Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
සරසවි සිසුන් 13 ක් රෝහල් ගත කළ සයිටම් අරගලය - Video

- සරසවි සිසුන් 13 ක් රෝහල් ගත කළ සයිටම් අරගලය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,588 Views
මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස රජයට බලකරමින් කොළඹදී ඊයේ (10) පැවති විරෝධතා පාගමනට පොලීසිය කොල්ලුපිටිය මංසන්ධියේදී ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කලා.

මෙහිදී විශ්වවිද්‍යාල සිසුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, තුවාල ලැබූ සිසුන් 13 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

ඉන් දෙදෙනෙකු ගැහැණු ළමයින් වන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මාළඹේ සයිටම් ආයතනය වහාම අහෝසිකරන ලෙස රජයට බලකරමින් සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය සංවිධානය කර තිබූ මෙම පාගමන කොළඹ ලිප්ටන් වටරවුම ආසන්නයෙන් ඊයේ (10) පස්වරු 2.00 කට පමණ ආරම්භ වුනා.

මෙම විරෝධතා පාගමන සදහා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂුබල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය හා දේශපාලන පක්ෂ ඇතුළු වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයන්ද එක්ව සිටියා.

විරෝධතා පාගමන පිළිබදව පොලීසිය අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය පාගමන සදහා තහනම් නියෝගයක් නිකුත් කර තිබුනා.

ඒ, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු වීරසේකර, අන්තර් විශ්වවිද්‍යාලිය භික්ෂුබල මණ්ඩලයේ කැදවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ වැඩබලන කැදවුම්කරු සුසිත ප්‍රියංකර යන අය වෙත ජනාධිපති ලේකම් කාර්යාලය හෝ රාජ්‍ය ආයතනවලට ඇතුළුවීම තහනම් කරමින්.

පාගමන තුංමුල්ල මංසන්ධිය පසුකරමින් ගාළුපාර ඔස්සේ කොල්ලුපිටිය දෙසට පැමිණෙන විට කොල්ලුපිටියේ සිට ගාලු මුවදොර දක්වා මාර්ගය පොලිසිය වසාදමා තිබුනා.

විරෝධතාකරුවන් කොල්ලුපිටිය මංසන්ධියේ දමාතිබූ මාර්ගබාධක පසුකරයෑමට උත්සහ කිරීමේදී පොලීසිය විරෝධතාකරුවන්ට ජල හා කදුළුගෑස් ප්‍රහාරයක් එල්ලකලා.

මෙහිදී තුවාල ලැබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා ඇතුළු පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා. 






-------------------------------------------------------
සයිටම් විරෝධී උද්ඝෝෂණයට පොලිසිය අද(10) කොල්ලුපිටියේ දී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් බව ඊට එක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ පළමුව කඳුළු ගෑස් ගසා පසුව ජල කදම්බ ප්‍රහාර එල්ල කළ බවයි.

මෙය මානව හිමිකම් උල්ලංඝනය වීමක් බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර සයිටම් විරෝධතා පා ගමන හේතුවෙන් සුලු තුවාල ලැබූ සිසුන් 12 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඉන් දෙදෙනෙකු ගැහැණු ළමයින් වන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම සිද්ධියෙන් තුවාල ලැබූ මාධ්‍යවේදියෙකු ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  13,713 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  7,783 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,344 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,653 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,512 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,727 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,551 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  590 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,304 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,438 Downloads



Top 10 Commenters

Latest Comments

Top