Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
07
"මගේ තාත්තා වැරැද්දක් කරපු නිසා තමයි ඔය වගේ වීඩියෝ කරන්න මාතෘකා හැදුණේ.." - ජයන්ත රත්නායක

- "මගේ තාත්තා වැරැද්දක් කරපු නිසා තමයි ඔය වගේ වීඩියෝ කරන්න මාතෘකා හැදුණේ.." - ජයන්ත රත්නායකHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30 Views
'අපි සැළකුවේ නැහැ කියන්නේ තනිකරම බොරුවක්.."

"ඔහු නිර්මාණකරුවෙක් නෙමෙයි වෙළෙන්දෙක්.."

වික්ටර් රත්නායකයන් කියන්නේ සංගීතයේ මුල් ස්වරයක් කිව්වොත් හරි. ඔහු නැති තැනක ගීතය සංගීතය අභාවයට යා හැකියි. ඔහු ගැන මොන දේ කවුරු කොහොම කතා කළත් ඔහුට ඔහුගේ සප්තස්වරයට කාටවත් ඇගිල්ලක් දිගු කරන්න බැහැ. පසුගියදා වීඩියෝවක් නිසා ඔහු ආන්දෝලනයට ලක් වුණා. ඔහුගේ ජිවිත කතාව අලලා එය නිර්මාණය වීම ගැන. ඔහුගේ ආදරණිය පුතණුවන් ජයන්ත රත්නායක පුවත් පතකට ඒ ගැන කියලා තිබුණේ මේ විදිහටයි.

ජයන්ත... ඔබේ පියාවූ වික්ටර් රත්නායකයන්ගේ ජීවිතය අදාළ කරගෙන  අලුත් වීඩියෝවක් නිර්මාණය වෙලා තියෙනවා ඒ ගැන මොකද හිතන්නේ...?
බොහෝ දෙනෙක් දන්නේ නැති දෙයක් තමයි ගිය අවුරුද්දේ ඔහුට යූ ටියුබ් එකෙන් “සිල්වර් මෙඩ්ල් එකක් හම්බ වුණා. ඒ කියන්නේ වීඩියෝ එකක් වැඩිම Views ගාණක් ගත්ත විඩියෝව හැටියට දෙවැනි තැනට. ඉතින් ඔහුට දැන් ඊළඟට ඕනේ ගෝල්ඩ් මෙඩ්ල් එක ගන්න.
 
ඒ වෙනුවෙන් ඔහු තුරුම්පුව විදිහට වික්ටර් රත්නායකගේ ජීවිතය  අරගත්තා කියල ද ජයන්ත කියන්නේ...?
ඔව්... ඒකට තමයි මෙහෙම හිට් කරන්න ජරාවක් කරලා යූ ටියුබ් එකට දැම්මේ. ඔහු දන්නවා මේකෙන් Views වැඩිවෙලා ගොඩයන්න පුළුවන් කියලා. ගෝල්ඩ් මෙඩ්ල් එක ගන්න පුළුවන් කියලා. ඒ හැර ඔය කියන පුද්ගලයාට කිසිම හොඳ දෙයක් කරන ටාගට් එකක් කොහොත්ම නෑ.

ඔහු මිට පෙර නිර්මාණය කළ වීඩීයෝත් ඔබ බලලා තියෙනවද?
ඔව්... මෙයා මුල ඉඳලම කළේ ජරා වැඩනේ. එයාලා මියුසිෂන්ලා නෙමේ. එයාලා තනිකරම බිස්නස්මන්ලා. එයාලාට ඕනෑම දෙයක් විකුණලා සල්ලි හම්බකරගත්තොත් ඒ ඇති. අසූචි පැකට් එකකට දාලා ඒකට තව සුවඳ ටිකක් දාලා නිරුවත් ලස්සන ගෑනු ළමයෙක්ගේ පින්තූරත් දාලා මෙයා ලස්සන වුණේ මේවා ගාලා කියලා දැම්මොත් අපේ මිනිස්සු ගන්නවනේ. අන්න එහෙම බඩු විකුණන වෙළෙන්දෙක් තමයි ඔය කියන පුද්ගලයාත්. ඒ හැර කිසිම කලා හැකියාවක්වත් කිසිම නිර්මාණ හැකියාවක්වත් ඔහුට නෑ. මුදල් පසුපස හඹායන කෙනෙක් තමයි එයා. ඉතින් ඒ වගේ අයට උඩගෙඩි දීලා ඒ වගේ අය ඉහළ තැන්වල තියන්න එපා කියලයි මම ඒ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලන්නේ. ඇත්තටම මම මේ ගැන වැඩිය කතාකරන්න කැමති නැහැ.

ජයන්ත... ඒ වීඩියෝ එක දැක්කද...?
ඔව්... ඔව්... ඒ වීඩියෝ එක දැකපු බොහෝ දෙනා ඒ ගැන අදහස් කිව්වනේ. ඇත්තටම දැන් හැමෝම කරන්නේ ඔහුට සල්ලි හම්බකරලා දෙන එකයි. දැන් මේ අපිත් කරන්නේ ඒකනේ. දැන් මේ ආටිකල් එක දැක්කම කොහේවත් නැති කුණු ගොඩක් බලන්න මිනිස්සුන්ට ආස හිතෙනවා. ඉතින් බලපු නැති අයට බලන්න ඕනේ වෙනවා. ඉතින් ඔහුට ඕන වෙන්නෙත් ඒකමනේ... ඉතින්... අපි හැමෝම කුණු ගොඩක් විකුණලා ඔහුට සල්ලි හොයලා දෙනවා.

බොහෝ දෙනා මේ සිදුවීමත් එක්ක ජයන්තට සහ ලෙලුම්ට දෝෂා‍රෝපණය කළා... ඔය දෙන්නට ඇඟිල්ල දික් කළා...?
බොහෝ දෙනා මගේ තාත්තා දිහා අද අනුකම්පාවෙන් බලනවා. ඇයි මෙහෙම වික්ටර් රත්නායකට වුණේ... කියලා. හැබැයි මගේ තාත්තා වැරැද්දක් කරපු නිසා තමයි එහෙම දේවල් ඔයවගේ පුද්ගලයින්ට  කරන්න මාතෘකා හැදුණේ. සමහරු කිව්වා පව්... වික්ටර්... ළමයි සලකන්නේ නැහැනේ. කියලා... ඒත්... අපි ඒ ප්‍රකාශය තරයේ හෙළා දකිනවා. මගේ පවුලේ අයත් එක්ක ළඟින් ආශ්‍රය කරන අය ඒ ගැන දන්නවා. වික්ටර් රත්නායකයන් ළඟින් ආශ්‍රය කරපු ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න අපි තාත්තට සැළකුවද නැද්ද කියලා. අපි සැළකුවේ නැහැ කියන්නේ තනිකරම බොරුවක්. තාත්තට එල්ලවෙන අපවාදවලින් වැළකෙන්න තාත්තාව මෙහෙයවන ඒ ගෑනු කෙනා කියන අදහසක් තමයි ඒ.

ඒ කියන්නේ... ජයන්තයි, ලෙලුම් ඇතුළු වික්ටර්ගේ දරුවන් වික්ටර් රත්නායකයන්ට ඔය  වීඩියෝවේ තියන සිදුවීම් කළේ නැහැ...?
ඒවා අමූලික බොරු. තාත්තා අපිත් එක්ක ඉන්නකන් අපි තාත්තාට හොඳින් සැළකුවා. ලොකු නංගී තමයි තාත්තාට ළඟින් ඉඳන්ම සැලකුවේ. අපි හැමවෙලේම වගේ තාත්තාට ගිහින් බලනවා. ඒ නිසා තාත්තාගේ හැත්තෑපස්වෙනි ජන්ම දින උත්සවේ හැම සාකච්ඡාවක් පැවැත්වුණේ මගේ නංගීගේ ගෙදර. ඒ උත්සවය සංගීතවත් කළේ මම. ඒ උත්සවයේ හැම දේකටම උදව් වුණේ ලෙලුම්. ඉතින් ඒ හැත්තෑපහ ජන්ම දිනය තිබුණෙත් ළඟදී. ඉතින් අවුරුදු දහතුනක් මගේ අම්මා නැතිවෙලා. තාත්තාට සැළකුවේ නැහැ කියනවානම්... මම දන්නේ නැහැ ඇයි එහෙම බොරු කියන්නේ කියලා.

බොහෝ නිර්මාණයන් ජයන්ත, ලෙලුම් කළේ වික්ටර් රත්නායකයන් හරහා. දැන් ඔබේත් ලෙලුම්ගේත් කලා කටයුතුවල අලුත් නිර්මාණ මොනවාද...?
අද මේ හේතුව නිසා මාවයි මල්ලිවයි දෝෂාරෝපණයට ලක් කරලා. මායි මල්ලියි සින්දු සීඩී දෙකක් කරලා තියෙනවා. කලා ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ බොහෝ දෙනා ඒවා අගේ කළා. හැබැයි තාත්තාගේ මේ සිදුවීමෙන් මගෙයි මල්ලිගෙයි ජීවිතවලට බොහෝ දෙනා ඇඟිල්ල දික්කළා. ඒත්... අපේ හෘද සාක්ෂිය දන්නවා අපි තාත්තාට වරදක් කළේ නෑ. ඒ නිසා අපේ ජීවිත අළලා බොරු ප්‍රචාර පතුරවන්න එපා.
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top