Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
09
"ජනප්‍රියත්වය නිසා නිදහසේ අනිත් ගැහැනු ළමයින්ට වගේ ආදරය කරමින් හැසිරෙන්න පුළුවන්කමක්‌ තිබුණෙ නැහැ.." - Photos

- "ජනප්‍රියත්වය නිසා නිදහසේ අනිත් ගැහැනු ළමයින්ට වගේ ආදරය කරමින් හැසිරෙන්න පුළුවන්කමක්‌ තිබුණෙ නැහැ.." - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,538 Views
"සිනමාව නිසා යෞවන කාලය මගෙන් දුරස් වුණා.."

" ඒ ආදරේ සිනමාවෙ බොහෝ කටකතාවල ලක් වුණා.."

"ඒ පිරිමි ළමය මෑතකදි දවසක මට හමු වුණා.."

 සබීතා පෙරේරා කියන්නේ දශක දෙකකට වඩා වැඩි කාලයක් සිනමාව නිසා ජනතාව අතර රැදෙන චරිතයක්. ඇය සිනමා තීරයේ අහිංසකම පෙම්වතිය වුණා. විවාහයත් එක්ක සබිතාට සිනමාවේ ගැවසෙන්න වෙන්නේ සීමාවක් එක්ක. ආදරේ ගැන මතකය ඇය මේ විදිහට පුවත්පතකට කතා කරලා තිබුණා.

පාසල් වියේම ජනප්‍රිය නිළියක බවට පත්වන ඔබගේ යෞවනය මොන විදිහටද ගෙවුණේ?
මගේ පවුලේ අක්‌කල නංගිල ගතකරපු සාමාන්‍ය ජීවිතය සිනමාවට පැමිණීමත් එක්‌ක මගෙන් දුරස්‌වුණා. මගේ සම වයසේ ගැහැනු ළමයි අතරෙ මම විශේෂ කෙනෙක්‌ වෙලයි හිටියෙ. මට ඒ ගැන සතුටක්‌ තිබුණා මොකද මට ලැබිලා තිබුණෙ මගේ වයසේ ගැහැනු ළමයකුට ලබන්න බැරි දෙයක්‌.

සබීතා පෙරේරා කියන්නෙ ප්‍රේමයේදී ජීවිතයේ තීරණ ගැනීමේධී නිර්භීත චරිතයක්‌ද?
ප්‍රේමය විවාහය වැනි දේවල්වලදි තනි තීරණ ගන්න හෝ දැඩි තීරණවලට යන්න මට ශක්‌තියක්‌ තිබුණෙ නැහැ. සිනමාව ගැන අවබෝධයක්‌ ලැබෙන තුරු මගේ වෘත්තීය කටයුතු පිළිබඳ තීරණ ගත්තෙ තාත්ත. සිනමාවෙදි වුණත් ඇතැම් චරිතවල තිබුණ දර්ශන නිසා මම ප්‍රතික්‌ෂේප කරල තියෙනව. අම්මයි තාත්තයි ජීවත්වෙලා ඉන්න කාලෙ මම එවැනි චරිත රඟපානවට කැමති වුණේම නැහැ. අද මම ඒ චරිත රඟනොපාපු එක ගැන සතුටු වෙනව.

බොහෝ සිත්වල ආදරයට මැදිවූ සබීතා පෙම්වතියක වෙන්නේ කැමරාව ඉදිරියේදී පමණද?
ඇත්තෙන්ම අනිත් ගැහැනු ළමයි සැබෑ දිවියේ කරපු දේවල් මම කළේ සිනමාවෙදි. ටියුෂන් පන්තියේ පාසල් බස්‌රියේ ඉස්‌කෝලෙදි මගතොටේදි පෙම් කරන්න මට පුළුවන්කමක්‌ තිබුණෙ නැහැ. මට වෙන දෙයක්‌ හිතන්න කාලයක්‌ ඉතිරි නොකරම ඒ කාලෙ මගේ සම්පූර්ණ කාලයම ගෙවුණෙ සිනමාව සමගයි.

ඔබගේ දිවියට ප්‍රේමය කියන අත්දැකීම බොහොම ආගන්තුක වුවාද?
නැහැ . මම ආදරේ කළා. මටත් අනිත් යුවතියන්ට වගේ ආදරය දැනුණා. මම පැවසුවේ මට ලැබුණ ජනප්‍රියත්වය එක්‌ක නිදහසේ අනිත් ගැහැනු ළමයින්ට වගේ ආදරය කරමින් හැසිරෙන්න පුළුවන්කමක්‌ තිබුණෙ නැහැ කියලයි. ඒ ආදර කතාව තමයි සිනමාවෙ බොහෝ කටකතාවලටත් මුල්වුණේ.

සබීතා පළමු පෙමට ඇරයුම ලබන්නෙ සිනමා නිළියක වූ පසුවද?
ඉස්‌කෝලෙ යන කාලෙ එක්‌ සිදුවීමක අත්දැකීමක්‌ තියෙනවා. ඉස්‌කෝලෙට ගෙදර ඉඳන් ඇවිදගෙන යද්දි මග රැකල ඉඳල පිරිමි ළමයෙක්‌ ලියුමක්‌ දුන්නා. ඒ සිදුවීමේදී අපුරු දෙය වුණේ ඒ පිරිමි ළමය මෑතකදි දවසක මට හමුවෙලා ඒ සිදුවීම මතක්‌ කළා.

රසික රසිකාවියො කැමති වුණේ තමන්ගෙ සිහින කුමරා හා කුමරිය සැබෑ දිවියේත් එක්‌වෙනවා දකින්නයි.

පුවත්පත්වලින් රසික රසිකාවියන් මගේ විවාහය කා සමග සිදුවෙනවාද කියල විමසපු කාලයක්‌ තිබුණා. මගේ දෙමවුපියො කාලයත් සමග මගේ ජීවිතය හැමදෙයකින්ම සම්පූර්ණ වෙද්දි ඔයා දැන් විවාහ වෙන්න ඕනැ කියන දේ කියන්න පටන් ගත්ත.

පසු කාලයක්‌ රටේ ජනප්‍රියම නිළිය සිනමාවට කිසිසේත් සම්බන්ධ නැති ක්‍ෂේත්‍රයක පුද්ගලයකුට සිය ප්‍රේමය පුදදෙනවා.
කාලයත් එක්‌ක සිනමාවෙන් පිටදි මට හිතෙනවා මම විවාහ විය යුතුයි කියල. ඒත් ඒ වෙත්දි මම කෙනෙක්‌ තෝරාගෙන හිටියෙ නැහැ. ඔහුව මම දැනහඳුනාගෙන හිටියේ නැහැ. ඔහු ව්‍යාපාරිකයෙක්‌. ඒ වෙද්දි පකිස්‌තාන් චිත්‍රපටයකට ඔහු මුදල් යෙදවූ චිත්‍රපටයක්‌ ගැන තොරතුරක්‌ නැති නිසා මම ඒ කාලෙ පකිස්‌තාන් චිත්‍රපට බොහොමයක රගපෑ නිසා ඒ පිළිබඳ තොරතුරක්‌ සොයාගන්නයි ඔහු දුරකථන ඇමතුමක්‌ මට ලබාගෙන තිබුණේ. ඒ තමයි අපේ පළමු කතාබහ.

ඉන් ඉක්‌බිතිව සබීතා නමැති ජනප්‍රිය නිළිය බිරිඳක ලෙස නිළියකගේ වගකීමෙන් දුරස්‌ වන්නට පවා හිත කැමති කරගන්නවා.
ඇත්තටම මට ඕන වුණා මගේ ජීවිතයේ බිරිඳ මව කියන භූමිකා හරියටම කරන්න. කලාකාරියක ලෙස දීර්ඝ වෘත්තීය දිවියක්‌ ගෙවා තිබුණත් මම ඔහුගේ ව්‍යාපාර ලෝකය පිළිබඳ අවබෝධ කරගනිමින් ඔහුගේ කටයුතුවලට සහය දෙන්න උවමනා වුණා. පුතා අපේ ලෝකෙට ආවට පස්‌සෙ මම සිනමාවෙ කිසිදු නිර්මාණයකට දායක නොවීමම වසර හතක්‌ම දරුවත් එක්‌ක හිටියා.

කලාකාරියක වූ ඔබ ව්‍යාපාරික බිරිඳගේ භුමිකාවට සරිවීම පහසු කටයුත්තක්‌ වුවාද?
මම හරිම නම්‍යශීලි චරිතයක්‌ ජීවිතයේ ඕනෑම වෙනස්‌කමකට අනුවර්තනය වෙන්න මට හැකියාව තිබුණා. මගේ ජීවිතය මේ විදිහට හොඳ තැනක රැඳී තිබෙන්නෙ ඒ නම්‍යශීලිකමත් එක්‌ක කියල මම විශ්වාස කරනව.

ජීවිත කාලයේ ඉටුවූ හා බිදී ගිය පැතුමන් දෙස ඔබ හැරී බලන්නේ?
බුදු දහමට බොහෝ සමීප දිවියක්‌ ගෙවන මම ඒ හැම දෙයක්‌ම දෙස බලන්නෙ හරිම සැහැල්ලු හැඟුමකින්. ජීවිතයේ යම් ඉටුනොවුන දෙයක්‌ තිබුණා ද ඒ වගේම ඉටු වූ දෙයක්‌ ඇත්ද ඒ හැමදෙයක්‌ම වුණේ හොඳට කියලයි මම විශ්වාස කරන්නෙ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Poson Sandai - Chandrasena Hettiarachchi
Poson Sandai
Chandrasena Hettiarachchi
⤵  486 Downloads

Madu Mal Wahena - Sachin Chathuranga
Madu Mal Wahena
Sachin Chathuranga
⤵  2,905 Downloads

Netha Ridum Dei - Russel Fernando
Netha Ridum Dei
Russel Fernando
⤵  418 Downloads

Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  4,821 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  2,000 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  3,453 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  2,230 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  3,179 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  584 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  7,846 Downloads



Top 10 Commenters

Latest Comments

Top