Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
13
‘‘බෙල්ල කපලා කකුල් දෙක ළඟ තියනවා කිව්වා“ ඩුබායි ඉඳන් ප්ලෑන් කළ බොරැල්ලේ වෙඩි තැබීමේ සුල මුල මෙන්න

- ‘‘බෙල්ල කපලා කකුල් දෙක ළඟ තියනවා කිව්වා“ ඩුබායි ඉඳන් ප්ලෑන් කළ බොරැල්ලේ වෙඩි තැබීමේ සුල මුල මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,039 Views
‘‘කෙසෙල්වත්තේ ධනුෂ්ක ඩුබායි ඉඳලා උදව් කළා..“
‘‘වනාතේ සුද්දවයි.. රොෂාන්වයි මැරුවෙ මහත්තුරු“
‘‘මල්ලි ගැන මට බයක් ඇතිවුණා“

අලුත්කඩේ උසාවියේ විභාග වන නඩුවකට පෙනීමට යමින් සිටි බොරැල්ල වනාතමුල්ලේ තිදෙනෙකු ගමන් කරමින් සිටි ත්‍රි රෝද රථයකට පසුගියදා වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

පසුව මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිසියට පවසා තිබුණේ මෙවැන්නක්.

‘‘මගේ බෙල්ල කපලා කකුල් දෙක ළඟින් තියනවා කියලා ‘මහත්තරු“ මට තර්ජනය කළා. ඒ නිසා මම තීරණය කළා ‘මහත්තුරුව‘ මරන්න. ඒ වැඩේට මට කෙසෙල්වත්තේ ධනුෂ්ක ඩුබායි ඉඳලා උදව් කළා. ටී.56 එක්ක ෂූටර්ව දුන්නෙ ධනුෂ්ක.“

වනාතමුල්ලේ සරණපාල හිමි මාවතේ පදිංචිකරුවෙකු වන එම සැකකරු 22 හැවිරිදි වියේ පසුවන්නෙක්.

පසුගිට අගෝස්තු 28 වැනිදා ත්‍රි රෝද රථයෙන් ගමන් කරමින් සිටි මහත්තුරු ඇතුළු තිදෙනාට වෙඩි තැබූ වෙඩික්කරු රැගත් යතුරුපැදිය පදවා තිබුණේ ඔහුයි.

එම වෙඩි ප්‍රහාරයෙන් මහත්තුරුට තුවාල සිදු නොවූ අතර ඔහුගේ ගෝලයන් දෙදෙනාට තුවාල සිදුව තිබුණා.

ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය දීර්ඝ විමර්ශනයක් පවත්වා සැකකරුවන් හඳුනාගැනීමෙන් අනතුරුව යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාමුල්ලේ පිහිටි සරවනමුත්තු ක්‍රීඩාංගණය ආසන්නයේදී. ඒ පෙරේදා දිනයේදී. (11)

‘‘මගේ මල්ලි මහත්තුරුගේ මල්ලිත් එක්ක පොඩි කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඒකට මල්ලිව මරනවා කියලා මහත්තරු තැන් තැන් වල කියලා තිබුණා. වනාතේ සුද්දවයි, රොෂාන්වයි කපලා මරලා තිබුණේ මහත්තුරු නිසා මල්ලි ගැන මට බයක් ඇතිවුණා. ඒ නිසා මම මහත්තුරු එක්ක ඒ ගැන කතා කළා. මහත්තුරු ඒ වෙලාවේ මුකුත් කිව්වෙ නෑ. පස්සෙ එදා රෑ කෝල් කරලා කිව්වා උඹගෙ බෙල්ල කපලා කකුල් දෙක ගාව තියනවා කියලා. ඒ වෙලාවෙයි මම තීරණය කළේ මේකට මොනවා හරි කරන්න ඕනේ කියලා.“ යැයිද සැකකරු පොලිසියේදී අනාවරණ කර තිබෙනවා.

කොළඹ නගරයේ ක්‍රියාත්මක පාතාලයේ ප්‍රබල සාමාජිකයෙකු වන ‘‘කෙසෙල්වත්තේ ධනුෂ්ක“ ඩුබායි රටේ සිටිමින් සිය කල්ලිය මෙහෙයවන බවයි පොලිසිය පවසන්නේ.

මෙම ප්‍රහාරය පවා ඔහු මෙහෙයවා ඇත්තේ එහි සිට බවට තොරතුරු හෙළිව තිබෙනවා.

වෙඩික්කරු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  44 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  81 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  3,132 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  653 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,112 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  4,725 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  4,521 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  27,062 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  4,885 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,142 Downloads



Top 10 Commenters

Latest Comments

Top