කොළඹ නගරය තුළ පිහිටි සිනමා ශාලා 18 ක් පරීක්ෂා කර බැලූ කොළඹ මහනගර සභාව ඉන් බොහෝමයක් හොද තත්වයේ නොපවතින බව පවසනවා. සිනමා ශාලා 18 න් දෙකකම වැසිකිළි බොහෝ අපිරිසිදු තත්ත්වයේ පැවති බැවින් ඒවා සකස්කර ගන්නා ලෙසට දැනුම්දුන් බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා පවසනවා.
එම සිනමා ශාලා දෙකේ වැසිකිළි නිසි පරිදි සකස් කර නොගතහොත් ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්‌ඩලය විසින් නිකුත් කර ඇති බලපත්‍රය අහෝසි කරන ලෙසට දැනුම් දීමට පියවර ගන්නා බවද ඒ මහතා පවසනවා.