Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
17
"වාහනේ හයියෙන් හෙලවිලා පෙරළෙනවා විතරයි මට දැනුණේ. මට සිහිය එනකොට මම හිටියේ රෝහලේ ඇදක් උඩ.." - රෝද පුටු රූ රැජිණ කියයි - photos

- "වාහනේ හයියෙන් හෙලවිලා පෙරළෙනවා විතරයි මට දැනුණේ. මට සිහිය එනකොට මම හිටියේ රෝහලේ ඇදක් උඩ.." - රෝද පුටු රූ රැජිණ කියයි - photosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

52,274 Views
"බෙල්ලෙන් පහළ හිරිවැටිලා වගේ තිබුණේ.."

"හිත හදා ගන්න මට අවුරුදු හයක් ගියා.."

"සමහර වෙලාවට ජිවිතෙන් පැනලා යන්න හිතුණා.."

දෛවය මිනිසුන්ට එක එක විදිහට සරදම් කරද්දී ඒ දෛවයම ජීවිතය ජයගන්න උදව්වක් වෙනවා.සියලු ශරීර අංගයන්ගෙන් සර්ව සම්පුර්ණ මිනිසුන්ගෙන් ඇතැමෙක් මනසින් ආබාධ වෙද්දී අබාධිත අය ජීවිතය ජය ගනිමින් ලෝකය දිනනවා. මේ කියන්න යන්නෙත් එහෙම කෙනෙක් ගැනයි. ඇය රාජලක්ෂ්මී ෂන්කාර් ජනර්ධනා මූර්ති. ඇය උපන්නේ ජිවත් වෙන්නේ ඉන්දියාවේ බෙංගලාරු කියන පළාතේ. දැන් වයස අවුරුදු 31යි.

වෘත්තියෙන් දන්ත වෛද්‍යවරියක්. ඒ වගේම ඒ පිළිබදව  විශේෂඥවරියක් සහ උපදේශකවරියක් විදිහටත් ඇය කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි ඇය දැන් ලෝක රූ රැජිනක්. පෝලන්තයේ පසුගියදා පැවති රෝද පුටු රූ රැජිණ තරගයේ ජනප්‍රියම රූ රැජිණ වුණෙත් ඇයයි.

උපතින් අබාධිත නොවුණු ඇයගේ ඉරණම වෙනස් වෙන්නේ වර්ෂ 2007දියි. ඒ ඇය  ශිෂ්‍ය නියෝජිතයන්ගේ ජාතික සම්මේලනයේ විශේෂ දේශනයක් ඇමතීම සඳහා චෙන්නායි බලා නිවසින් පිටත්ව ගියේ බොහෝ සතුටිනුයි.වේදිකාව ඉදිරියේ අසුන්ගෙන සිටි බොහෝ පිරිස් ඇයගේ කතාවට වශීකෘත වී අසා සිටියේ රූපයෙන් වගේම හඩේනුත් ඇය පරිපුර්ණ නිසායි. කතා කරන හැම වචනයකම ඇයගේ බුද්ධි මට්ටම පෙනෙද්දී ඇයගේ අවසන් වචනය පිට වෙනතුරුම බොහෝ දෙනා ඇයට කන් දී තිබෙනවා. කාලය ගෙවී ගොස් සැසිවාරයේ විශේෂ දේශනය අවසන්ව ඇය යළිත් නිවස බලා පිටත් වුණේ නිවසින් ආවාට වඩා සතුටිනුයි. නමුත් ඒ සතුට රැදී තිබුණේ සුළු මොහොතක් විතරමයි. ගමන් ගත් වාහනයේ කවුළුවට හිස බර කරගෙන කළුවර පරිසරයෙන් හමා ආ සුළං රොද මුහුණට ගැටෙන්නට ඉඩ දී නිදහස් මනසින් ආ රාජලක්ෂ්මීට ඇස් පිල්ලම් ගසන්නටත් ඉඩ නොදීම ගමන් ගත් වාහනය දරුණු අනතුරකට ලක් වුණා.

"මම එදා හරිම සතුටින් හිටියේ. එදා වැඩසටහන ඉවර වෙලා ටිකක් රෑ වුණා. ඒ වැඩේ ඉවර වෙලා මම ආවේ රියැදුරා එක්ක. එයාට වාහනේ අරන් යද්දී නින්ද ගිහින්..වාහනේ හයියෙන් හෙලවිලා පෙරළෙනවා විතරයි මට දැනුණේ. මට සිහිය එනකොට මම හිටියේ රෝහලේ ඇදක් උඩ. මට සිහිය එනකොට මගේ ළගම අම්මා හිටියා.මම ඇහුවා මට මොකද වෙලා තියෙන්නේ කියලා. අම්මා ඔලුව වනලා කදුළු පිහදගත්තා. ඒ මොහොත වෙනකොටත් මට කතා කරගන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. බෙල්ලෙන් පහළ හිරිවැටිලා වගේ තිබුණේ. පුදුම වේදනාවක් දැනුණා..."

ඇය ඒ වචන පිට කළේ  දුකට හුරු කටහඩකින්. තත්ත්පර ගණනක නොසැලකිල්ලෙන් ඇයට අත් වූ ඉරණම වෙනස් කරන්න කිසිම කෙනෙකුට පුළුවන් වුණේ නැහැ කියලයි ඇය කියන්නේ

"වෛද්‍යවරු මගේ දෙමාපියන්ට කිව්වා අනතුරෙන් මගේ සුසුම්නාව බරපතල විදිහට හානි වෙලා කියලා. ඒ වගේම ජීවිතය බේරා ගන්න ඒ අයට පුළුවන් වුණත් කවදාවත් මට දෙපයින් නැගිටින්න බැරි වෙනවා කියලා කිව්වා. ඒ මොහොතේ මගේ දෙමාපියන් කම්පනයට ලක් වුනු හැටි මම දැක්කා. නමුත් මම හිත දැඩි කරගත්තා ජිවත් වෙන්න වාසනාව තිබුණා කියලා හිතාගෙන.නමුත් ඉස්සර වගේ දුවපනලා වැඩ කරන්න දගකරන්න මට බැරි වුණා.

මුල් කාලේ අමතක වෙලා ඇදෙන් එකපාරටම පනින්න යද්දී මට කොන්ද හොල්ල ගන්න බැරි වේදනාවක් දැනුණා. එතකොට තමයි මතක් වෙන්නේ අනේ මගේ කොන්දෙන් පහළ පණ නැහැනේ කියලා..සමහර වෙලාවට ජිවිතෙන් පැනලා යන්න හිතුණා.මගේ මුල්ම අභියෝගය වූයේ රෝද පුටුව. ඇ‍ඳෙන් රෝද පුටුවට මාරු වෙන්න අවශ්‍ය වුණත් මම දිගින් දිගටම රෝද පුටුව ප්‍රතික්ෂේප කළා. නමුත් මම රෝද පුටුවේ පිහිට පැතුවේ නැත්තම් අදටත් කාමරේ බිත්ති හතරට කොටු වෙලා..එහෙම වුනා නම් මට ඒකත් දරා ගන්න බැරි වේවි. මම මගේ ගෙදර බිත්ති හතරට සිමා නොවී ලෝකය දකින්න ජීවිතය දකින්න හිතා ගත්තා.අන්තිමට මගේ හොදම මිතුරා වුණේ රෝද පුටුව. මම කැම්පස් ගියේ මගේ අවශ්‍ය කටයුතු කළේ රෝද පුටුව ආධාරයෙන්..."


වර්ෂ හයක් මුළුල්ලේ ඇය මානසික පීඩනයෙන් මිදෙන් කාලය ගත්තත් දැන් ඇය ජීවිතය ජයගෙන අවසන්. දැන් ඇය දන්ත වෛද්‍යවරියක්. රජයේ රෝහල්වල සේවයෙන් පසු ඇය බෙංගලාරු හි තමාගේම කියා දන්ත චිකිත්සාගාරයක් පවත්වා ගෙන යනවා. ඒ වගේම  ඇය තමා පදිංචි පළාතේ පාසල් ගණනාවක දරුවන්ට නොමිලයේ දන්ත වෛද්‍ය සායන පවත්වා ගමටම පිහිට වෙනවා. දෙපා වාරු නැතත්  ඇය රෝද පුටුවෙන් යමින් පැසි පන්දු ක්‍රීඩාවේද යෙදෙනවා.

සිතින් ගතින් ශක්තිමත් ඇය අභ්‍යන්තර ගෘහ අලංකරණ ශිල්පිනියක් ලෙස නිවෙස් අලංකරණයටත් දක්ෂතා දක්වනවා. ඒ විතරක් නොවෙයි ගායිකාවක් විදිහටත් හඩින් මිනිසුන්ගේ සිත සුවපත් කරන ඇය චිත්‍ර ඇඳීමටත් දක්ෂයි. කකුල් පහළ පණ නැති වුණත් ඇය හොඳින් පීනනවා. ඒ විතරක් නොවෙයි ඇය මේ වෙද්දී රෝද පුටුවෙන් ලෝකයේ රටවල් 11ක සංචාරය කරලා තිබෙනවා.රූපයෙන්  බුද්ධියෙන් ලෝකය අමතන ඇය අත්පා සවි ශක්තිය ඇති මිනිසුන්ට වඩා ජවසම්පන්න බව ශක්ති සම්පන්න බව පෙන්වමින් ජීවිතය ජයගෙන අවසන්.

 හිරු ගොසිප් කළ පරිවර්තනයකි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  9,573 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  1,199 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  2,682 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  4,585 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  14,468 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  994 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  2,420 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  4,646 Downloads

Adaraye Suwanda Aran - Nalinda Ranasinghe
Adaraye Suwanda Aran
Nalinda Ranasinghe
⤵  16,659 Downloads

Aye Nam Adare - Ruwan Fernando
Aye Nam Adare
Ruwan Fernando
⤵  5,346 Downloads



Top 10 Commenters

Latest Comments

Top