Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
"ඇත්තටම විකාර ඇඳුම් ඇඳගෙන ජක බක ගාල දඟලලා සිංදු කියන ඒවට තරුණ පිරිස්‌ ඇබ්බැහි වෙලා.."

- "ඇත්තටම විකාර ඇඳුම් ඇඳගෙන ජක බක ගාල දඟලලා සිංදු කියන ඒවට තරුණ පිරිස්‌ ඇබ්බැහි වෙලා.."Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,973 Views
" ඒ ජිවිතේ තමයි අද දවසේ මම ලබන එකම සතුට..."

"මාව කපන්න ටිකක්‌ අමාරු වෙනවා.."

විජය බණ්ඩාර වැලිතුඩුව කියන්නේ අනුව දශකයේ ජනප්‍රිය ගායකයෙක්. නිරන්තරයෙන්ම ඔහුගේ ගීත අහන්න තරුණයින් පෙළඹුනා. ඔහුගේ ගීත තවමත් ගුවන් විදුලි නාලිකාවලින් අහන්න ලැබුණත් ඔහුගේ අලුත් ගීත අහන්න ලැබෙන්නේ නැහැ. සංගීත ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි විජය ගැන මේ විදිහට පුවත්පතක සදහන් වෙලා තිබුණා

විජය බණ්‌ඩාර වැලිතුඩුව කියන ගායකයාට මොකද වුණේ
මුකුත්ම වුණේ නෑ. මං හොඳින් ඉන්නවා. වෘත්තියෙන් ගුරුවරයෙක්‌ නිසා නිර්මාණවලට යොමු වෙන්න තියෙන වෙලාවෙ අඩුවක්‌ තියෙනවා. ඒකයි පේන්න නැත්තෙ.

 එහෙම කියලා ඔය විදියට හැමදාම ඉන්නද කල්පනාව?
ඇත්තටම වෙලාව හොයාගෙන නිර්මාණ කටයුතුවලට සම්බන්ධ නොවීම මගේ දුර්වලකමක්‌. ඒ ගැන හිතලා ගීත පහක්‌ විතර කළා. එයින් දෙකකට විෂුවලුත් එක්‌කම කළා. දෙසැම්බර් මාසෙ රසිකයන්ට ඒවා අහලා රසවිඳින්න පුළුවන්.

ඒ කියන්නෙ ගුරු වෘත්තිය ඔබේ ඉදිරි ගමනට හරස්‌ වෙලා?
මම කවදාවත් එහෙම හිතලත් නෑ. හිතන්නෙත් නෑ. ඒක මම දේවකාරියක්‌ හැටියට හරිම ආසාවෙන් කරන දෙයක්‌.

දරුවන් සමඟ ගෙවන ජීවිතේ මොන වගේද?
හරිම සුන්දරයි. ඒක තමයි අද දවසේ මම ලබන ලොකුම සහ එකම සතුට.

දරුවන් සංගීත විෂයට නැඹුරු කිරීම අපහසු කාර්යයක්‌ නොවේද?
බලෙන් දරුවෙක්‌ මොනම විෂයකටවත් යොමු කරන්න බෑ. සංගීත විෂය තෝරා ගත්තු අයටනෙ අපි උගන්වන්නෙ. ගුරුවරයෙක්‌ විදියට මම සංගීතය පැත්තෙන් බොහෝ දරුවන් ඉදිරියට ගෙනත් තියෙනවා. දසුන් මධුසංකත් මගේ ශිෂ්‍යයෙක්‌.

 ගීත එකතුවක්‌ කරන්න තියෙන හොඳම වෙලාව මේක නේද?
ඔව්. ලබන අවුරුද්දෙ මම මේ නිහඬව හිටිය වගේම ලොකු සද්දයක්‌ දාලා මගේ ආදරණීය රසිකයන්ව පිනවන්න දැනට සැලසුමක්‌ තියෙනවා. ඉදිරියේදී ඒ ගැන කියන්නම්.
 රසිකයන්ගෙන් ඈත් වෙලාද කියලත් හිතෙනවා.

ඒක කවදාවත් කරන්න පුළුවන් දෙයක්‌ නෙමෙයි. මට ආදරය කරන අයට මමත් ආදරෙයි. කාල වේලාවෙ ගැටලු නිසා මගෙන් රසිකයන්ට පුංචි අසාධාරණයක්‌ වෙන එක මට දැනෙනවා. ඉදිරියේදී මට රසිකයෝ එක්‌ක ඉන්න පුළුවන් විදියේ සැලසුමකට අනුව වැඩ කරනවා.

 ඔබටත් කැපිලි කෙටිලි තදින් බලපානවා වගේ.
මම විෂයත් එක්‌ක ඉන්න ගායකයෙක්‌. ඒ නිසා මාව කපන්න ටිකක්‌ අමාරු වෙනවා. කොහොම වුණත් මට ඔය කියන තත්ත්වෙ ලොකුවට බලපාල නම් නෑ.

 නාලිකා නැතුව ජනප්‍රිය වෙන්න අමාරුයි නේද?
නාලිකා හරහා ජනප්‍රිය වෙන්නෙ ඇත්තටම කියනවා නම් නව පරපුර. අපිට ඒක බලපාන්නෙ නෑ. ගුවන්විදුලිය හරහා අපේ හඬ රසිකයන් අතරට ගිය නිසයි, අපි එදා ජනප්‍රිය වුණේ. අදටත් ඒ ජනප්‍රියත්වයේ අඩුවක්‌ නෑ.

 ක්‍ෂේත්‍රයේ වෙනස්‌ විය යුතු තැන් ගැන සඳහන් කළොත්
ඇත්තටම මේ රටාව සිත රංජනය කරන රටාවක්‌ වෙන්න ඕන. ඇසින් දැකීම නෙමෙයි නාදමය ගුණයෙන් ගීතයක්‌ පිරිපුන් විය යුතුයි. ගීතයක්‌ දකින්න බැහැනෙ කවදාවත් එය ඇසීමෙන් හිත සුවපත් කරගත හැකියි. ඒ තත්ත්වය අද නැති එකයි ගැටලුව.

 ප්‍රසංගවලට දැන් ආරාධනා නැද්ද?
අද නොයෙක්‌ හේතු නිසා ප්‍රසංග පැවැත්වෙනවා අඩුයිනෙ. ඒත් අප්‍රේල් - දෙසැම්බර් වගේ මාසවල එදා ඉඳලා අපිට ලැබුණු ආරාධනා ඒ විදියට අදත් ලැබෙනවා.

අද තරුණ පිරිස්‌ සංගීතයේ අලුත් පැති හොයාගෙන යනවා නේද?
ඇත්තටම විකාර ඇඳුම් ඇඳගෙන ජක බක ගාල වේදිකාවෙ දඟලන ඒවට තරුණ පිරිස්‌ පහුගිය කාලෙ ඇබ්බැහි වෙලා හිටියා. ඒ තුළ වෘත්තීය ගායන ශිල්පීන්ට සංදර්ශනත් අඩු වුණා. අපි බේරුණේ රැකියාවක්‌ තිබුණ නිසා. ඒත් අද තරුණ පිරිස්‌ වාසනාවකට එයින් මිදිලා එය තමයි විය යුතු දේ. ඒක ඉතා හොඳ ප්‍රවණතාවක්‌.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Urumayaka Aragalaya - Saman Lenin ft Dilki Uresha
Urumayaka Aragalaya
Saman Lenin ft Dilki Uresha
⤵  55 Downloads

Sulangaka Ma - Asanka Susew Hewage
Sulangaka Ma
Asanka Susew Hewage
⤵  275 Downloads

Poson Sandai - Chandrasena Hettiarachchi
Poson Sandai
Chandrasena Hettiarachchi
⤵  872 Downloads

Madu Mal Wahena - Sachin Chathuranga
Madu Mal Wahena
Sachin Chathuranga
⤵  3,598 Downloads

Netha Ridum Dei - Russel Fernando
Netha Ridum Dei
Russel Fernando
⤵  486 Downloads

Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  5,356 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  2,223 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  3,754 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  2,298 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  3,273 Downloads



Top 10 Commenters

Latest Comments

Top