Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
නාමල්ගේ සුරූපී ලේකම් අද උදේ කටුනායකදී අත්අඩංගුවට. පැය කිහිපයකින් ඇයට අධිකරණයෙන් ඇප. - Video

- නාමල්ගේ සුරූපී ලේකම් අද උදේ කටුනායකදී අත්අඩංගුවට. පැය කිහිපයකින් ඇයට අධිකරණයෙන් ඇප. - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,163 Views
කටුනායක ගුවන් තොටුපළේදී අද අලුයම අත්අඩංගුවට ගනු ලැබු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත් ගවර්ස් කෝපරේෂන් ආයතනයේ අධ්‍යක්ෂවරියක වන ඕනෙලා ඉරේෂා ද සිල්වාට කොළඹ මහාධිකරණය ඇප ලබා දී තිබෙනවා.

අබුඩාබියේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඇය අත්අඩංගුවට ගත් බවයි ආගමන විගමන පාලකවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මීට පෙර ඇය අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය වරෙන්තු ද නිකුත් කර තිබුණා.

ඉරේෂා ද සිල්වා, අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහාය ඉල්ලා සිටි අතර, ඒ අනුව අබුඩාබියේදී ඇය අත්අඩංගුවට ගෙන පිටුවහල් කර තිබෙනවා.

ආගමන විගමන නිලධාරීන් ඇය අත්අඩංගුවටගෙන මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසයට බාර දුන්නා.

2013 ඔක්තොබර් පළමු වැනිදාත් 2014 අගෝස්තු 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගණුදෙණුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශුද්ධීකරණ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා  එකොළහක්  යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබෙනවා.

ඇයගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාරදීමට නියෝග කෙරුණා.

එමෙන්ම සෑම මසකම අවසන් ඉරිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කර තිබෙනවා.

ලබන පෙබරවාරි 16 සහ 20 යන දිනයන්හී නැවත නඩුව විභාග කෙරෙන බවද කොටුව මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ දැනුම් දෙනු ලැබුවා.

නීතිපතිවරයා ඇප ඉල්ලීමට විරුද්ධ නොවූ බවද සඳහන්.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  13,712 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  7,781 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,344 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,653 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,512 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,727 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,551 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  590 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,304 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,438 Downloads



Top 10 Commenters

Latest Comments

Top