Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
30
කිසිම නළුවෙක් මගෙන් ආදරේ ඉල්ලුවේ නෑ | ඩිලානි අබේවර්ධන

- කිසිම නළුවෙක් මගෙන් ආදරේ ඉල්ලුවේ නෑ | ඩිලානි අබේවර්ධනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,290 Views
ඩිලානි අබේවර්ධන නම ශ්‍රී ලාංකේය කලා රසිකයන්ට තවම අමතකව ගොස් නැහැ. චිත්‍රපට පනහකට වැඩි ප්‍රමාණයකට දායකත්වය දෙමින් ඇය පළ කළ රංගන කුසලතා වෙනුවෙන් එදත් අදත් ඉහළම ජනප්‍රියත්වයක් හිමිවනවා. ලංකාව අතහැර නිව්යෝර්ක්හි අද දිවි ගෙවන ඩිලානි සහ ඇගේ ආදරණීය දියණිය කවීෂා කාවින්දි සමග කළ කතාබහකි මේ...


ඩිලානි පිටරට පදිංචියට ගියේ ලංකාව එපාවෙලාද?
ලංකාව එපාවෙලා නැහැ. මේ අවුරුද්දේ අන්තිමට ලංකාවට ඇවිත් යන්න එනවා. දුවගේ විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු අවසන් වෙන්න තව අවුරුදු හතරක් ගතවෙනවා. දරුවෝ දෙන්නාව තනියෙන් දාලා මට ලංකාවට එන්න බැහැ. ඒ අය වෙනුවෙන් තව ටික කාලයක් ඉවසන්න වෙනවා.විදෙස්ගත වුණු මුල් කා‍ලේ නම් හුඟක් දුක්වුණා විදෙස්ගත වුණු එක ගැන. ඒත් දැන් ඒ ජීවිතයට පුරුදුවෙලා. 

ඩිලානිගේ නම, රුව, ඇතැම් චරිත බොහෝ අයට තවමත් මතකයි. ලැබෙන ප්‍රතිචාර එක්ක රඟපෑමෙන් ඉවත් වුණු එක ගැන කනගාටුවක් නැද්ද?
ලොකු කනගාටුවක් තියෙනවා. ඒත් ජීවිතේ තීරණය වෙන්නේ ඒ මතම නොවෙයි. ලැබිම් නොලැබිම් කාටත් ‍පොදුයි. මේ මට ලැබුණු විදිහ. කනගාටුවක් තිබුණත් නැවත රංගනයට කවදා හරි දවසක එකතු වෙනවා කියන සිතුවිල්ල එක්ක ජීවත් වෙනවා.

අවුරුදු දහසයේදී රංගනයට ආ ඩිලානිගේ ඒ අතීත කතාවත් ආවර්ජනය කරමු?
මම ඉගෙන ගත්තේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ. අපි පදිංචිවෙලා හිටියේ දෙහිවල. මම රංගනයට ආවේ පාසල් කාලයේදීමයි. ඒ 85 අවුරුද්දේ. ඒ කා‍ලේ ආරාධනා කියලා පුවත්පතක් තිබුණා. ඒ පුවත්පතේ ‘ලිට්ල් රෝස්’ කියලා සුරූපී මුහුණු තරගයක් තිබුණා. මමත් එයට අයැදුම් කළා. අවුරුදු එකහමාරක් තිස්සේ ඒ තරගය තිබුණා. අන්තිම තරගයට තරුණියන් දහදෙනෙක් තෝරාගත්තා. ඒ අතර මමත් හිටියා. පළමු තැන ලබාගන්නා රුවැත්තියට චිත්‍රපටයක රඟපාන්න අවස්ථාවක් ලබාදෙනවා කියලයි තිබුණේ. ඒ අවස්ථාව ලබාගත්තේ මම. ඒ විදිහට තමයි මම ආනන්ද වික්‍රමසිංහ මහතාගේ ‘සටන’ චිත්‍රපටයට සම්බන්ධ වුණේ. එදා පටන්ගත් ගමනේ සරසවි සම්මාන ඇතුළු කලා ලොවේ සම්මාන රාශියක හිමිකාරිය වුණා.

ඒ ජනප්‍රියත්වය නිසාම නළුවන්ගෙන් එහෙම ආදරයට ඇරයුම් ලබන්නත් ඇති?
අද කා‍ලේ වගේ ‍නෙවෙයි ඒ කා‍ලේ. ඒ කා‍ලේ හරිම සුන්දරයි. හැමෝම සහෝදරයෝ වගේ හිටියේ. මම වැඩිපුරම රඟපෑවේ ජීවන් කුමාරතුංග හා රන්ජන් රාමනායක එක්ක. ඒත් කවුරුත් නම් ආදරේ ඉල්ලුවේ නැහැ.

ඒ කියන්නේ ඩිලානි අබේවර්ධනට කටකතා හැදිලා නැහැ කියන එකද?
කටකතා නම් හුඟක් හැදුණා. ජනප්‍රිය අයට කටකතා හැදෙනවා වැඩියි. ඒත් ඒ කතා පදනමක් නැති ඒවා. හිත රිදුණත් ඒවා ඇත්ත සිදුවීම් නොවන නිසා හිත හදාගත්තා. සමහර වබේ අඩවිවල අදටත් මගේ දුවගේ ඡායාරූප දාලා විවිධ කතා පතුරනවා. එයා ඒවා බලලා අඬන දවස් තියෙනවා. මම එයාට නිතරම කියනවා කලාවට සම්බන්ධ වෙනවා නම් හිත ශක්තිමත් කරගන්න එන ඕනෑම ප්‍රතිචාරයක් භාරගන්න කියලා. මට වගේම දුවටත් කටකතා හැදෙනවා. ඒත් ඒවා ඇත්ත නොවෙයි.

ඔබේ ස්වාමිපුරුෂයා සංගීතයට සම්බන්ධ වුණු කෙනෙක්. ඔහු ගායකයෙක්. ඔහුව ඔබට මුණ ගැහෙන්නේ?
මගේ සැමියා සමන් පුෂ්පවර්ණ. එයාගේ තාත්තා මම රඟපෑව ටෙලි නාට්‍යයක රඟපෑවා. දවසක් එයාලගේ ගෙදර උත්සවයක් තිබුණා. මමත් ඒකට සම්බන්ධ වුණා. ඊට පස්සේ දවසක ආනන්ද අමරසිරි මහත්මයා සමග අපේ ගෙදර ආවා. ආටිකල් එකක් කරගන්න. එතැනදී තමයි මට සමන්ව අඳුරගන්න පුළුවන් වුණේ. එතැනින් පස්සේ නිතරම කතාබහ කළා. ආදරය කළා. අපි ආදරය කරන්න පටන් ගන්නේ 92 අවුරුද්දේ. ඊට පස්සේ 94 අවුරුද්දේ අපි විවාහ වුණා. දැන් අපිට දුවෙක් වගේම කවිඳු කවිෂ්ක කියලා අවුරුදු නවයක පුතෙක් ඉන්නවා.

මේ වසර අවසානයට ලංකාවට එන්නේ රඟපාන අදහසින්ද?
කෙටි නිවාඩුවකට එන්නේ. ඒ කාලය තුළ හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්න පුළුවන් වුණොත් හොඳයි. ඒ වගේම පරණ යාළුවෝ මුණගැහෙන්න ආසයි.

ලංකාවට පදිංචියට එනවද?
ඔව්. තව වසර කිහිපයකින්. බොහෝදුරට දුවගේ අධ්‍යාපන වැඩකටයුතු අවසන් වුණාට පස්සේ අපි එනවා.
ඩිලානිට සමුදුන් අපි අනතුරුව ඇගේ දියණිය කවීෂා කාවින්දිව කතාබහට එකතුකර ගත්තා.

කවීෂා ගායනය ඇරඹුවේ කොහොමද?
නිෂ්ක සාලින්ද එක්ක යුග ගීතයක් කළා. ඒ ගීතය ලිව්වේ සචිත උදයංග. සංගීතය ඉසුරු විතානගේ. ගීතයේ නම ‘මන්දාරම් අඳුරේ’ ආදරණීය කතාවක් කිව්වොත් මම හරි. ඒ ගීතය මේ දිනවල ඇහෙනවා ලංකාවේ ගුවන්විදුලි නාලිකාවල. ඊට කලින් මම ආනන්ද පද්මසිරි ලියූ ‘සමනලී’ කියලා ගීතයක් නිර්මාණය කළා. ඒක ආදරය හොයන ගීතයක්. ඒකත් එළිදක්වන්න බලා‍පොරොත්තුවක් තියෙනවා.

ලංකාවේ ජීවත් වුණා නම් මීට පෙර නිර්මාණවලට සම්බන්ධ වෙන්න තිබුණා කියලා හිතෙන්නේ නැද්ද?
හැම මොහොතකම එහෙම හිතෙනවා. මම ලංකාවේ හිටියා නම් ගායිකාවක් වෙන්න කලින් නිළියක් වෙන්න තිබුණා. ඒත් අපිට විදෙස්ගත වෙන්න වුණා. මගේ අධ්‍යාපන වැඩකටයුතු නිසා.

කවීෂා තාම අධ්‍යාපනය හදාරනවාද?
ඔව්. මම මූලික අධ්‍යාපනය ලැබුවේ ලංකාවේ. විචලි ජාත්‍යන්තර පාසලෙන්. අවුරුදු හතේදි විතර අපි ලංකාවෙන් ආවේ. අවුරුද්දෙන් අවුරුද්ද විවිධ රටවල ජීවත් වුණා. ඊට පස්සේ තමයි 2002දී නිව්යෝර්ක් ආවේ. තව සති කිහිපයකින් මගේ විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු පටන් ගන්නවා. අවුරුදු හතරක් යනකල් ඒ අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දෙන්න තමයි මම කල්පනා කරන්නේ.

ඊට පස්සේ කලා කටයුතුවලට සම්බන්ධ වෙනවාද?
තවම ලොකු අදහසක් නැහැ. කලාවට ආසයි, ආදරෙයි. ඒ වගේම ලංකාවට ඇවිත් ලංකාවේ සුවය විඳින්න ආසයි. මම මෙහේ හිටියට ලංකාව ගැන හිතනවා. ලංකාවේ ටෙලි නාට්‍ය, චිත්‍රපට, සින්දු වගේම ප්‍රවෘත්ති බලන්නේ ඒ නිසයි.

ඒ කා‍ලේ ඔබේ මව ඩිලානි ජනප්‍රිය චරිතයක්. ඔබටත් ඒ ජනප්‍රියත්වය දැනුණාද?
මම අම්මා එක්ක හැමදාම ෂූටින් ගියා. ඒ යනකොට සමහර නිර්මාණවල පුංචි පුංචි චරිතවලට මාවත් ගත්තා. මම පුංචි ළමයෙක් වුණාට අම්මගේ පිටපත් කියවන්න උත්සාහ ගත්තා. ඒ කා‍ලේ මට තේරුමක් නැහැ. අම්මගේ ජනප්‍රියත්වය ඒ නිසා දැනුණේ නැහැ. ඒත් මෙහේ ආවාට පස්සේ මමත් ටික ටික ලොකු වෙනකොට අම්මාට තවමත් ලැබෙන ප්‍රතිචාර ගැන සතුටක් දැනුණා. මිනිස්සු අදටත් අම්මාගේ හැකියාව ගැන කතා කරනකොට ආඩම්බරයි. රංගනයෙන් ඉවත්වෙලා වසර ගණනාවක් වුණත් අම්මාව හුඟ දෙනකුට මතකයි. මගේ අම්මාගේ දක්ෂතාවට මිනිස්සු ඒ විදිහට ගරු කරන්නේ ඒ නිසයි.

මව රංගනයෙන් දායකත්වය ලබාදුන් නිර්මාණ ඔබ රස විඳලා තියෙනවාද?
ඔව්. හැම නිර්මාණයක්ම දැකලා නැහැ. ටෙලි නාට්‍ය දෙක තුනක්, චිත්‍රපට දහයක් විතර බලලා තියෙනවා. අම්මා හුඟක් ජනප්‍රිය වුණේ ‘චරිත තුනක්’ කියන ටෙලි නාට්‍යයෙන්. ඒ නිසා මම ඒ ටෙලි නාට්‍යයේ චරිතයට අදටත් ආදරෙයි. ඇත්තම කිව්වොත් රංගන හැකියාව අම්මාගේ ඇඟේ තවම තියෙනවා කියලා මට හිතෙනවා. අම්මා කිසි කෙනකුට යටත් වෙන කෙනෙක් නොවෙයි. ඒත් මමයි, මල්ලියි නිසා අම්මා රඟපෑමෙන් ඉවත්වෙලා විදෙස්ගත වුණා. ඇය මෙහේ රැකියාවක් පවා කරනවා. අම්මා ලංකාවේ ජීවත් වුණේ හරිම සැහැල්ලුවෙන්. ඒ නිසා මම කැමැතියි අම්මා ආයෙමත් රඟපානවා නම්.




















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,181 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,863 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  54,922 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  42,229 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,466 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,337 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,216 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,479 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,996 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,866 Downloads



Top 10 Commenters

Latest Comments

Top