Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
12
අධිකරණයට අපහාස කළ රංජන්ට නොතීසි - Video

- අධිකරණයට අපහාස කළ රංජන්ට නොතීසි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,043 Views
අධිකරණයට අපහාස කළ බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රමාණයකට එරෙහිව ගොනුකර ඇති පෙත්සම අද(12) සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට මේ මස 25 වන දා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කළා.

අධිකරණයට අපහාස කළ බවට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව ගොනු කර ඇති පැමිණිලි දෙක අද (12) වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය කලින් දින නියම කළා.

ඒ අදාළ පැමිණිලි  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

මෙම පැමිණිලි ගොනු කර තිබුණේ බොදුබල සේනා සංවිධානයේ සාමාජික පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික රණවිරුවෙකු විසින්. පසුගිය අගෝස්තු 21 වන දින නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අධිකරණයට හා නීතීඥයන් අපහාස සිදුවන ආකාරයෙන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ සිදුකර ඇති බවටයි පෙත්සම්කරුවන් මෙහිදී පැමිණිලි කර ඇත්තේ.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහා සංඝ රත්නයට, විනිසුරුවරුන්ට සහ නීතීඥවරුන්ට චෝදනා කරමින් ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද විවිධ අදහස් පළ වුණා.

අස්ගිරි පාර්ශවයේ මහ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් මහනුවරදී ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේ මෙලෙසින්.

‘‘ආගම්වලට නින්දා අපහාස කරන, කිසිදු විචාරයක් නැතිව හැසිරෙන ඒ සමාජ ද්‍රෝහී පුද්ගලයන් දේශපාලනය තුළට ගෙන ඒම පක්ෂ නායකයන් සිදුකරන වරදක්. අපි ජනතාවට සිහිපත් කරන්නේ පක්ෂ නායකයන්ට සිහිපත් කරන්නේ, මෙවැනි බුදුදහමට, වෙනත් ආගම්වලට, ජාතිකත්වයට නින්දා අපහාස කරන පුද්ගලයන් සමාජයේ ඉහළ තනතුරුවලට, නැත්නම් මහජන නියෝජිතත්වයට පත් කිරීමෙන් වැළකී සිටින ලෙසයි. ’’

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අද පැවති පෙත්සම් විභාගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ භික්ෂූන් වහන්සේලාට අපහාස කිරීමට සූදානම් නොවන ලෙස නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට දැනුම්දෙන බවයි.

‘‘සද්ද විද්ද පලඟ පතිර අඹකුමාරගේ රංජන් රාමනායක. අපි ඔහුට මතක් කරන්නට ඕන. දිගින් දිගටම භික්ෂූණ් වහන්සේලා ඉලක්ක කරගෙන දැඩි ලෙස අපහාසාත්මක විදියකට කටයුතු කරනවා. කතා කරනවා. ඒක නිසා සිල් රෙදි සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒක බෞද්ධ ජනසමාජයේ ප්‍රශ්නයක්. ඒ, බෞද්ධ ජනසමාජයේ ප්‍රශ්නවලට රංජන් රාමනායක කියන අන්‍යාගමික දේශපාලනඥයා ඒවට මැදිහත් නොවිය යුතුයි. භික්ෂූණ් වහන්සේලා ඊඵඋ එකකින් යනවද, නැවකින් යනවද කියන අදාළ වෙන්නේ නෑ. මොකද හේතුව ඒක බෞද්ධ ජනසමාජයේ ඉන්න බෞද්ධයන් විසින් පරිත්‍යාග කරන දේවල්වලින් තමයි භික්ෂූණ් වහන්සේලා ඒ ගමන් බිමන් යන යාන වාහන තීරණය වෙන්නේ. ඒක නිසාවෙන් රංජන් රාමනායකට අපි මතක් කරනවා, අනවශ්‍ය ගොන් පාට් දාලා භික්ෂූණ් වහන්සේලාට තරවටු කරන්න, භික්ෂූණ් වහන්සේලාට අපහාස කරන්න ලෑස්ති වෙන්න එපා. ’’

පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත අදහස් දැක්වූයේ මෙලෙසින්.

"අහෝ ඉරකි, තිතකි....තිත් ගොඩකි......යහපාලන ආණ්ඩුව ජරාවකි. අද වෙනකොට යහපාලන ආණ්ඩුවේ සිටින ඇමතීන්ට සංඝරත්නය ඇලජික් වෙලා. ඒ නිසා තමයි අපේ මහා සංඝරත්නයට අපහාස කරන්නේ, නින්දා කරන්නේ, විවිධ චෝදනා කරන්නේ මේ යහපාලන ආණ්ඩුවේ ඉන්න බයිස්කෝප්කාරයා. මේ යහපාලන ආණ්ඩුවේ අවසානය තමයි මේ ගෙවාගෙන යන්නේ. මෙවැනි ප්‍රකාශ කරන්නේ පැහැදිලිවම ආගමක් ජාතියක් නැති මහ පාපතර දේශපාලන නායකයෝ හැටියටයි අපි මේ අයව දකින්නේ. අගමැතිතුමාට කියනවා මේ බුරන බල්ලෝ ඉතා ඉක්මනින් කට වැහුවේ නැති වුනොත්, මේ සමස්ත රටේ ඉන්න ජනතාව මුන්ගේ කටවල් කපන දවස වැඩි ඈතක නෑ කියන පණිවුඩය දෙනවා".

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද අදහස් දක්වා සිටියා.

‘‘අපි දැක්කා ඊයේ රන්ජන් රාමනායක අපේ සහෝදර ඇමතිතුමා මහා සංඝරත්නය දැඩි සේ විවේචනය කරනවා. ආගමික නායකයෝ දැඩි සේ විවේචනය කරනවා. නීතිඥවරුන්ගේ සංගමය, නීතිඥවරුන්, විනිසුරුවන් දැඩි සේ විවේචනය කරනවා විතරක් නෙවෙයි, නීතිඥ සංගමයට අභියෝග කරනවා පුළුවන් නම් මාව නඩු දාලා හිරේ දාන්නෙයි කියලා. ඉතිං අද මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු නීතිය අතට අරගෙන. ඕක තමයි වෙන්නේ ගරු අගමැතිතුමා පසුපෙල මන්ත්‍රීවරු ගෙනල්ලා නීතිපතිට බැන්නුවාම මේ පසුපෙල මන්ත්‍රීවරු නීතියට තියෙන, අධිකරණයට තියෙන ගෞරවය නැතිවෙනවා. ඉතිං අද වෙලා තියෙන්නේ මොකක්ද ඇමතිවරු ආගමික නායකයන්ට බනින්න පටන් අරගෙන, අධිකරණයට බනින්න පටන් අරගෙන, විනිසුරුවන්ට පෞද්ගලිකව නම කියලා බනින්න පටන් අරගෙන, නීතිඥවරුන්ට බනින්න පටන් අරගෙන. ’’

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ද අදහස් දක්වා සිටියා.

‘‘මේ රටේ අති පූජණීයවූත්, වන්දනීයවූත් මහා සංඝරත්නයෙන් සමාව අයැද සිටිනවා, ඒ වගේ පහත් ප්‍රකාශයක් රංජන් රාමනායක අමාත්‍යවරයා කතෝලිකයෙකු හැටියට කිරීම සම්බන්ධයෙන්. එක පැත්තකින් විනිසුරුවරුන්ට බැන්නා, තව පැත්තකින් නීතිඥවරුන්ට බැන්නා, තව පැත්තකින් ස්වාමීන් වහන්සේලාට බැන්නා. ඒ අය කන බොන හැටි කියලා බැන්නා. ඒ අය වාහන පදින එක ගැන කියලා බැන්නා. මං හිතන්නේ එතුමා මේ සමාජය ගැන වෛරයකින් පසුවෙන්නේ. ඒ ගැන අපිට පුදුම වෙන්න දෙයක් නෑ.’’



Make a Comment
Make a Comment






Recent Gossip Post




Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  1,505 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  7,995 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  1,446 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,137 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  380 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  3,230 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  9,298 Downloads

Duras Wee Oya - Saman Jayasingha
Duras Wee Oya
Saman Jayasingha
⤵  1,705 Downloads

Eth Wela Innam - Viduranga Jayasekara
Eth Wela Innam
Viduranga Jayasekara
⤵  4,677 Downloads

Maaya - Jo Fonseka
Maaya
Jo Fonseka
⤵  1,451 Downloads



Top 10 Commenters

Latest Comments

Top