Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
09
එකට ඉපදී, එකට හැදී වැඩී,එකම පන්තියේ ඉගෙනුම ලබමින් ශිෂ්‍යත්වය ඉහළින්ම සමත්වූ නිවුන් දැරියන් - Video & Photos

- එකට ඉපදී, එකට හැදී වැඩී,එකම පන්තියේ ඉගෙනුම ලබමින් ශිෂ්‍යත්වය ඉහළින්ම සමත්වූ නිවුන් දැරියන් - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,361 Views
"අපි දෙන්නා එකම ලකුණු අරගෙන විභාගය පාස් වෙලා ඉන්නවා මම හීනෙනුත් දැක්කා"

"දොස්තරවරියක් වීම තමයි මගේ බලාපොරොත්තුව"

එකට ඉපදී, එකට හැදී වැඩී,එකම පාසලේ, එකම පන්තියේ ඉගෙනුම ලබා එකම ලකුණු ලබා මෙවර ශිෂ්‍යත්වය ඉහළින්ම සමත්වූ නිවුන් දැරියන් දෙදෙනකු පිළිබඳව පුවතක් ගාල්ලෙන් වාර්තාවනවා.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි මේ නිවුන් දැරියන් දෙදෙනා   ලකුණු 177 බැගින්  ලබා ගත්තා.

ගාල්ල ගිංතොට,පියදිගම පදිංචි කේ.එම්.එච්.සිහෙලි සිතුම්යා සහ මහෙලි නෙතුම්යා ඉගෙනුම ලබන්නේ ගාල්ල ඕල්කට්  විද්‍යාලයේයි. 

එම නිවුන් දැරියන්ගේ මාපිය යුවළ වන්නේ කේ.එම්.එච්.රංජිත් කුමාර මහතා සහ ඒ.ඩී.සුජීවා මනෝහරී ද සිල්වා මහත්මියයි.

රන්ජිත් කුමාර මහතා හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන අතර  සුජීවා මනෝහරී ද සිල්වා මහත්මිය පුද්ගලික ආයතනයක සේවය කරනවා.

තම දරුවන් දෙදෙනා කුඩා කල සිටම ඉගෙනීමට හපන්කම් දැක්‌වූ බවත් මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසලේ අධ්‍යාපන කටයුතු සහ පන්තිභාර ගුරුතුමිය පාසල් වේලාවෙන් අමතරව පාසලේ කළ අමතර ඉගැන්වීම්වලින් ලබා ගත් දැනුමෙන්  මේ අන්දමට විභාගය සමත්ව තිබෙන බවද එම මාපිය දෙපළ පවසනවා.

තම දරුවන් දෙදෙනා පාසලේ නිරත පාඩම් නිවසේදී හොඳින් නැවත අධ්‍යයනය කර පෙර සිටම ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වූ බවද ඔවුහු වැඩිදුරටත් පැවසුවා.

අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන ගොස්‌ ඉදිරි කාලයේදීද විභාගවලින් ඉහළින් සමත්වීම තම අපේක්ෂාරව බව එම දැරියෝ දෙදෙනා අප සමග කියා සිටියා.

සිහෙලි සිතුම්යා දැරිය .

“අපි දෙන්නා එකම ලකුණු අරගෙන විභාගය පාස් වෙලා ඉන්නවා මම හීනෙනුත් දැක්කා.එදිනෙදා දෙන වැඩ එදාම මා කළා. සෙල්ලම් කළා.බාහිරවැඩත් කළා. උදව් කළ හැමෝටම ස්තුතියි.දොස්තරවරියක් වීම තමයි මගේ බලාපොරොත්තුව.”

මහෙලි නෙතුම්යා දැරිය.  

“අනාගතයේ මගේ බලාපොරොත්තුව ඉංජිනේරුවරියක් වීම. ගෙදරදී අම්මා, තාත්තා, ආච්චී අප දෙදෙනාට උදව් කළා. ශිෂ්‍යයත්ව විභාගය හරි ලේසියි. පන්තියේ වැඩ හොඳට කරන්න ඕන.”

තමන් මෙවර ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් විද්‍යාලයේ විදුහල්පති ලලිත් මායාකඩුව මහතාටත්, නියෝජ්‍ය විදුහල්පති කීර්ති සම්පත් මහතාටත් තම පන්ති භාර කුසුම් එගොඩගමගේ මහත්මියටත් ගෞරව ප්‍රණාමය හිමිවන බවද ඔවුන් වැඩිදුරටත් පැවසුවා.

කීර්ති සම්පත් මහතා

"මේ දුලා දෙන්නා පාසල් වැඩ කරන අතරේ සියලු විෂය බාහිර වැඩ කළා. ඉගෙනීමට වගේම බාහිර වැඩවලටත් ඉතාම දක්ෂයි.මෙම ප්‍රතිඵලය අපේ පාසලට ඉමහත් ආඩම්බරයක්".

කුසුම් එගොඩගමගේ මහත්මිය

"පන්තියේ වැඩ එදිනෙදා කළා. හොඳින් සවන් දුන්නා. දුලා දෙන්නා හොඳ ප්‍රතිඵලයක් පෙන්නාවි කියලා අපි බලාපොරොත්තුවෙන් හිටියා. මේ නිවුන් දරුවන්ගේ දක්ෂතා ගැන අපිට හරි ආඩම්බරයි. හැම දෙයක්ම පිළිවෙලට කළා. හැමදාම පන්තියේ 1, 2, හෝ 3 ස්ථානය ලබා ගත්තා.නැටුම්, චිත්‍ර,සංගීත ඉතා හොඳින් කළා".




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  10,449 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  3,625 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,972 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  2,749 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  1,356 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  4,329 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  3,293 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  8,175 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  895 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,509 Downloads



Top 10 Commenters

Latest Comments

Top