Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
31
විවාහය මතක් වෙනකොට ඇඟ හිරිවැටිලා බය හිතෙනවා | හේමාල් රණසිංහ

- විවාහය මතක් වෙනකොට ඇඟ හිරිවැටිලා බය හිතෙනවා | හේමාල් රණසිංහHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,356 Views
මෝස්තර නිරූපණ ශිල්පියෙක්, නිවේදකයෙක්, රංගන ශිල්පියෙක් වගේම ලාංකීය තරුණියන්ගේ සිත්ගත් කඩවසම් තරුණයෙක් වුනු හේමාල් රණසිංහ තාමත් තනිකඩ දිවියක් ගතකරනවා කියලා තමයි ආරංචි. අපි ඒ ගැන වගේම හේමාල්ගේ ජීවිතේ ගැන පොඩි පොඩි ප්‍රශ්න ටිකක් හේමාල්ගෙන් ඇහුවා

වෘත්තීය වශයෙන් තමන්ව හඳුන්වන්න කැමති?
රංගන ශිල්පියෙක් විදියට.

නළුවෙක් වීමේ හීනය සැබෑ වීම ගැන හිතෙන්නෙ මොකක්ද?
නිහතමානි සතුටක්. තාම මගේ හීනය සැබෑකර ගන්න පටන්ගත්තා විතරයි. රංගනය ගැන ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. තාම සාර්ථකත්වය කියන මාවතේ අඩි කිහිපයක් ඉදිරියට ගියා විතරයි.

රංගන ශිල්පියෙක් වෙන්න සියලුම දේ සපුරා තියෙද්දී ඇයි සිනමාවට එකතුවෙන්න මෙතරම් කාලයක් ගත වුණේ?
හැමදේටම සුදසු කාලයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මම රංගනයට එකතු වෙන්න සුදසු කාලෙදි කියලා.

සිනමාවේ ලොකු පෙරළියක් කරන්න හේමාල්ට පුළුවන් කියලා සිතනවාද?
ප්‍රේක්ෂකයන් මාත් එක්ක ඉන්නකම් මට සිනමාවේ රැඳී ඉන්න වාසනාව ලැබෙනවා. ඒ කාලය තුළදී මට පුළුවන් උපරිමයෙන් මම වැඩ කරනවා.

සටන් කලාව ගැන ඉගෙන ගන්න හේතුවුණේ රංගන ශිල්පියෙක් වීමේ හීනය නිසාද?
නෑ. ඒක පුංචි කාලයේ පටන් තිබුණු ආසාවක්. මම මාෂල් ආර්ට් ඉගෙන ගත්තෙ ‘මොකක්ද? ඒ කලාව‘ කියන දේ නිවැරදිව ඉගෙන මිසක් කාටවත් රිද්දන්න නෙමේ. එදා ඉගෙන ගත්ත දේ අද මගේ රංගන ජීවිතයට ශත්තියක් වුණා.

සම්භාව්‍ය චිත්‍රපටයකට ආරාධනා කළොත් හේමාල් භාරගන්නවද?
සම්භාව්‍යයද, කලාත්මකද, වාණිජද කියන දේ මට වැදගත් නෑ. ඔක්කොම එහෙම විවිධ නම් වලින් තිබුණට චිත්‍රපටය කියන්නේ කලාවක්. චිත්‍රපටි තෝරාගැනීමේදී මම වර්ගීකරණය සලකන්නේ නෑ.

වැඩිහිටියන්ට පමණයි, රංගනයකට ආරාධනා ලැබුණොත්?
මොන චිත්‍රපටයක් වුණත් කතා වස්තුවක් ගලාගෙන යාමට ඇතැම් දර්ශන අත්‍යවශ්‍යයිද කියලා බලන්න ඕන. ඒ වගේ දර්ශන චිත්‍රපටයට අදාළ වෙනවා නම් ඒ සඳහා රංගනයෙන් දායකවෙන්න වෙනවා. හැබැයි ඒ චිත්‍රපටයට ඒ කරුණු ඔබ්බලා තියෙනවා නම්. එතන ඒගැන හිතන්න වෙනවා.

චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදී අපේ රටේ නිර්මාණකරුවාට උපරිම නිදහසක් ලැබිලා තියෙනවද?
කෙටියෙන්ම කීවොත් උත්තරය නෑ කියන එකයි.

තමන්ට අභියෝගයක් තියෙන නළුවෙක් ඉන්නවද?
මම කාටවත් අභියෝගයක් වෙලා නෑ. මොකද මගේ රංගන ගමන අරඹන්නේ ආසාව නිසා. මම කරන්නේ ඒ ආසාව පස්සේ හඹාගෙන යන එක. මොකද ඒ පස්සේ හඹාගෙන ගියොත් විතරයි මගේ ආසාව ඉටුකරගන්න පුළුවන්.

ඔබ කාවහරි අනුකරණය කරනවද? අනුගමනය කරනවද?
මම පිළිපදිනවා. මම ක්‍ෂේත්‍රයේ දක්ෂයි කියන, මට හැඟෙන ඕනෑම කෙනෙක් උපදේශයක් අවවාදයක් දුන්නොත් මම මගේ විදියට අරගෙන ඒ දේ පිළිපදිනවා.

රංගනය නිසා සම්පූර්ණයෙන්ම නිරූපණයෙන් ඈත් වෙලා කිව්වොත්?
රංගනයට අඩිතාලම වැටුණේ නිරූපණය නිසා. අදටත් මම නිරූපනයට ආදරෙයි වගේම ගරු කරනවා. පුංචි දුකකුත් තියෙනවා. ඒත් ඔක්කොම බදාගෙන කරන්න බැරි නිසා නිරූපණයෙන් දුකින් හරි ඈත් වෙන්න වුණා. රංගනය කියන්නේ ගැඹුරු විෂයක් ඉතින් ඒ දේ නිවරැදිව හදාරන්න උපරිම කැපවෙලා ඉන්නේ.

කඩවසම් රංගන ශිල්පියෙක් විදියට කොහොමද තමන්ගේ බාහිර ස්වරූපය පවත්වාගෙන යන්නේ?
මගේ දෙමව්පියන්ගෙන් මට ලැබුණු ලොකුම දායාදය මිනිස්සුන්ට ප්‍රියමනාප රූපයක් ලබාදීම. අනිත් දේ මගේ හදවත පිරිසිදුයි. ඒ නිසා හොඳ රූපයක් තියෙනවා. ලස්සන වෙන්න කියලා. විශේෂයෙන් ආ‍ලේපන මොකුත් භාවිත කරන් නෑ. හදවත පිරිසිදු වුණාම ස්වභාව ධර්මයත් අපේ රූපය ආරක්ෂා කරලා දෙනවා. හැබැයි මගේ ශරීරය ගැන සැලකිලිමත් වෙලා ජීම් යනවා.

විලාසිතා සඳහා මාසෙකට කීයක් වියදම් කරනවද?
එහෙම පැකේජ් එකක් නෑ. මට සුදසුයි කියලා හිතුණොත් මම ඒ දේ මිලදී ගන්නවා. ඒක ගාන වැඩිද අඩුද කියලා බලන් නෑ. මම වියදම් කරන්නේ මගේ කැමැත්තට මුල් තැන දීලා.

පසුගිය දවස්වල ඔබට විවිධ කටකතා හැදුණා ඒ ගැන. අද මොකද හිතෙන්නේ?
අද මට ඒ ගැන පසුතැවීමක් නෑ. බුද්ධිමත් මිනිස්සු තේරුම් ගන්නවා මොකක්ද ඇත්ත කියන එක.

හේමාල් වෘත්තීය ජීවිතයට මුල්තැනක් දීපු නිසාද විවාහය කල් යන්නේ.?
විවාහය ගැන කල්පනා කරනවා. සමහර වෙලාවට ඇග හිරිවැටිලා බයත් එනවා. ඒ දැන්මම විවාහ වෙන්න තරම් මම වෘත්තීයමය වශයෙන් සාර්ථක වෙලා නෑ. තාම මම උත්සාහ කරනවා. රංගන ශිල්පියෙක් ලෙස ස්ථාවරයක් ගොඩනගා ගත්තට පස්සේ මම විවාහ වෙනවා. මොකද අවුරුදු 50 ක් පහු වුණාම විවාහ වෙන්න බෑ. නිසි වයසක් තියෙනවා. හේමාල් කසාද බඳිවී.ඒත් ළඟදීම නෙමේ.

ඒ කියන්නේ තාම හේමාල් පෙම්වතෙක් නෙමේ කියලා?
දැන් මට පෙම්වතියක් නෑ. මට පෙම්වතියක් ඉඳලා තියෙනවා. අපිට ආදරය කියන දේ දැනෙනවා සංවේදී මිනිස්සු නිසා. ඒ ඉඳපු අයට මම සෙල්ලමට ආදරේ කළේ නෑ. අදටත් මම ගරු කරනවා.

කලා ක්‍ෂේත්‍රය ඔබ නියෝජනය නොකළා නම් අද හේමාල් කියන්නේ?
ආනයන අපනයන ක්‍ෂේත්‍රයේ ඉහළම තැනක සාර්ථකව රැකියාවක් කරන කෙනෙක්.

හේමාල්ගේ ඡායාරූප එකතුවත් පහතින්...



























Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,404 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,077 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,245 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,352 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,461 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,001 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,514 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,790 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,409 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,367 Downloads



Top 10 Commenters

Latest Comments

Top