Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
13
"මම රගපෑ හැම චිත්‍රපටියේම මගේ පෙම්වතාට හිටපු නළුවාට ආදරේ කළා. මට ආදරේ ලැබිලත් තියෙනවා..." - Exclusive - Photos

- "මම රගපෑ හැම චිත්‍රපටියේම මගේ පෙම්වතාට හිටපු නළුවාට ආදරේ කළා. මට ආදරේ ලැබිලත් තියෙනවා..." - Exclusive - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,040 Views
"තවම මතකයි පුංචි කාලේ මම තාත්තාව දකිද්දී හැංගෙන හැටි.."

"මමත් කාලයක් කොටට ඇන්දා.."

මැණික් කුරුකුලසූරිය කියන්නේ දශක තුනකට එහා රංගන ක්ෂේත්‍රයට සිය රංගනය ලබා දුන් රංගන ශිල්පිණියක්. සිනමා අධ්‍යක්ෂ ධර්මසේන පතිරාජයන් වර්ෂ 1973 අධ්‍යක්ෂණය කළ අහස්ගව්ව සිනමා කෘතියට මුලින්ම රංගනය ලබා දෙමින් රංගනයට පිවිසෙන ඇය බොහෝ සිනමාපට සදහා සම්බන්ධ වුණා. රිදී තිරයට එදා මැණිකක් වුණු මැණික්ට කලාව ඔපපාතිකයක් නෙමෙයි. නමුත් ඒ රුව දැන් සිනමාවේ හෝ පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ගැන හා අලුත් තොරතුරු විමසන්න අපි ඇයව හිරු ගොසිප් වෙත එකතු කරගත්තා. මේ මැණික් ගැන තොරතුරුයි.

මැණික් කියන්නේ නිර්මාණවලින් දකින්න නොලැබුණත් එදා වගේම අදටත් එකසේ ජනප්‍රිය චරිතයක්..නමුත් ඒ ආදරේ දෙන රසිකයින් වෙනුවෙන් නිර්මාණ සදහා රංගනයෙන් දායක වෙන්නේ නැත්තේ ඇයි..?
මම අවුරුදු පහකට එහා රගපාලා නැහැ. ඒ කාලෙත් මට ලැබුණු හැම චරිතයක්ම මම භාර ගත්තේ නැහැ. රගපාන්න ඕන කියලා හිතිලා රගපාවොත් තමයි.

වර්තමානයේ නිර්මාණය වෙන සිනමාපට හා ටෙලි නාට්‍ය බොහොමයක් හරසුන් කියලා චෝදනාවක් තියෙනවා. මේ නිසාද ඔබව අද දකින්න නැත්තේ..?
මම කොහොමත් මෙගා නාට්‍යවලට නම් සම්බන්ධ වෙන්නේ නැහැ. මම කාලයක් නිර්මාණ වලට සම්බන්ධ නොවී හිටියත් මට නිර්මාණ වලට ආරාධනා ලැබෙනවා. ඒත් මොකක් හරි හේතුවක් නිසා මට ගොඩක් හොද නිර්මාණ මගහැරුණා. ඇතැම් අවස්ථාවල මම හිටියේ පිට රට. නැත්තම් ඒ ලැබුණු නිර්මාණයට සම්බන්ධ වෙන්න බැරි හේතුවක් තියෙනවා. කොහොම නමුත් මට ලැබෙන්නේ නම් කලාත්මක හොද නිර්මාණ තමයි.

ඔය විදිහට නිහඩව ඉදලා රංගනයෙන් සමු ගන්නද හිතන්නේ..?
මම කාලයක් කිව්වා රගපාන්නේ නැහැ. රංගනයෙන් ඉවත් වුණා කියලා. එහෙම කියලා ආයෙමත් රගපෑවා. ඒ නිසා මම දැන් කියන්නේ නැහැ මම රංගනයෙන් අයින් වෙනවා කියලා. හොද නිර්මාණයක් ලැබුණොත් වගේම ඒ කාලෙ වෙනකොට  කැමැත්තක් තිබුණොත් රගපානවා.

ප්‍රතිචාර වලින් අඩුවක් වෙලා නැද්ද..?
එහෙම අඩුවක් දැනෙන්නේ නැහැ. මගතොටදී පවා දැකලා කතා කරන හිනාවෙන අය ඉන්නවා. රගපාන්නේ නැත්තේ ඇයි කියලා අහන අය ඉන්නවා. ඉස්සර ලියුම් එනවා වැඩියි. කෝල් කරන පිරිස වැඩියි. දැන් තාක්ෂණය දියුණු නිසා ඒ දේ වෙන්නේ නැහැ. නමුත් මාව හදුනාගන්නවා.

හොද නිර්මාණ ඔබෙන් ගිලිහි යද්දී ඔබට ලෝබකමක් දුකක් හිතිලා නැද්ද..?
මම පුංචි කාලේ ඉදලම රංගනයට සම්බන්ධ වුණු නිසා වෙන්න ඇති මට නිර්මාණවල අගයක් නැත්තේ. මම නිර්මාණ පස්සේ යන්නේ නැහැ.නමුත් පහුගිය කාලේ අතීතය දිහා හැරිලා බලද්දී මට හිතුණා මම මට ලැබුණු හොද අවස්ථාවලින් මම හරියට ප්‍රයෝජනය ගත්තේ නැහැ කියලා. එහෙම නොවී පුළුවන් තරම් මම නිර්මාණවලට සම්බන්ධ වුණා නම් කියලා හිතුණා. එහෙම හිතුණට ලොකුවට මම කම්පාවෙන්නේ නැහැ. මොකද මම භාර ගත්ත හැම නිර්මාණයක්ම මගේ චරිතයට උපරිම සාධාරණය කළ නිසා. කැපවීමෙන් චරිතය මම කළා. චරිතය අතපත ගෑවේ නැහැ.

ඔබ රංගනයට පිවිසෙන්නේ සහෝදරියන්ගේ රංගනය දැකලයි. මැණික් කුරුකුලසූරිය කියන චරිතය නිලියක් වෙන්නේ කාගේ වුවමනාවටද...?
මම තමයි ගෙදර බලයා.මගේ අක්කලා තුන්දෙනාම රගපෑවා. නිර්මාණ වල වැඩිපුරම රගපෑවේ ලොකු අක්කා. එයාලගේ ශුටින් වලට අම්මා එක්ක මාත් ගියා. මම එතකොට හරිම පුංචියි. මම කැමති වුණේ අක්කලා රගපානවා බලන්න මිස නිලියක් වෙන්න නෙමෙයි. නමුත් මටත් අවස්ථාව ලැබුණා. මම මුලින්ම රගපානකොට මට වයස අවුරුදු 14ක් විතර ඇති. මුලින්ම රගපෑවේ අහස්ගව්ව චිත්‍රපටියේ. මේ වනකොට චිත්‍රපටි 50ක් විතර කරලා තියෙනවා.

රූගත කිරීම් දැකලා තිබුණත් මුලින්ම කැමරාව ඉස්සරහා රගපාන්න ලැබෙද්දී බියක් දැනුණේ නැද්ද..?
නැහැ. වෙනසකට තිබුණේ මම රගපෑ එකනේ. මට බයක් දැනුනේ නැහැ. නමුත් ගොඩක් බාධා ආවා පාසලෙන් එහෙම.

තාත්තා කියන්නේ දුවණියකගේ මුල්ම ආදරේ වගේම මුල්ම ආරක්ෂකයා. ඔබේ පියා ඔබ රංගන ශිල්පිණියක් වෙනවට කොයි වගේ කැමත්තක්ද තිබුණේ..?
ඇත්තටම කිව්වොත් මම තාත්තාට බයයි.මට තවම මතකයි පුංචි කාලේ මම තාත්තාව දකිද්දී හැංගෙන හැටි. මට තාත්තාට කියලා කර ගන්න ඕන වැඩක් හෝ ඉල්ලීමක් අවසරයක් ගන්නේ අම්මා හරහා. ඒ තරම්ම තාත්තාට බයයි. ඒක තත්තාට දක්වපු ගෞරවය වෙන්න ඇති.

ඔබ සිනමා තිරයේ නිරන්තරයෙන්ම පෙම්වතිය විදිහට දකින්න ලැබුණේ. ඒ කාලේ ජනප්‍රිය නළුවෝ ආදරේ ඉල්ලගෙන ආවේ නැද්ද..?
මම රගපෑ හැම චිත්‍රපටියේම මගේ පෙම්වතාට හිටපු නළුවාට ආදරේ කළා. මට ආදරේ ලැබිලත්  තියෙනවා. නැත්තම් පෙම්වත් චරිතය රගපාන්න බැහැනේ. නමුත් සැබෑ ජීවිතයේදී නළුවන්ට ආදරේ කළෙත් නැහැ ආදරේ ලැබුවෙත් නැහැ. ඒ ආදරේ තිබුණේ කැමරාව ඉදිරියේ විතරයි.

ඒ කාලේ ශරීරය ආවරණය වෙන විලාසිතා බහුලව තිබුණත් අද තරම් එදා කතා බහට ලක් වුණේ නැහැ. මැණික් කියන්නෙත් විලාසිතා කරන කෙනෙක්ද..?
කාලයක් තිබුණා ගොඩක් කොටට අදින විලාසිතා. මමත් ඒ කාලේ කොටට ඇන්දා.කාලෙන් කාලෙට එන එක එක විලාසිතා කළා. අදටත් මම ලස්සනට පිළිවෙලට අදිනවා.

ඔබ තවමත් තරුණියක් වගේ ලස්සනයි. රූපය ලස්සනට තියා ගන්න මොනවාද කරන්නේ..?
මම කවදාවත් මුහුණට කිසිම ආලේපනයක් ක්‍රීම් වර්ගයක් භාවිතා කරන්නේ නැහැ.විශේෂයෙන් කියලා කිසිදෙයක් කරන්නේ නැහැ. නමුත් නිදහසේ ඉන්නවා. සතුටින්. ව්‍යායාම වත් කළේ නැහැ. මම ඒ කාලේ බැඩ්මින්ටන් ක්‍රීඩා කළා. ක්‍රියාශීලි දේවල් තමයි කළේ.

බොහෝ නිළියන් ගෙදරින් පිටට යන්නේ මේකප් එක්ක. ඔබත් එහෙමද..?
නැහැ. මම විශේෂ අවස්ථාවකට විතරයි මේකප් කරන්නේ. නැතිනම් ස්භාවික පෙනුමෙන් තමයි මම ඉන්නේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Poson Sandai - Chandrasena Hettiarachchi
Poson Sandai
Chandrasena Hettiarachchi
⤵  486 Downloads

Madu Mal Wahena - Sachin Chathuranga
Madu Mal Wahena
Sachin Chathuranga
⤵  2,902 Downloads

Netha Ridum Dei - Russel Fernando
Netha Ridum Dei
Russel Fernando
⤵  418 Downloads

Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  4,821 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  2,000 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  3,453 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  2,230 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  3,173 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  584 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  7,845 Downloads



Top 10 Commenters

Latest Comments

Top