ශ්‍රී ලංකාවේ වගේම ඉන්දියාවේත් දිනෙන් දින රිය අනතුරු සිදු වෙනවා. ඒ වගේම ඒ අනතුරු වලින් මිය යන හෝ ආබාධයට ලක් වන්නන් ඉහල යනවා. මෙහෙම වෙන්නේ නොසැලකිල්ල නිසයි.
ඒ නොසැලකිල්ල හරි අපුරු ඡයා රූපයකින් පොලිස් නිලධාරියෙක් පෙන්වා දෙන්නේ සටහනකුත් සමගයි. මේ අපේ රටේ සිදුවීමක් නොවුණත් මේ රූපය හා සටහන අන්තර්ජාලය පුරා සැරිසරනවා.
මෝටර් බයිසිකලයක හිස් ආවරණ නැතිව සිය පවුලක් යන දර්ශනයක් දුටුව පොලිස් නිලධාරියෙක් මෝටර් බයිසිකලය ඉදිරියට ගිහින් දෑත් නළලේ තියලා වදිනවා. මේ ඡයා රූපය එක් ඉන්දීය පොලිස් නිලධාරියෙක් සටහන් තබන්නේ
" ඔහුට මොනවාද වෙන කරන්න පුළුවන්..අපිට හැමවෙලේම තේරීමක් තියෙනවා..වඩාත් ආරක්‍ෂිත තෝරාගැනීම කරන්න.." යනුවෙන්.