෙස අදහස් පළ කළා.
පිළිතුර - රන්ජන් කරපු ප්‍රකාශ වලට මං හිතන්නේ ඉතාම ඉක්මනට එතුමාට උත්තර හම්බ වෙයි. දුර දිග නොබලා කරන ප්‍රකාශ නවත්තන්න කාලය ඇවිල්ලා තිබෙන්නේ එතුමාට.
නීතීඥ ප්‍රේම්නාත් සී දොලවත්ත මෙලෙස තවත් මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට පිළිතුරු ලබාදුන්නා.
ප්‍රශ්නය - පසුගිය කාලේ රන්ජන රාමනායක මහත්තයාට නීතිඥ සංගමයෙන් නඩුවක් දැම්මා උසාවියට අපහාස කළා කියලා. තමුන්නාන්සේලා සම්බන්ධ වුණාද?
පිලිතුර - රන්ජන් රාමනායක මහත්තයා මං දන්නේ නෑ ඇයි ඔය වගේ අම්බරු අඥාණ ප්‍රකාශ කරන්නේ කියලා. එතුමාට උසාවියට යන්න වෙලා තියෙන්නේ නීතීඥ මහත්තුරුත් එක්කනේ මං දන්නේ නෑ එතුමා තනියම ගිහිල්ලා පෙනී සිටීද කියලා. එතකොට ඔය නීතිඥ මහත්තුරුත් ඔක්කොම ඔය කියන අසමත්ජාති නීතිඥ මහත්තුරුද?නව දේශපාලන සංස්කෘතියක් තුළ ඔය විදිහට කටමැත දොඩවන දේශපාලනඥයින්ට ජනතාව අවශ්‍ය පිලිතුරු ඊළඟ මැතිවරණයේදී ලබා දෙයි කියලා අපි හිතනවාVIDEO