Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
13
අලුත්කඩේදී සුද්දා පැනල යන්න ගිහින් අහසට වෙඩි තියයි

- අලුත්කඩේදී සුද්දා පැනල යන්න ගිහින් අහසට වෙඩි තියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,774 Views
අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට අද(13) උදෑසන රැගෙන ආ යුක්රේන ජාතික රැදවියෙකු පලායාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී බන්ධනාගාර නිලධාරින් විසින් පොළොවට වෙඩි තබා පොරබදා  රැදවියා යළි සිය භාරයට ගෙන ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.

මෙම යුක්රේන ජාතිකයා මීට වසර දෙකකට පෙර මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතකර ඇත්තේ නාවල රාජගිරියේ පිහිටි නිවසකට පැන අවුරුදු 6ක යුක්රේන දරුවෙකු හා එම නිවසේ සිටි ශ්‍රී ලංකික මෙහෙකාරිය මරා දැමීමේ සිද්ධියක් හේතුවෙන්.

ඔහු මෙලෙස එම නිවසෙහි පදිංචිව සිටි යුක්රේන ජාතික මිතුරෙකු මැරීමට පැමිණ ඇති අතර ඔහු නොසිටි හෙයින් එම දරුවා මරා මෙහෙකාරියද මරා මිතුරාගේ බිරිඳ වූ යුක්රේන ජාතික කාන්තාවට බරපතල තුවාල සිදුකර තිබෙනවා.

එම මවට පිහියෙන් ඇන මරා දැමීමට තැත් කිරීමේ චෝදනාව ද ඔවුන්ට එල්ල වුනා.

2010 වසරේ පෙබරවාරි මස 23 වැනිදා මෙම ඝාතන සිදුවුනා.

මේ සම්බන්ධයෙන් මසූර් යූ ජින් සහ යානා බ්‍රිෂියානා නැමති යුක්රේන ජාතික යුවලට ම මරණ දඬුවම් හිමි වුවත් පසුව අභියාචනය නිසා බිරිඳ නිදහස් වුනා.

පළමුව මරණ දඩුවම ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව විත්තිකාර යුක්රේන ජාතික කාන්තාව කියා සිටියේ තමන්ට මරණ දඩුවම ලබාදෙන්නේ නම් වෙඩි තබා එය මෙම ස්ථානයේදීම සිදුකරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කරන බවයි.

මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඔහු නීති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවේ රැදී සිට ඇති බව පවසමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ යුක්රේන ජාතිකයාට එරෙහිව තවත් නඩුවක් ගොණුකර තිබුණා.

ඒ අනුවයි අද ඔහු අලුත්කඩේ අධිකරණ භූමිය වෙත රැගෙන එනු ලැබුවේ.

අප වාර්තාකරු සඳහන් කළේ නඩුව විමසා අධිකරණයෙන් පිටතට පැමිණ ඔහු මෙලෙස පලායාමට තැත්කළ බවයි.

එහිදී බන්ධනාගාර නිලධාරීන් පොළොවට එල්ල කළ වෙඩිල්ලේ පතුරම් කොටසක් වැදී බන්ධනාගාර නිළධාරියෙකුද සුළු තුවාල ලබා තිබෙනවා.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  469 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  1,544 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,175 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  2,418 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,086 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  3,810 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,560 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,368 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,589 Downloads

Hitha Mage Hadaganna - Rasika Rajapaksha
Hitha Mage Hadaganna
Rasika Rajapaksha
⤵  5,687 Downloads



Top 10 Commenters

Latest Comments

Top