Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
06
Update : හම්බන්තොට ඒකාබද්ධ විපක්ෂ විරෝධතාවේ උණුසුම් තත්වයක් - Video

- Update : හම්බන්තොට ඒකාබද්ධ විපක්ෂ විරෝධතාවේ උණුසුම් තත්වයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,421 Views
මත්තල - ජාත්‍යන්තර ගුවන්තොටුපල ඉන්දියාවට දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබාදීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් අද පෙරවරුවේ ආරම්භ කළ විරෝධතාවට එක්වූ පුද්ගලයින් 26 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඇති වූ උණුසුම් තත්ත්වය අතරතුර පොලිස් නිලධාරින් තුන්දෙනෙකු ද තුවාල ලබා ඇති බවයි හම්බන්තොට ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ.

එම විරෝධතාව හම්බන්තොට පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය ඉදිරිපිටට පැමිණ එහි නිලධාරින්ට සංදේශයක් ද භාරදුන් අතර, ඉන් අනතුරුවයි ඔවුන් විසුරුවා හැරීම සදහා පොලීසිය කදුලූ ගෑස් සහ ජල ප්‍රහාරයක් ද එල්ල කළේ.

විරෝධතාකරුවන් මේ වනවිට විසිර ගොස් ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සදහන් කළේ.

විරෝධතාව හම්බන්තොට අධිකරණ බලසීමාව තුළ මහජනතාවට පීඩාකාරි වන ආකාරයෙන් නොපවත්වන ලෙසට අධිකරණය ඊයේ තහනම් නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.



-------------------------------------Update---------------------------------------

මත්තල - ජාත්‍යන්තර ගුවන්තොටුපල ඉන්දියාවට දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබාදීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් අද (06) පෙරවරුවේ ආරම්භ කළ විරෝධතාවට මීට ටික වේලාවකට පෙර පොලීසිය කදුලූ ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළා.

එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සදහන් කළේ හම්බන්තොට පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාලය ඉදිරිපිටට විරෝධතා පෙළපාලිය පැමිණීමත් සමග පොලිසිය මෙලෙස කදුලූ ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම විරෝධතාවය අද පෙරවරුවේ ආරම්භ කරනු ලැබුවේ හම්බන්තොට වෙරළ උද්‍යානය අසලින්.

ඒ සදහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ඩී.වී.චානක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඇතුළු පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයින් සහ පළාත් සභා නියෝජිතයන් පිරිසක් එක්වුණා.

විරෝධතාව හම්බන්තොට අධිකරණ බලසීමාව තුළ මහජනතාවට පීඩාකාරි වන ආකාරයෙන් නොපවත්වන ලෙසට අධිකරණය ඊයේ තහනම් නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.

අද විරෝධතා පෙළපාලියෙන් හම්බන්තොට වෙරළ උද්‍යානයට රොක් වූ විරෝධතාකරුවන් හම්බන්තොට - ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය වෙත පාගමනින් පැමිණ සංදේශයක් ද භාර දෙනු ලැබුවා.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාව පැවැත්වෙන අද දිනයේ හම්බන්තොට ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර ඇති බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

ඒ සදහා පොලිස් කැරලි මර්දන ඒකකය, විශේෂ කාර්ය බලකාය සහ තංගල්ල කොට්ඨාශයේ පොලිස් ස්ථාන කිහිපයකම නිලධාරින් කැදවා තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  12,368 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  1,098 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,533 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,220 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,721 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,084 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,258 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,952 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  6,319 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  35,974 Downloads



Top 10 Commenters

Latest Comments

Top