Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
10
"ඇත්තටම දසුන් මගේම අයියා කෙනෙක් වගේ හරිම හොඳ සහෝදරයෙක් වුණා" - රශ්මි රූත් - Photos

- "ඇත්තටම දසුන් මගේම අයියා කෙනෙක් වගේ හරිම හොඳ සහෝදරයෙක් වුණා" - රශ්මි රූත් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

77 Views
"රූත් කියන්නේ‘සුවපහසුව’ කියන එකලූ"

"මොන දේ කරන්නත් අම්මා කැමති වෙන්නෙ ඕනෑ"

රශ්මි රූත් නමැති තරුණිය නිරූපණ ක්ෂේත්‍රයේ මෙන්ම රංගන ක්ෂේත්‍රයේ මේ දිනවල දකින්න පුළුවන්. ඇය වැඩිදුර අධ්‍යාපනයේ නියැලී සිටිමිනුයි රංගනයේ යෙදෙන්නේ. ඇය පසුගියදා ගෙලවැලලාගෙන මියගිය රංගන ශිල්පී දසුන් නිෂාන් සමගද මියුසික් වීඩියෝවකටද රංගනයෙන් දායක වුණා.  ඇයගේ නවතම තොරතුරු ගැන පුවත්පත් වෙබ් අඩවියක සඳහන් වී තිබුණා. එම සටහන පහතින්

රශ්මි රඟපෑමට මේ දිනවල කොහොමද සම්බන්ධ වෙන්නේ.
මේ දිනවල නම් මගේ උපාධියෙ තුන්වන වසරේ අධ්‍යාපන කටයුතුවල යෙදෙනවා. රංග බණ්ඩාරනායක අයියගෙ ‘භවාන්තර’ රඟපෑම උදෙසා ගිය වසරේ සම්මාන උළෙලක හොඳම නිළිය ලෙසත් නම යෝජනා වුණා. ඒක සතුටට කරුණක්. ඊට අමතරව අරුණ ජයවර්ධන අයියගෙ කෙටි චිත්‍රපටයකත් රඟපෑවා. ගිය වසරේදී දසුන් ශානක (මෑතකදී මියගිය) අයියා එක්ක මියුසික් වීඩියෝවකටත් දායක වුණා.

කොහොමද දසුන් ගැන මතකය?
ඇත්තටම මට මගේම අයියා කෙනෙක් වගේ හරිම හොඳ සහෝදරයෙක් වුණා. හරි නිහතමානී හිත හොඳ චරිතයක්. රුවන් හෙට්ටිආරච්චි ගයන ‘වෙන්වී ගියත්’ මියුසික් වීඩියෝව බොහොම ජනප්‍රිය වුණා. එහි රූප ජවනිකාවලට රංගනයෙන් දායක වුණේ දසුන් අයියා සහ මමයි.

සූර්යා එක්ක මියුසික් වීඩියෝ කරලා නැද්ද?
තවම නැහැ. නමුත් අපි දෙදෙනාම එකට රඟපාන හොඳ ටෙලි නිර්මාණයක් ලැබුණා. මේ වසර අවසානයට පෙර එහි රූගත කිරීම් සිදුවේවි.

රශ්මිගේ අරමුණ මොකක්ද?
ව්‍යාපාර ලෝකයේ ප්‍රධාන විධායකවරියක ලෙස කටයුතු කිරීම තමයි ප්‍රධාන අරමුණ.

සූර්යා කිව්වා ඔයා හොඳ යෙහෙළියක් කියලා.
ඇත්තෙන්ම සූර්යා අයියා කියන්නේ හරිම හොඳ කෙනෙක්. අපි අතර හොඳ මිත්‍රත්වයක් තියෙන්නේ.

‘රූත්’ කියන නම ගැන තේරුම කිව්වොත්?
‘සුවපහසුව’ කියන එකලූ.

සූර්යාගේ කලා කටයුතු ගැන හිතන්නේ කොහොමද?
මම හිතන්නෙ එයාට ඉතා දුර ගමනක් යන්න පුළුවන් කෙනෙක්. එයාගෙ ගීත හරිම ලස්සනයි. එයා ඇත්තටම දක්ෂයෙක්.

මේ යාළුවෝ දෙන්නා යුග ගීතයක් ගැයුවොත් නරකද?
මම තවම හඬ පුහුණුව පටන් ගත්තා විතරයි. ‘ගයාත්‍රි කේමදාස’ සංගීතවේදිනිය යටතේ ප්‍රගුණ කරමින් සිටින්නෙ.

රශ්මි වඩා කැමති නිවේදනයටද? රංගනයටද?
නිවේදනය සහ රංගනය එකම අවස්ථාවේදී වගෙයි පටන් ගත්තේ. මට හිතෙන විදියට මම රංගනයට දක්ෂයි. ඒ වගේම ගායනයටත් ආසයි. ඒ අංශය දියුණු කර ගන්න පුළුවන් වුණොත් හොඳයි.

චිත්‍රපට ක්ෂේත්‍රයට කොහොමද තියෙන කැමැත්ත?
මොන දේ කරන්නත් අම්මා කැමති වෙන්නෙ ඕනෑ. අම්මා කියන විදියට තමයි මම වැඩ කරන්න කැමති. මොකද මගේ සිතැඟි ඉතාම හොඳින්ම දන්නෙ අම්මයි. අම්මාට කවදාවත් පිටුපාන කෙනෙක් නෙවෙයි මම.





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top