Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
06
"අවුරුදු හතක් ආදරේ කළත් එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිසා විවාහ වෙනතුරුම විශ්වාස කළේ නැහැ මාව විවාහ කරගනීවි කියලා.." අකිලගේ බිරිද - Exclusive - Photos

- "අවුරුදු හතක් ආදරේ කළත් එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිසා විවාහ වෙනතුරුම විශ්වාස කළේ නැහැ මාව විවාහ කරගනීවි කියලා.." අකිලගේ බිරිද - Exclusive - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

44,441 Views
"මම උයන්න තවම දන්නේ නැහැ.."

"එදා මුළු පාසලේම අය අපේ ආදරේ ගැන දැනගත්තා.."

"එයාගේ අංකය ජනේලයෙන් මම හිටපු සීට් එකට විසි කළා.."

අකිල ධනංජය පෙරේරා කියන්නේ දක්ෂ වමත් පිතිකරුවෙක් වගේම පන්දු යවන්නෙක්. තවමත් 25 වියේ පසුවන ඔහු මුලින්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක් වුණේ. 2012 වර්ෂයේ. ඒ නවසීලන්තයට එරෙහිව තරග කරමින්. ඉන් පසුව වර්ෂ පහක්ම ඔහුට සිය තැන හිමි කරගන්න බැරි වුණා. යළිත් ඔහු කතා බහට ලක් වෙන්නේ පසුගියදා ලංකාවේ ඉන්දීය කණ්ඩායම සමග පැවති තරගයේදියි. එහිදී ඔහු එකපිට කඩුළු 6ක් ලබා ගන්න සමත් වුණා.ඔහු ගැන නිරන්තරයෙන් කතා කරන නිසා ඔහු ගැන ඔහුගේ ආදරණිය බිරිද නෙතලි සමරවික්‍රම එක්ක හිරු ගොසිප් කතා කරන්න හිතුවා. මේ  ඇයත් එක්ක කළ සංවාද සටහනයි.

විවාහ වෙලා එතරම් කාලයක් ගත වෙලා නැහැ. අඩු වයසින් විවාහ වුණු නිසා පවුල් ජිවිතේ වගකීම වැඩියි කියලා දැන් හිතෙන්නේ නැද්ද නෙතලි..?
අකිල ටිකක් කාර්ය බහුලයි. ක්‍රිකට් එක්ක. නමුත් මම හරිම සතුටින් පවුල් ජිවිතේ ගැන හිතනවා. අපි අවුරුදු හතක් ආදරේ කළා. මගේ දෙමාපියන්ට ඉන්න එකම දරුවා මම. මගේ දෙමාපියන් වගේම අකිලගේ දෙමාපියන් කිව්වා අපි දෙන්නගේ බැදීමට කාලයක් ගත වෙලා නිසා ඉක්මණට වෙන්න කියලා. ඒ නිසයි අඩු වයසින් විවාහ වුණේ. එහෙම කියලා ලොකුවට තවම වගකීමක් දැනිලා නැහැ එයාගේ දෙමාපියන් අපිත් එක්ක ඉන්න නිසා.අකිලගේ අම්මා හැමදේටම මට උදව් කරනවා.

ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට ඔබේ සැමියා අකිලට ලබා දිය යුතු ආහාර රටාව වෙනස්. ඒ කියන්නේ නෙතලි තවම උයන්න පිහන්න දන්නේ නැහැ..?
අකිලට කෑම බීමෙන් පරිස්සම් වෙන්න ඕන. ඇත්තටම මම උයන්න දන්නේ නැහැ. අම්මා තමයි ඒ දේවල් අකිලට කරලා දෙන්නේ. එයාගේ කිරි එක හදලා දෙන්නේ මම. ඒ හැරුණුකොට ගෙදර අස්පස් කරන එක වගේම අනිත් දේවල් කරන්න මට පුළුවන්. උයන්න විතරයි දන්නේ නැත්තේ.ඉගෙන ගන්න ඕන.

අකිලගේ වගේම ඔබගේත් ප්‍රථම ප්‍රේමය මෙයද..?
ඔව්. අකිලට මම ආදරේ කරද්දී මම දහය වසරේ ඉගෙන ගත්තේ. අකිල මට වඩා අවුරුදු 3ක් වැඩිමහල්. අපි දෙන්නගෙම මුල්ම ආදරේ මේ. ඒ ආදරේ විවාහයෙන්ම කෙළවර වුණ එක ගැන සතුටුයි.

අකිල කියන්නේ ජාත්‍යන්තරය නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයෙක්. බොහෝ දෙනාගේ ආදරේ ලබන අකිලගේ ආදරේ ඔබට අහිමි වෙයි කියලා කවදාවත් හිතිලා නැද්ද..?
අකිල ජාතික කණ්ඩායමට ඇතුළත් වෙන්නේ 2012 අවුරුද්දේ. ඊට අවුරුදු දෙකකට කලින් අපි ආදරේ කරන්න පටන් ගන්නේ. මුල් කාලේ එහෙම නොහිතුණත් ජාතික කණ්ඩායමට එකතු වුණාට පස්සේ නම් මම හිතුවෙම නැහැ එයා මාව විවාහ කරගනීවි කියලා. මොකද සමහර අය කිව්වා ක්‍රිකට් ක්‍රීඩකයින් ගොඩක් පෙම්වතියන් ඇසුරු කරනවා කියලා. ඒ දේ එක්ක අවුරුදු  හතක් ආදරේ කළත් විවාහ වෙනතුරුම විශ්වාස කළේ නැහැ අකිල මාව විවාහ කරගනීවි කියලා. බොහෝ වෙලාවට එයාගේ ආදරේ අහිමි වෙයි කියලා මට හිතුණා. හේතුවක් නැතුව දුක් වුණු අවස්ථාත් තියෙනවා.දැන් නම් ඒ බය නැහැ. ඔහු ඇත්තටම මට ආදරේ කරනවා කියලා මම දන්නවා.

පාසල් ප්‍රේමයක් නිසා බාධක මැද ආදරේ කරන්න ඇති. ඔහුව මුණගැහෙන්නෙත් පාසල් ක්‍රීඩාංගනයේදී නේද..?
අපි දෙන්නම ඉගෙන ගත්තේ එකම පාසලේ. මට එයාව මුලින්ම මුණගැහෙන්නේ දහය වසරේදී. එතකොට මම ක්‍රීඩා වලට සම්බන්ධ වෙලා හිටියා. එයා ක්‍රිකට් ගැහුවා. දවසක් මම වොලිබෝල් ක්‍රීඩා කරමින් ඉන්න අතරතුර තමයි එයා මාව දකින්නේ. ඊට පස්සේ මගේ යාළුවෙක් මාර්ගයෙන් එයාගේ කැමැත්ත ප්‍රකාශ කරලා තිබුණා. නමුත් මම ඒ ගැන හිතුවේ නැහැ.ටික දවසක් ගියාට පස්සේ බිග්මැච් තිබුණා. 2010 මාර්තු මාසේ 24,25 දවස් දෙකේ. මම වෙස්ටන් බෑන්ඩ් එකේ හිටපු නිසා මෙයාලා එක්ක වැඩිපුර ඉන්න සිදු වුණා. එතැනදී තමයි මගේ හිතත් එයාට ගියේ. එතැනදී තමයි මගේ කැමැත්ත දුන්නේ.25දා බිග්මැච් ඉවර වෙලා මම ආව බස් එකට ගියා. එයා බස් එක ළගට ඇවිත් එයාගේ අංකය ජනේලයෙන් මම හිටපු සීට් එකට විසි කළා. මම ඒක අරගෙන පස්සේ කතා කළා. එදා තමයි මුළු ඉස්සොලේම දැනගත්තේ අපි දෙන්නා ගැන. පාසලෙන් පවා අපිට ප්‍රශ්න ආවා.

ආදරේට දෙමාපියන් විරුද්ධ වුණේ නැද්ද..?
මුල් කාලේ සෑහෙන්න විරුද්ධ වුණා දෙපැත්තෙන්ම. මම ඉගන ගන්නවා. ඒ නිසා මගේ දෙමාපියන් මට උපදෙස් දුන්නා මුලින්ම ඉගෙන ගෙන ඉන්න කියලා. එයාගේ ගෙදරින් විරුද්ධ වුණේ එයාගේ ක්‍රිකට් ජිවිතේට මාව බාධාවක් වෙයි කියලා. දෙමාපියන් විරුද්ධ වුණත් අපි ආදරේ කළා ඒ හැමෝටම හොරෙන්. පස්සේ අපි දෙන්නම සාර්ථක නිසා දෙමාපිය ආශිර්වාදය ලැබුණා.

ජාතික කණ්ඩායමේ ඔහු 5වසර ක් ක්‍රීඩා කළේ නැහැ. ඔහුගේ මානසික මට්ටම කොයිවිදිහටද තිබුණේ.. ගෙදර තහනම් වචනය ක්‍රිකට්ද..?
ඒ කාලේ එයා ගොඩක් මහන්සි වුණා එයාගේ දක්ෂතා ඉස්මතු කරගන්න. ලොකුවට මානසිකව වැටුණේ නැහැ. දුකක් තියෙන්න ඇති නමුත් පෙන්නුවේ නැහැ.ඔහුට ලොකු විශ්වාසයක් තිබුණා යළිත් අවස්ථාව ලැබෙයි කියලා. මමත් ක්‍රීඩා වලට කැමති නිසා ගෙදර ක්‍රිකට් තහනම් වචනය නෙමෙයි. අපි ක්‍රිකට් ගැන කතා කරනවා.

විවාහ වෙලා පහුවදාම ඔහුට පිටියට යන්න සිදු වුණා. ඉන්දියා කණ්ඩායක එක්ක තරග කරන්න. එදා ඔහු විකට් හයක් එක පිට ලබා ගත්තා. ඒ මොහොතේ බිරිද විදිහට ඔබට දැනුණේ මොන වගේ හැගිමක්ද..?
ඊට කලින් දවසේ වෙඩින් එක. රෑම පුහුණුවීම් කරන්න ගියා. එදා අපි දෙන්නම මහන්සියෙන් හිටියේ. නමුත් එයා එදා උපරිම දක්ෂතා පෙන්නුවා. මමත් මැච් එක බලන්න ගියා.විවාහ වෙලා පහුවදා ඒ වගේ දක්ෂතාවයක් දැක්වූ එක ගැන බොහෝ දෙනා කතා කළා. මම තමයි ගොඩක්ම සතුටු වුණේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  1,468 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  1,773 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,286 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  451 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  4,649 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  6,805 Downloads

Numba Mage Pun Sanda Nisa - Kithsiri Jayalath
Numba Mage Pun Sanda Nisa
Kithsiri Jayalath
⤵  2,711 Downloads

Nil Nethu - Tharaka Chinthaka ft Nishshanka Udaya
Nil Nethu
Tharaka Chinthaka ft Nishshanka Udaya
⤵  4,101 Downloads

Thahanam Wu Adare - Naveen Munasinghe
Thahanam Wu Adare
Naveen Munasinghe
⤵  11,452 Downloads

Sithin Pathuwa Oya - Sampath Jayaweera
Sithin Pathuwa Oya
Sampath Jayaweera
⤵  3,274 Downloads



Top 10 Commenters

Latest Comments

Top