Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
06
පොළොවෙන් මතුවූ මිනිසා ජාතික වප් මඟුල දා පොල්කට්ටකින් තේ උගුරක් රස බලා ගොවීන්ට දුන්නු පොරොන්දුව - Photos

- පොළොවෙන් මතුවූ මිනිසා ජාතික වප් මඟුල දා පොල්කට්ටකින් තේ උගුරක් රස බලා ගොවීන්ට දුන්නු පොරොන්දුව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,602 Views
‘‘එක්වෙමු නැගිටිමු - අටුකොටු පුරවමු’’ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය පෙරටු කර ගත් ජාතික වප් මගුල් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ ආරම්භ කෙරුණා.

ඒ කැකිරාව - තිබ්බටුවැව වෙල්යායේදීයි. මෙම අවස්ථාවට රජයේ අමාත්‍යවරුන්, රජයේ නිලධාරින් මෙන්ම, ගොවිජනතාව ද විශාල පිරිසක් එක්ව සිටියා.

අද සිට ආරම්භ වන මෙම ජාතික වප් මඟුල් උත්සවයට සමගාමීව ඔක්තෝම්බර් 12 වනදා දක්වා ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාම සතිය ක්‍රියාත්මකයි.

ජනාධිපතිවරයා වප් මගුල් උත්සවය පැවැත්වුණු කැකිරාව - තිබ්බටුවැව වෙල්යායට පැමිණීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සීසෑම ආරම්භ වුණා.

එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන්, ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය වසන්ත අලූවිහාරේ, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න ඇතුළු මැතිඇමතිවරුන් රැසක් එක්ව සිටියා.

සීසෑමේ කටයුතු උතුරුමැද පළාත නියෝජනය කරන ගොවි නායකයින්ගේ සහාභාගිත්වයෙන් ආරම්භ වීම ද විශේෂත්වයක්.

හෙළ සම්ප්‍රදායට අනුව, සීසෑමේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව ගෙවිලියන් වෙල් යායට ඇඹුල ගෙන ඒමේ චාරිත්‍රය ද සිදුකෙරුණා.

මෙම ජාතික වප් මගුල් උත්සවය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වූ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ සියලූදෙනාම එකාවන්ව අනාගතයට කරන ආයෝජනයක් ලෙස සලකා වගා සංග්‍රාමයට එක්විය යුතු බවයි.

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය පෙරටු කර ගත් ජාතික වප් මගුල් උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කළේ ජාතික වගකීමක් ලෙස සලකමින් රටේ සියලූ පාර්ශව මෙම වගා සංග්‍රාමයට එක්විය යුතු බවයි.

එහිදී ජනාධිපතිවරයා සදහන් කළේ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය සාර්ථක කර ගැනීම සදහා ආනයනය කෙරෙන සියලූම කෘෂිකාර්මික තාක්ෂණ උපකරණ බදු වලින් නිදහස් කිරීමට කටයුතු කරන බවයි.

ඡායාරූප පහතින්..


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  12,762 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  1,098 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,533 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,220 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,721 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,084 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,258 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,952 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  6,319 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  35,977 Downloads



Top 10 Commenters

Latest Comments

Top