Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
07
"මාව තේරුම් ගන්න ආදරණීය කෙනෙක් කොහේ හෝ ඇති..එහෙම කෙනෙක් ඉන්න‍වා නම් ඔහුට පුළුවන් මට විවාහ යෝජනාවක් ගෙන එන්න..." - photos

- "මාව තේරුම් ගන්න ආදරණීය කෙනෙක් කොහේ හෝ ඇති..එහෙම කෙනෙක් ඉන්න‍වා නම් ඔහුට පුළුවන් මට විවාහ යෝජනාවක් ගෙන එන්න..." - photosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

58,354 Views
"ආදරේ නැතිව ජීවත් වෙන්න බැහැ කියලා මම විශ්වාස කරනවා..."

"මම විවාහ වෙන එක තමයි අම්මගේ එකම බලාපොරෝත්තුව.."

හොඳම හඬ ඇයට හිමි නිසා මිහිරි හඩින් ගයන ඇයට නිරන්තරයෙන්ම ජනතා සම්මානය හිමි වුණා. රැල්ලට නොයා උඩුගම්බලා යන දීපිකා ප්‍රියදර්ශනී පීරිස් හැමදාමත් මහජනතාවට ගීතයෙන් කතා කළා. හැමදාමත් එකම විදිහට ජනප්‍රියත්වයේ රැදී සිටින ඇය ගැන අලුත්ම තොරතුරු පුවත්පතක මෙසේ සටහන් වෙලා තිබුණා. මේ ඇය ගැන තතුයි.

ඇය එක රැයෙන් ජනප්‍රියත්වයට පත්වන්නේද ටෙලි නාට්‍ය ගීතයක් නිසාවෙනි. වසර ගණනක් ගෙවි ගියද ඒ ගීතය අදත් එක සේ ජනප්‍රියය. චිත්‍රපට ටෙලි නාට්‍ය හෝ වෙනත් සරල ගීයක් ගැයුවද පුදුමය නම් ඒ සියලු ගී රසික ජනයා ආදරයෙන් වැළඳ ගැනීමය. එමෙන්ම නාට්‍යයෙන් බැහැර වූ විට එහි තේමා ගී රසිකයා බොහෝ ආදරයෙන් වැළඳ ගත්තේය. 'දූවිල්ලෙන් සැදුන ලියේ බාල ලියේ බාල ලියේ',සඳ කැන් දහරින් දෙනුවන් තෙමිලා' ආදි ගී ඊට උදාහරණ වේ. අතීතය පිළිබඳ සිහිපත් කරමින් දිපිකා මෙසේ පවසන්නීය.

“මම ක්ෂේත්‍රයට පිවිසිසෙන්නේ ආජුතපර ලාහිලා ගීතයෙන්. ඒ ගීතය ඇතුළත් වුණේ භාග්‍යා ටෙලි නාට්‍යයේ. මම චිත්‍රපට වලත් ගී ගයා ති‍බෙනවා. ඒ වෙනුවෙන් ඇගයීමට ලක්වී තිබෙනවා. මම කිසිම දවසක විශ්වාස කරන්නේ නැහැ චිත්‍රපටවලට ඉහළ ස්වර පරාසයක් ඇතිව ගීතය ගායනා කරන්න ඕනමයි කියලා. කටහඬක ඇති වැදගත්ම දේ තමයි සංවේදීත්වය.මම විශ්වාස කරන දේ ‍තමයි අපි ගයන ගීතය අනෙක් කෙනාට දැනෙන්න ඕන කියන එක. එතැනයි සාර්ථකබව තියෙන්නේ ගීයක. විශේෂයෙන්ම ගීයක් ගැයීමේදී, එය චිතුපටයකද ටෙලි නාට්‍යයකද, එහෙමත් නැත්නම් සාමාන්‍ය ගීතයක්ද කියන එක මට විශේෂත්වයක් නැහැ.මම ඒ ගීතය වෙනුවෙන් උපරිම දසායකත්වය දරනවා. මගේ කට හඬින් ඒ පදවලට තනු නිර්මාණයට උපරිම සාධාරණය ඉටුකරණවා.”

කවිය ඔබ සංගීත ප්‍රසංගය ලොව පුරා වේදිකාගත වෙනවා නේද..?
“මේ වන විට කවිය ඔබ ප්‍රසංග වාර හයක් පවත්වා තිබෙනවා. මුල්ම ප්‍රසංගය පැවැත් වුණේ කැනඩාවේදී. පහුගිය කාලේ මම කවිය ඔබ ප්‍රසංගය සමඟ විදේශ ගතවෙලා හිටියේ. කැනඩාවේදී පැවැත්වුණ ප්‍රසංගයට ඉතා හොඳ පිරිසක් සහභාගි වුණා. හොඳ ප්‍රතිචාර ලැබුණා. මම බලාපොරොත්තු වෙනවා, ලබන වසරේදී මීටත් වඩා වාර ගණනාවක් පැවැත් වීමට.”

ඉදිරියේදී අලුත් ‍ගී එකතුවක් එළිදැක්වීම අරමුණද..?
‘බුදු නෙතින් දකින්නට
මෙත් සිතින් සිතන්නට
ලෝ දනන් පුබුදුවන
සංගායනාවකට කාලයයි.‘

කරුණාරත්න විජේවර්ධන සංගීතවත් කළ මහින්ද ....... පද රචනා කළ මේ ගීතයේ රූප රචනා කර ඇත්තේ ජයන්ත චන්ද්‍රසිරිය. අන්තර්ජාලයේ යූ ටියුබ් ඔස්සේ නැරඹිය හැකියි.
''ධර්මය රකින්නා ධර්මය විසින් ආරක්ෂා කරනු ඇත යන තේමාව මුල් කරගෙන තමයි මේ ගීතය නිර්මාණය කර තිබෙන්නේ. මේ ගීතය සඳහා ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. මේ කාලයට මෙමම ගීතය සුදුසුයි කියලා මම හිතනවා. ඒ හැරුණ විට මම අලුත් ශිල්පින් කිහිප දෙනකුගේම ගීත ගායනා කර තිබෙනවා. අලුත් ගී පද රචකයන්ගේ,සංගීතවේදීන්ගේ දායකත්වය ලැබූ ගී රැසක් ගයා තිබෙනවා. මේ ගී අන්තර්ජාලයට මුදාහැර තිබෙන්නේ. අලුත් ගීත සඳහා හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා.

මම මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕන අපේ ගීත වලට රූප රචනය කරලා ඒ ගී රසිකයන් අතරට ගෙන යන අන්තර්ජාලයේ සහෘදයන්ට.

තනිකඩ ජීවිතයට තිත තියන්නට දැන් කාලය හරි නේද?
“මට මගේ ජීවිතේ හැමදේම ලැබුණේ මගේ අම්මා නිසා. අම්මගෙ ලොකුම බලාපොරෝතුව වු‍ණේ මම සාර්ථක වෙනවා දකින්නයි. අද අම්මා මා ගැන සතුටු වෙනවා. නමුත් ඒ හිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව ඉටු කිරිමයි දැන් මගේ එකම අරමුණ.මම විවාහ වෙනවා දකින එකයි දැන් මගේ අම්මගෙ එකම ආශාව.

”විවාහ වෙන්න හිත ගිය කෙනෙක් ඉන්නවාද ?
නැහැ.“අපිව ජීවත් කරන්නේ ආදරය. මට මේ රටේ රසිකයන්ගේ ආදරය නොඅඩුව ලැබෙනවා. ජීවත් වීමට ආශාව ඇති වෙන්නේ ආදරය නිසා. ඒ නිසා ආදරය නැතිව මේ මිහිපිට කිසිවකුට ජීවත් වෙන්න බැහැ කියලා මම විශ්වාස කරනවා. මම බුදු දහමට ළැදි කෙනෙක්.. මාව අගයන මාව තේරුම් ගන්න මනුෂ්‍යත්වයට ගරුකරන ආදරණීය කෙනෙක් කොහේ හෝ ඇති. එහෙම කෙනෙක් ඉන්න‍වා නම් ඔහුට පුළුවන් මට යෝජනාවක් ගෙන එන්න. මම එහෙම යෝජනාවක් එනතුරු බලාගෙන ඉන්නවා.“

Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  1,003 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  1,002 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,925 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  5,128 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,980 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  9,821 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,528 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  6,194 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,744 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,735 Downloads



Top 10 Commenters

Latest Comments

Top