Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
"හැම ප්‍රශ්නයක්ම අවසන් කරලා නිළියවම විවාහ කරගන්නවා කියන දැඩි තීරණය තුළ තමයි දසුන් හිටියේ.."

- "හැම ප්‍රශ්නයක්ම අවසන් කරලා නිළියවම විවාහ කරගන්නවා කියන දැඩි තීරණය තුළ තමයි දසුන් හිටියේ.."Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

63,211 Views
"දසුන් කිව්වේ තමන්ට ඒ නිළිය නැතුව බැහැ කියලයි.."

"අන්තිම රැ කෑම එක අපි තුන්දෙනා බෙදා ගෙන කෑවා.."
 
දසුන් නිශාන් නිට්ටඹුවේ. සංගීත් ප්‍රභූ අනුරාධපුරේ. සාලින්ද රත්නායක මොනරාගල. මේ තුන්දෙනාම කොළඹ එන්නේ කලාකරුවෙක් වෙන හීනය එක්ක. ඒ නිසා මේ යාළුවෝ තුන්දෙනා කොළඹ ඇවිත් ජීවත් වුණේ කොට්ටාවේ කුලී නිවසක. ජිවිතේ බොහෝ දේවල් බෙදා ගත්ත මේ තුන්දෙනා අද දෙන්නෙක් වෙලා.

ඒ හැමෝම ආදරය කළ දසුන් නිශාන් දැන් ජිවතුන් අතර නැති නිසා.දසුන්ගේ අන්තිම මොහොත වෙනකල් හිටි ඒ යාළුවෝ දෙන්නා දසුන් ගැන පුවත්පතකට කතා කරලා තිබුණේ මේ විදිහටයි.
 
- සංගීත් ප්‍රභූ
 
දසුන් අයියාව අඳුන ගන්න ලැබුණේ සාලින්ද අයියා හරහා. පස්සේ අපි තුන්දෙනා එක ගෙදරක පදිංචියට ආවා. හරිම පිළිවෙළකට පිරිසිදුව ඉන්න කැමති කෙනෙක් තමයි දසුන් අයියා. මම පිළිවෙළක් නැතුව ගත්තු දේවල් තැන තැන දාලා ඉන්න නිසා දසුන් අයියගෙන් බැණුම් අහලත් තියෙනවා. හැබැයි ඒ විදියට බණින්නේ හිතේ කහටක් තියාගෙන නොවෙයි. එයා හරිම මිත්‍රශීලි කෙනෙක්. දසුන් අයියට හරි පුළුල් දැකීමක් තිබුණේ. අපිට ප්‍රශ්නයක් වුණත් කතා කරන්නේ එයත් එක්කයි. අපේ ප්‍රශ්නවලට විසඳුම් දෙන දසුන් අයියා මෙහෙම දෙයක් කරගැනීම හිතාගන්නවත් බැහැ. දසුන් අයියා බැඳලා බව නම් මම දැනගෙන හිටියා.

හැබැයි ඔය නිළියත් එක්ක තියෙන සම්බන්ධය ගැන වැඩි විස්තර මම දැනගෙන හිටියේ නැහැ. දසුන් අයියයි, සාලින්ද අයියයි යාළුවෝ විදියට ප්‍රශ්න කතාකළාට ඒ දෙන්නා මට සැලකුවේ මල්ලි කෙනෙකුට වගේ. මට එයාලගේ ප්‍රශ්න කිව්වේ නැහැ. මිය යන්න කලින් දවසේ අපි රෑ කෑම කෑවේ එකට. පහුවදා පාන්දර සාලින්ද අයියා ගියා. මමත් 8ට විතර ෂූටිං ගියා. මම යද්දී දසුන් අයියා නැගිටලා හිටියේ. මම අල්මාරියක් ගෙන්නන්න ඕඩරයක් දීලා තිබුණා. එදා දවල් ඒක ගෙනෙනවා කියලා ඒ අය කිව්වා. ඒක ගෙනාවොත් භාර ගන්න කියලා දසුන් අයියට මම කිව්වා. ඊට පස්සේ මම ගියා. දවල් කෝල් කරලා අල්මාරිය ගෙනාවද ඇහුවාම තවම නෑ ගෙනාවොත් භාර ගන්නම් කියලා දසුන් අයියා කිව්වා. ඊට පැය භාගෙට විතර ආයෙම මම දසුන් අයියට කෝල් කළේ අල්මාරිය ගෙනාවද අහන්න. දිගින් දිගටම කෝල් කළත් දසුන් අයියා ෆෝන් එක ඉස්සුවේ නැහැ. ඒ වෙනකොටත් එයා අපිව දාලා ගිහින්.
 
- සාලින්ද රත්නායක
 
දසුන් රඟපෑ පළමු ටෙලි නාට්‍යය අපේක්ෂා ටෙලිනාට්‍යයේ සහය අධ්‍යක්ෂවරයා වුණේ මමයි. එදා ඇති වූ මිතුදම මියෙනතුරුම තිබුණා. දසුන් හරිම මිත්‍රශීලියි. අවුරුදු එකහමාරකට විතර කලින් අපි ඔය නිවසට ගියා. සංගීත්වත් එකතු කර ගත්තා. එදා දසුන් මිය ගිය දිනට කලින් දවසේ රෑ මම යද්දී 11ට විතර ඇති. සංගීත් දසුන් දෙදෙනාම කෑම කාලා නිදි. මම කෑම එකත් අරගෙ ගිය නිසා දෙන්නාම නැගිට්ටෙව්වා.

ඊට පස්සේ තුන්දෙනාම ඒ බත් එක කාලා නිදා ගත්තා. පසුවදා පාන්දර 5.30ට මම යද්දී දසුන් නිදි. සංගීතුත් 8.30ට විතර ගිහින්. දවල් සංගීත් තමයි මට කෝල් කරලා කිව්වේ යාළුවෙක් මේ අවාසනාවන්ත ආරංචිය කිව්වා කියලා. මම ඒ වෙලාවෙම ෂූටිං නවත්තලා බෝඩිමට ගියා. ඒ යද්දී දසුන් එල්ලිලා ඉන්නවා දැක්කා. ඒ වෙද්දිත් පණ තියෙනවද බලන්න මම ගිහින් මිනිය බදාගෙන කෑ ගැහුවා. ඒත් ඒ වෙද්දී දසුන් අපිව දාලා ගිහින්. මම ඊට පස්සේ කට්ටියට කෝල් කරලා ආරංචිය කිව්වා. දසුන් ඔය කියන නිළිය එක්ක සම්බන්ධයක් තිබෙනව බව මට කිව්වා. ඒ වෙද්දිත් ඔහු විවාහකයෙක්.

ඒ ගැන මම ඇහුවම දසුන් කිව්වේ තමන්ට ඒ නිළිය නැතුව බැහැ කියලයි. හැම ප්‍රශ්නයක්ම අවසන් කරලා නිළියවම විවාහ කරගන්නවා කියන දැඩි තීරණය තුළ තමයි දසුන් හිටියේ. අපි යාළුවෝ වුණත් පුද්ගලිකත්වයට බලපෑම් කරගන්නේ නැහැ. මෙච්චර ළඟින් ආශ්‍රය කළත් දසුන්ගේ අම්මවයි, බිරිඳවයි මම දැක්කෙත් ඔහුගේ මරණයෙන් පස්සේ. ප්‍රශ්නය හින්දා ගැටලු සහගත බවක හිටියත් ජීවිතය නැතිකර ගන්න තරම් මට්ටමකට වැටිලා හිටිය බවක් මට දසුන් තුළ පෙනුණේ නැහැ. එක දිගට දවස් 10ක් විතර මම පාන්දර 5.30ට ගිහින් රෑ 10.00ට ආවේ. ඒ දවස් 10 තුළදී අපි දෙන්නට කතා කරන්න ලැබුණේම නැහැ.

ඒ දවස් 10 තුළ ප්‍රශ්නය උග්‍ර වුණාද නැතිනම් මියගිය දවසේ මමයි සංගීතුයි ගියාට පස්සේ තනියම ගෙදර ඉන්න අතරේ සිදුවූ දෙයක්. එහෙමත් නැතිනම් ලැබුණු දුරකථන ඇමැතුමක් දසුන්ට ජීවිතේ එපා කළාද කියලා මම දන්නේ නැහැ. දසුන් මත්ද්‍රව්‍ය පාවිච්චි කළ බව හා මරණය සැලසුම් කළ බව මාධ්‍යවල පළවී තිබෙනවා. ඒ කතා සහමුලින්ම බොරු. දසුන් ඇත්තටම ගෙලවැලලා ගත්තද කියන සැකයටයි මමත් ඔහුගේ දිවිතොර කර ගැනීම පටිගත කළ වීඩියෝව බැලුවේ. නැතුව එය බලන්න තරම් මානසික මට්ටමක් ඒ වෙලාවේ මට තිබුණේ නැහැ.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  1,017 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  2,945 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  4,264 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  3,360 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  929 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  1,794 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  427 Downloads

Ma Nube Wela - Chandana Walpola
Ma Nube Wela
Chandana Walpola
⤵  2,585 Downloads

Sansaraye - Nilan Salinda
Sansaraye
Nilan Salinda
⤵  5,248 Downloads

Aye Enne Na - Sahan Pradeep
Aye Enne Na
Sahan Pradeep
⤵  5,275 Downloads



Top 10 Commenters

Latest Comments

Top