Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
12
දුම්රිය සීසන් එකෙන් අධිවේගයේ නොමිලේ ගමන් පහසුකම්

- දුම්රිය සීසන් එකෙන් අධිවේගයේ නොමිලේ ගමන් පහසුකම්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21 Views
දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගෙන ඇති මගීන්ට, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල නොමිලේ ගමන් කිරීමට පහසුකම් සලසා දී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සදහන් කළේ දුම්රිය වර්ජනය හේතුවෙන් මගී ජනතාවට මුහුණපෑමට සිදුව ඇති අපහසුතාවය සලකා බලමින් අදාළ ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.

මීට අමතරව, දුම්රිය වාර ප්‍රවේශපත්‍රය මගින් ඕනෑම අධිවේගී මාර්ගයක ගමන් කරන ලංගම බස් රථවල ද ගමන් කළ හැකි බවයි ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර මේවනවිට ක්‍රියාත්මක දුම්රිය වර්ජනයෙන් සිදුවන අපහසුතා වලක්වාලීමට සියලු ලංගම සේවක නිවාඩු අවලංගු කළ බව ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

මේ අතර ඊයේ දිනයේ හදිසියේ දියත් කෙරුණ දුම්රිය වර්ජනය නිසා දුම්රිය මගින් දැඩි අපහසුතාවට පත් වූ අතර එම මගීන් යළි සිය නිවෙස් කරා යන්නේ කෙසේදැයි කිසිවෙකුත් වගකීම භාරගනු දක්නට ලැබුනේ නැහැ.

දුම්රිය වාර ප්‍රවේශපත් ඇති මගින් විකල්පයක් නොමැතිව කොටුව දුම්රියපළේ රැස්ව විරෝධය පළ කරද්දී පොලිසිය කළේ ඔවුන්ව ඉවත් කිරීමයි.

නිවෙස් බලා නොමිලේ යාමට බස් රථ සුදානම් කර ඇති බව පොලිසිය පැවසුවත් ඒ ගැන සහතිකයක් හෝ එය සිදුවනවාද යන්න සොයා බැලීමක් සිදු කරන්නට බලධාරියෙක් සිටියේ නැහැ.

කෙසේවෙතත් වර්ජනය පැවතුනද දුම්රිය කිහිපයක් මේ වනවිට ධාවනය වෙමින් පවතින බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ මාතර සිට කොළඹ දක්වාත්, අවිස්සාවේල්ල සිට කොළඹ දක්වාත්, පොල්ගහවෙල සහ මහව සිට කාර්යාල දුම්රිය කොළඹ දක්වා ධාවනය වන බවයි.

දුම්රිය එන්ජින් රියදුරු සහයකයින් බඳවා ගැනීමේ පරිපාටිය සංශෝධනය නොකිරීම හේතුවෙන් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය ඊයේ රාත්‍රියේ හදිසි වර්ජනයක් ආරම්භ කළ අතර, ඊට දුම්රිය නියාමකවරුන්ගේද සහය හිමිවුණා.

කෙසේ වෙතත් හැකි පරිදි දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බවයි දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top