කලු ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙකු බෙල්ල ඇල්ලුවලු...
20 දෙනෙකු ආවේශ වෙලා..
හැටන් නොර්වුඩි ප්‍රදේශයේ පෞද්ගලික ඇගලූමි කර්මාන්ත ශාලාවක සේවිකාවන් පිරිසක් හදිසියේ අසනීප වූ පුවතක් (09) ඊයේ වාර්තා වුණා.
කෙසේ වෙතත් අද උදෑසනද සේවිකාවක් කිහිප දෙනෙකු යළිත් උමතුවෙන් මෙන් හැසිරීම හේතුවෙන් ඇඟලුම් ශාලාවත තුල සිටි සෙසු සේවිකාවන් භීතියට පත්ව තිබෙනවා.
එම ඇගලූමි කර්මාන්ත ශාලාවේ සේවිකාවන් විසිදෙනෙකු පමණ ආවේශ වී උමතුවෙන් මෙන් එම කර්මාන්ත ශාලාව තුල හැසිරි කෑගැසිම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබුණා.
තවත් සේවිකාවක් පවසා ඇත්තේ තමන්ගේ බෙල්ල ප්‍රදේශය කලු ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙකු විසින් ඇල්ලූ බවයි.
පසුව මේ සිද්ධිය පිළිබඳව කර්මාන්ත ශාලාවේ නිලධාරීන් විසින් නෝර්වුඩ් පොලිසියටද දැනුම් දී තිබුණා. අනතුරුව පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා ඇති අතර දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් පැමිණ සේවිකාවන්ව පරීක්ෂා කර තිබුණා.
එහිදි උමතුවෙන් සිටි පිරිස පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔවුන්ගේ ශරීරය තුළ කිසිදු රෝගී තත්ත්වයක් නැති බවත් ඔවුන්ව මානසික වෛද්‍යවරයෙකු හමුවට පමුණුවන ලෙසත්ය.
මේ අතර සේවක සේවිකාවන් පවසන්නේ තම ආයතනය තුළ පැවැත්විය යුතු දේව පූජාවන් කිහිපයක් පාලනාධිකාරිය විසින් අතපසු කිරීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගතව ඇති බවයි.
ඉකුත් ඔක්තෝබර් 4 වැනිදා එම ඇගලූමි කර්මාන්ත ශාලාවේ සේවිකාවන් 245 දෙනෙකකු පමණ හදිසියේ රෝගාතුර වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් කරන ලද මූලික පරීක්ෂණවලදි අනාවරණ වී ඇත්තේ එම කර්මාන්ත ශාලාව තුළ නිසි පරිදි ප්‍රමාණවත් වාතාශ්‍රය නොලැබීම නිසා ඔවුන් රෝගාතුර වී ඇති බවයි.