Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
17
අහඹු ලෙස බැංකු ගිණුමට බැර වූ ලක්ෂ 24 මුදල නැවත ලබා දුන් බන්ධනාගාර නියාමකවරිය - Photos

- අහඹු ලෙස බැංකු ගිණුමට බැර වූ ලක්ෂ 24 මුදල නැවත ලබා දුන් බන්ධනාගාර නියාමකවරිය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22 Views
ලක්ෂ 12ක් බැරවී ඇති බවට 2 වරක් කෙටි පණිවිඩ ඇවිත්..

අද සමාජයේ බොහෝ ලෙස අසන්න ලැබෙන දෙයක් මුල්‍ය වාංචා කියන්නේ.සුළු පරිමාණයෙන් මෙන්ම මහා පරිමාණයෙන් අද අපේ රටෙත් මෙවැනි මූල්‍ය වංචා දූෂණ දිනෙන් දින සිදුවෙනවා.

තමන්ට අයිති නැති මුදලක් අයතා ලෙස වංචා කිරීම නීතිය හමුවේ දඬුවම් ලැබිය හැකි වරදක්. මෙලෙස තම බැංකු ගිණුමකට අහඹු ලෙස බැර වූ රුපියල් ලක්ෂ 24 මුදලක් නැවත බැංකු දැනුවත් කර ලබාදුන් බන්ධනාගාර නියාමකවරියක් පිළිබඳ පුවතක් ජාතික පුවත්පතක මෙලෙස වාර්තා කර තිබුණා.

වසර හතළිහක පමණ කාලයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාන්තා නියාමකවරියක් ලෙස කටයුතු කර ඇති එස්. ඒ. ප්‍රේමලතා මහත්මිය සිය බැංකු ගිණුමට අහඹු ලෙස එකතු වී තිබූ රුපියල් ලක්ෂ 24ක මුදලක් ආපසු ලබාදී බැංකුවේ ප්‍රසාදයටද ලක්ව තිබේ.

ලංකා බැංකුවේ බොරැල්ල ශාඛාවේ තිබූ ඇගේ ඉතිරි කිරීමේ බැංකු ගිණුමට මීට මාස දෙකකට පමණ පෙර රුපියල් ලක්ෂ 12ක් බැරවී ඇති බවට ඇගේ දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබී ඇත.

ඇය ඒ පිළිබඳ විමසීමට බැංකුව වෙත යාමට සූදානම්ව සිටියදී තවත් වරක් යළි රුපියල් ලක්ෂ 12ක් බැරවී ඇතිබවට කෙටි පණිවුඩයක් ලැබී තිබේ.

ඇය ඊට දින කිහිපයකට පසු බැංකුව වෙත ගොස් එහි කළමනාකරු හමුවී ඇගේ බැංකු ගිණුමේ කොතරම් මුදලක් තිබේද යන්න පරීක්ෂා කර ඇත. ඒ අවස්ථාවේ කළමනාකරු පවසා ඇත්තේ රුපියල් ලක්ෂ 24ක් බැර වී ඇති බවයි.

එම මුදල් ආපසු ගන්නවාද කියා කළමනාකරු ඇගෙන් විමසා ඇත.

එම මුදල් තමාගේ නොවන බවත් මාසයක පමණ කාලයක සිට අවස්ථා දෙකකදී ලක්ෂ 12 බැගින් ගිණුමට බැරවී ඇත්තේ කෙසේද යන්න සොයාගැනීමට ඇය පැමිණි බවත් ප්‍රකාශ කර තිබේ.

පසුව එම බැංකුවේ මුදල් අයකැමි අංශයේ නිලධාරිණියක් කැඳවා පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ වෙනත් පුද්ගලයන්ට බැර කළ යුතු මුදල් මෙම ප්‍රේමලතා මහත්මියගේ ගිණුමට බැර වී ඇති බවයි.

එම මුදල් පිළිබඳ ප්‍රේමලතා මහත්මිය බැංකුවට පැමිණ විමසන තෙක් බැංකු නිලධාරීන් ඒ පිළිබඳ නොදැන සිට ඇත.

මෙම බන්ධනාගාර නිලධාරිණියගේ අවංකභාවය අගයමින් බොරැල්ල ලංකා බැංකු ශාඛාවේ කළමනාකරු විසින් ඇයගේ සත් ක්‍රියාව අගයමින් ලිපියක්ද ලබාදී තිබේ.

අංක 69 තෝමස් චොංගම මුල්ලේරියාව අංගොඩ පදිංචි එස්.ඒ. ප්‍රේමලතා මහත්මිය දරු තිදෙනකුගේ මවකි. ඇය විවාහ වී ඇත්තේද බන්ධනාගාර නියාමකවරයකු සමඟින්ය. ඇය වසර 40ක කාලයක් බන්ධනාගාර නියාමකවරියක ලෙස කටයුතු තිබේ. දිවා රෑ නොබලා එවන් සේවයක් කර තිබුණත් එම වසර හතළිහක කාලයකටම ඇයට උසස්වීමක් ලැබී නොමැත. ඇයට උසස්වීමක් වන සැරයන් තනතුර ලැබී ඇත්තේ ඇය විශ්‍රාම ගිය දිනයේ බවද ඇය පවසා සිටියාය.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top