Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
නාමල් ඇතුළු පිරිස බන්ධනාගාරයට රැගෙන යද්දී ටයර් පුළුස්සා පාර මැද සිදුවූ දේ මෙන්න - Video

- නාමල් ඇතුළු පිරිස බන්ධනාගාරයට රැගෙන යද්දී ටයර් පුළුස්සා පාර මැද සිදුවූ දේ මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,286 Views
හම්බන්තොට පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට සහභාගිවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 6 දෙනා මේ මස 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔවුන් ඊයේ රාත්‍රියේ හම්බන්තොට මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු මංජුල කරුණාරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.


නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අමතරව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී.වී. චානක, ප්‍රසන්න රණවීර, පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සම්පත් අතුකෝරළ සහ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න යන අයයි.

පොලීසිය කලින් සිදුකරන ලද දැනුම් දීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ පස්වරුවේ හම්බන්තොට මූලස්ථාන පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස මොවුන්ට දැනුම් දී තිබුණත් ඔවුන් එහි පැමිණියේ රාත්‍රී කාලයේයි.

ඉන් අනතුරුවයි ප්‍රකාශයක් ලබාගෙන මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ.  

මත්තල ගුවන් තොටුපළ දීර්ඝ කාලීන බදු පදනම යටතේ ඉන්දියාවට පැවරීමට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය විරෝධතාවයේ නිරත වූයේ පසුගිය 6 වන දායි.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 28 දෙනෙකු එදිනම අත්අඩංගුවට ගෙන මේ මස 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එමෙන්ම තවත් පුද්ගලයින් 5 දෙනෙකු ඊයේ දිනයේ දී මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු අතර ඉන් 4 දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.

නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට ඊයේ දිනයේදී පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද එදින සහභාගි විය නොහැකි බව දන්වා පෙරේදා ප්‍රකාශයක් ලබාදීම සදහා නාමල් රාජපක්ෂ හම්බන්තොට මූලස්ථාන පොලීසියට පැමිණ තිබුණා.

ඒ අනුව ලබන 25 වන දායින් පසු දිනකදී ප්‍රකාශයක් ලබාදීම සඳහා දිනයක් ලබාදීමට පොලීසිය එදින පෙරවරුවේ මන්ත්‍රීවරයාට එකඟතාවය පළ කර තිබුණා.

නැවත පසුගිය 9 වන දා රාත්‍රියේදී හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් තමන්ට ඊයේ දිනයේ පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම් දුන් බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ.

නීතිවිරෝධී ජන රාශිය, පොදු දේපළ සදහා අනර්ථය සිදුකිරීම, පොලිස් නිලධාරීන්ට තුවාල සිදුකිරීම, රාජකාරියට බාධා කිරීම, අධිකරණ නියෝග කඩ කිරීම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු සෙසු පිරිසට එල්ල වන චෝදනායි.

විරෝධතාවයට පෙර හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂට සහ ඞී.වී. චානකට හම්බන්තොට අධිකරණ බලසීමාව තුළ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය සිදු නොකරන ලෙසට තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණා.  
 
කෙසේ වෙතත්, රිමාන්ඩ් කෙරුණු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු සෙසු පිරිස රැගත් බන්ධනාගාර බස් රථයට තංගල්ලට යාමට නොහැකි වන පරිදි පිරිසක් හම්බන්තොට ගුවන් පාලම ආසන්නයේ මාර්ගය මැද ටයර් පුළුස්සා තිබුනා.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණ ගිනි ගනිමින් තිබූ ටයර් මාර්ගයෙන් ඉවත් කර බන්ධනාගාර බස් රථයට යාමට ඉඩ සලස්වා ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  10,450 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  3,625 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,973 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  2,749 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  1,356 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  4,333 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  3,294 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  8,180 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  895 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,509 Downloads



Top 10 Commenters

Latest Comments

Top