Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
"ඔහු මාව හම්බෙන්න එද්දී මම ප්‍රෙග්නන්ට්.. මට මතකයි එදා ඔහු මගේ දිහා බලලා කිව්වා "අවුට් ඔෆ් ෂේප්" නේ කියලා.."

- "ඔහු මාව හම්බෙන්න එද්දී මම ප්‍රෙග්නන්ට්.. මට මතකයි එදා ඔහු මගේ දිහා බලලා කිව්වා "අවුට් ඔෆ් ෂේප්" නේ කියලා.."Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

76,841 Views
"ඉස්සර කරපු දේවල් දැන් මට කරන්න අමාරුයි.."

"මගේ ජීවිතේ ඒ දවස් නම් කවදාවත්ම අමතක වෙන්නේ නැහැ..."

"මොකද විවාහ වුණාට පස්සේ මට ආසාව තිබුණේ දරුවෝ ලබන්න.."

ළමා  කාලයේම කලාවට සම්බන්ධ වෙලා වයස්ගත වෙනතුරුම ඒ කලාව මත රැදෙන කලාකරුවන් දකින්න ලැබෙන්නේ කලාතුරකි. අයිරාංගනී සේරසිංහයන් කියන්නෙත් එහෙම චරිතයක්. දශක ගණනාවක් පුරා එක සේ ජනප්‍රියත්වය රදවාගත් ඇය රංගනයෙන් පුර්ණ වූ රංගන ශිල්පිණියක් කිව්වොත් හරි.පුංචි තිරයේ අත්තම්මා ගැන පුවත්පතක සදහන් වූ ලිපියක් මේ.

මේ දිනවල වැඩියෙන්ම කාලය ගතකරන්නේ ගෙදරද?
ඔව්. දැන් නම් මුළු දවසෙම ගෙදර ඉන්න තමයි මම කැමති. ඉස්සර කරපු දේවල් දැන් මට කරන්න අමාරුයි. මොකද ඇඟට ඉක්මණට වෙහෙස දැනෙනවා.

රංගනයට ආව  මුල්ම කාලය මතක් කළොත්?
පාසල් වේදිකාව හරහා තමා මම මුලින්ම එන්නේ. මම පාසල් වේදිකාවේ රංගනයක් මුලින්ම ඉදිරිපත් කරද්දී මට යන්තම් අවුරුදු හයක් විතර ඇති. එදා මම ඇඳගෙන හිටපු ඇඳුම පවා මට අදටත් මතකයි. ඒ වගේම තමා ඒ පටන්ගැන්ම දිගටම තිබ්බා වාර්ෂික ප්‍රසංගවලදී නාට්‍යයන් සඳහා අනිවාර්යයෙන්ම මම ඉදිරිපත් වුණා.

අපි පාසැල ගැනත් මතක් කරමු?
මම මුලින්ම ගියේ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට. ඊට පස්සේ කොළඹ බිෂොප් විද්‍යාලයේත් මම ඉගෙන ගත්තා. අන්තිමට මම ගියේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයට. ඊට පස්සේ මම විශ්ව විද්‍යාලයට තේරුණා. මුලින්ම නම් අප්පච්චි කැමති වුණේ නැහැ මාව විශ්ව විද්‍යාලයට යවන්න. පස්සේ කොහොම හරි මම කැමැත්ත ගත්තා. විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණාට පස්සෙත් රඟපෑමේ හැකියාව පෙන්වන්න විශ්වවිද්‍යාලයේ වේදිකා නාට්‍යයන් හරහා අවස්ථාව ලැබුණා. මට මතකයි මම හිටිය අවුරුදු තුනේම ඉංග්‍රීසි නාට්‍ය හැම එකකම වගේ මමත් රඟපෑවා.  

නාට්‍යවල ඉන්නවට ගෙදරින් විරුද්ධ වුණේ නැද්ද?
නැහැ. ඒවාට ගෙදරින් මුකුත්ම කිව්වේ නැහැ.  

එතකොට මුලින්ම සිනමාවට ආවේ?
මම මුලින්ම රඟපෑවේ වාර්තා චිත්‍රපටයක. ඒකත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේම අධ්‍යක්ෂණයක්. ඒ චිත්‍රපටයේ නම බී සේෆ් ඕ බී සොරි (පරස්සම් වෙන්න නැත්නම් කනගාටු වෙන්න). මම ඒකෙ රඟපෑවේ කාන්තා රියැදුරු චරිතයක්. ඊට පස්සේ තමා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ රේඛාව චිත්‍රපටයට මට අවස්ථාව ලැබෙන්නේ. මගේ ජීවිතේ ඒ දවස් නම් කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. ඒ වෙද්දී  චිත්‍රාගාරය තුළ තමයි චිත්‍රපට කළේ. නමුත් රේඛාව චිත්‍රපටය රූගත කළේ ඒ පසුතල  සියල්ල තාත්වික හා ජීවමාන අයුරින් ස්වාභාවික පරිසරය තුළ රූපගත කරමින්. ඒ නිසා මටත් ඒ චිත්‍රපටය තුළ රඟපාන්න ලැබීම මම ලද වාසනාවක් විදියටයි දකින්නේ.

කොහොමද ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා හඳුනාගන්නේ?
මට මුලින්ම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා හමුවුණේ එංගලන්තයේදී. ඒ කාලේ මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව ටික කාලයක් එංගලන්තයේ පදිංචි වෙලා නාට්‍ය පිළිබඳ හැදෑරීම් කරපු කාලයක්. එංගලන්තයේ බ්‍රිස්ටල් ඕල්ඩ් වීක් තියටර් ස්කූල් හා සෙන්ට්‍රල් ස්කූල් ඔෆ් ස්පීච් ට්‍රේනිං ඇන්ඩ් ඩ්‍රැමටික් ආට් තුළින් මම රංග කලාව හැදෑරුවා. ඔය අතරතුර තමා මට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා හමුවුණේ.  

එතැනින් පස්සේ?
ඊට පස්සේ සංදේශය චිත්‍රපටයේ රඟපෑවා. ඒකෙ මට තිබ්බේ බිත්තර වෙළෙන්දියක සේ පෙනී සිටිමින් සංදේශය රැගෙන යන ගැහැනියක ලෙස රඟපාන්න. ගම්පෙරළිය චිත්‍රපටයේ මාතර හාමිනේගේ චරිතය රඟපෑමටත් මාව ගන්න තමා ලෙස්ටර් මහතාගේ හිතේ තිබ්බේ. ඒ වෙනුවෙන් මාව හම්බෙන්න එද්දී මට පුතා ලැබෙන්න ඇවිත්. මට මතකයි එදා ලෙස්ටර් ජේම්ස් පීරිස් මගේ දිහා බලලා අවුට් ඔෆ් ෂේප් නේ කීවා. ඊට පස්සේ තමා ඒ චරිතයට ශාන්ති ලේඛාව තෝරා ගෙන තිබ්බේ.

ඒ ගැන දුකක් තියෙනවාද?
අනේ නැහැ. පොඩ්ඩක්වත් මම දුක් වෙන්නේ නැහැ. මොකද විවාහ වුණාට පස්සේ මට ආසාව තිබුණේ දරුවෝ ලබන්න. හැබැයි විවාහ වුණා කියලවත් දරුවෝ ලැබුණා කියලවත් මගේ ජීවිතෙන් රංගනය ඈත් වුණේ නැහැ. ඒ වගේම තමා මට රඟපාන්න එපා කියලා තහංචි දැම්මෙත් නැහැ. මම දෙළොවක් අතර, රන්සළු, ඔබ දුටුදා, බක්මහ දීගේ, වෙසතුරු සිරිත වගේ තවත් සිනමාපට කීපයකම රඟපෑවා.

‘සම්ප්‍රදායික මව් චරිතයෙන් බැහැරව චරිත ලැබුණු නිර්මාණ මොනවාද?
සාගරයක් මැද, දඩයම, සුදු කළු සහ අළු, මචං වගේ චිත්‍රපටවල මම සාම්ප්‍රදායික මව් චරිතයෙන් බැහැරව තමා මට චරිත ලැබුණේ.

රංගන දායකත්වය ලබාදුන් විදෙස් නිර්මාණ ගැන මතක් කළොත්?
ඔව්. ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම්, වෝටර් වැනි  චිත්‍රපටවල මම රඟපෑවා.

තවමත් ඔබ කලාව අත්හැර නැහැ නේද?
ඔව්. අදටත් මට කතා කරන දේවල් වලට මම යන්නේ රඟපෑම මගේ ආසාව නිසා.  අනික ගෙදරටම වෙලා හිටියොත් මට ලෙඩ වැඩි වෙනවා. ඒ නිසා මට ඔය කතා කරන මට දැන් කරන්න පුළුවන් කියලා හිතෙන පුංචි පුංචි වැඩවලට විතරක් යනවා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Aralu Buralu - Dinesh K
Aralu Buralu
Dinesh K
⤵  344 Downloads

Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  1,175 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  1,041 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  3,138 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  5,408 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  4,231 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  10,137 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,721 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  6,235 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,917 Downloads



Top 10 Commenters

Latest Comments

Top