Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
13
ජීවිත 239 ක් එක්ක සැඟව ගිය MH 370 යානයේ අභිරහස ගැන එළියට ආපු අවසන් වාර්තාවෙන් කියූ දේ - Video

- ජීවිත 239 ක් එක්ක සැඟව ගිය MH 370 යානයේ අභිරහස ගැන එළියට ආපු අවසන් වාර්තාවෙන් කියූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

58,720 Views
තාක්ෂණය අතින් මේ වෙද්දි ලෝකය දියුණුවේ හිනිපෙත්තටම ඇවිත් යැයි බොහෝ දෙනෙකු සිතුවද පසුගියදා අභිරහස් ලෙස අතුරුදන් වූ MH 370 ගුවන් යානයට සිදුවූ දේ නිශ්චිතය සොයා ගැනීමට කිසිවෙකුටත් මෙතෙක් හැකිවී නැහැ.

මිනිසා විසින් අභ්‍යවකාශය පවා ජය ගත්තද මෙම අභිරහස විසඳීමට තවමත් නොහැකි වීම පුදුමයක්.

ගුවන් ගමන් ඉතිහාසයට පිළිතුරක් නැති ප්‍රශ්නයක් ඉතිරි කර දෙමින් MH 370 ගුවන් යානය අතුරුදන් වීමට අදාළ විමර්ශන කළ ඔස්ට්‍රේලියානු විමර්ශකයින්ගේ අවසන් වාර්තාව පසුගිය දා නිකුත් කෙරුණා.

එම වාර්තාව නිකුත් කරමින් ඔවුන් පැවසුවේ යානය සොයා ගැනීමට නොහැකි වීම පිළිබඳව තමන් දැඩි ලෙස කනගාටුවට පත්වන බවයි. එමෙන්ම වැඩිදුරටත් එම වාර්තාවේ ඔවුන් සඳහන් කරන්නේ යානයට සිදුවූයේ කුමක් දැයි සිතා ගැනීමට හෝ පිළිගත හැකි සාක්ෂියක් නොමැති වීම අදහාගත නොහැකි සිදුවීමක් බවයි.

මගීන් 239 දෙනෙකු සමග මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර ගමන ඇරඹූ MH370 දරන ගුවන් යානය අභිරහස් ලෙස අතුරුදන් වන්නේ, 2014 වසරේ මාර්තු 8 වන දායි.

එය අතුරුදන් වන මොහොතේ එහි සිට මගීන්ගෙන් 154 දෙනෙක් චීන ජාතිකයන්.

යානය රේඩාර් පද්ධතියෙන් ගිලිහී ඇතැයි, සන්නිවේදනය වූ මොහොතේ ගුවන් යානයක් අතුරුදන් වූ බවට වන පුවත ලොවපුරා ලැව් ගින්නක් සේ පැතිරී ගියා.

මැලේසියාව, ඔස්ට්‍රේලියාව, චීනය ඇතුළු ලොව රටවල් රැසක් ගුවන් යානයට සිදුවූයේ කුමක් දැයි සෙවීමට යානය අතුරුදන් වූ බව පැවසෙන මුහුදු කලාපය සිසාරා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළා.

කෙසේ වෙතත් මෑතක් වන තුරු ම බොහෝ රටවල් මෙහෙයුම් කටයුතුවලට සම්බන්ධ වී සිටි අතර මැලේසියාව, සහ චීනය, සෝදිසි මෙහෙයුම්වලින් ඉවත් වුණේ පසුගිය ජනවාරි මාසයේයි.

MH370 යානය සෙවූ මෙහෙයුම ගුවන් ඉතිහාසයට එක්වන්නේ, ගුවනේ සහ මුහුදුපතුළේ සිදුකළ අතිදැවැන්ත මෙහෙයුම ලෙසයි.

අතුරුදන් යානය සෙවීම සඳහා කුඩා රොබෝ සබ්මැරීනයක් ඇතුළු අතිනවීන තාක්ෂණික උපකරණ ද භාවිත කළා.

සිදුවීමෙන් දින 52කට පසුව ගුවන් මෙහෙයුම් අතහැර දැමුණු අතර පසුව යානය පිළිබඳ හෝඩුවාවක් සොයා සාගර කලාපයේ මෙහෙයුම් ආරම්භ කෙරුණා.

යානය කඩා වැටෙන්නට ඇතැයි, අනුමාන කෙරුණු වර්ග කිලෝමීටර් 120,000 ක තරම් ප්‍රදේශයක සෝදිසි කළ ද යානය පිළිබඳවූ බලාපොරොත්තු සියල්ල සුන් වී ගියා.

2015 සහ 2016 වසරේදී MH 370 යානයේ බවට සැක කෙරුණු සුන්බුන් කොටස් අප්‍රිකාවට නැගෙනහිරින් වූ මුහුදු කලාපයේ මෙන් ම ඉන්දීය සාගර කලාපයේ ද පාවෙමින් ඇති බවට ඇතැම් වාර්තා පළ වුණා.

පසුව විශ්ලේෂකයින් සුන්බුන් ගසාගෙන යන දිශාව සහ ඒවායේ චන්ද්‍රිකා ඡායාරූප උපයෝගී කර ගනිමින් එම ප්‍රදේශවල ද මෙහෙයුම් දියත් කළා.

2014 වසරෙන් පසු විවිධ මුහුදු කලාපවලින් හමු වූ සුන්බුන් කොටස් මෙම යානයේ බවට සැක පළ වුවත් ඒ කිසිවක් අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානයේ බවට ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ලැබී තිබුණේ නැහැ.

මහ මුහුද සිසාරා සිදුකළ සෝදිසි මෙහෙයුම් පළක් නොවූ තැන යානය කඩා වැටී නැති බවටත් එය කිසියම් හෝ ස්ථානයකට එය ගොඩ බස්වා ඇති බවටත් ඇතැමුන් අදහස් පළ කළා.
නමුත් එම මතයද ඔප්පු කරන්නට තරම් සාධක කිසිවක් තිබුණේ නැහැ.

ලෝකයේ ප්‍රබල රටවල් රැසක් එක්ව අතිවිශාල මුදල් ප්‍රමාණයක් වැය කරමින් නවීන තාක්ෂණය ද යොදා ගනිමින් සාගරය පීරමින් සෙවූ අතුරුදන් MH 370 ගුවන් අනතුර ගුවන් ඉතිහාසයේ සදාකාලික අභිරහසක් ලෙස ලෝකයෙන් සැඟව යන්නේ එලෙසින්.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  725 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  370 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,116 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  1,854 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,363 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  996 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,022 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,664 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  5,759 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  33,653 Downloads



Top 10 Commenters

Latest Comments

Top