කොල්ලූපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට දී ඊයේ (02) පෙරවරුවේ සිරුරට ගිනි තබා ගත් විශ්‍රාමික හමුදා නිලධාරියා රෝහල් ගතකිරීමෙන් පසුව මිය ගිය බවට වාර්තාවේ.
ඊයේ (02) උදෑසන 10.15 ට පමණ කොල්ලූපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට පදික වේදිකාවේ දී ඔහු මෙලෙස සිරුරට ගිනි තබාගත්තා.
ඔහු ජගත් මානව හිමිකම් කොමිසමේ හිටපු මහකොමසාරිස් නවිපිල්ලේට විරෝධය පළ කර තමන් මෙලෙස සිරුරට ගිනි තබා ගත් බවයි ඔහු මිය යාමට පෙර පොලීසියට ප්‍රකාශ කර තිබුණේ.
ඔහු විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලියූ රහසිගත ලිපියක් ද පොලිසිය සොයා ගෙන ඇත. සීල් තබා තිබූ එම ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදීම සඳහා ජනාධිපති ආරක්ෂක අංශය වෙත භාරදී තිබේ.
73 හැවිරිදි ඔහු පන්නිපිටිය - කලල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වසර 21 ක් යුද හමුදාවේ සේවය කර තිබෙන මෙම පුද්ගලයා විශ්‍රාම ගොස් ඇත්තේ යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයෙකු ලෙසයි.