Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
03
චතුරිකාව බිරිඳ කරගන්න කැමතියි...අපි ඒ ගැන පස්සේ කතා කරමු...ගයාන්

- චතුරිකාව බිරිඳ කරගන්න කැමතියි...අපි ඒ ගැන පස්සේ කතා කරමු...ගයාන්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,491 Views

චතුරිකා පීරිස් සහ ගයාන් වික්‍රමතිලක පහුගිය දවස්වල පුවත් මවපු ජෝඩුවක්නේ.රොෂාන් පිලපිටියගෙන් වෙන්වුනු චතුරිකා දැන් ගයාන්ගේ පෙම්වතිය.ගොඩක් අය මෙහෙම කිව්වත්,ගයාන් වගේම චතුරිකාත් මේ කතාව ප්‍රතික්ෂේප කළා.හැබැයි යාළුවො විතරයි කියපු මේ දෙන්නා දැන් ව්‍යාපාරයක් කරන්නත් පටන් අරන්.ආත්මා මේ තමයි ගයාන් සහ චතුරිකා එකතුවෙලා නිෂ්පාදනය කරන පලවෙනි ටෙලිනාට්‍යය.ටෙලි නාට්‍යය නිෂ්පාදනයට චතුරිකා පුරුදු කාරියක් වුනාට මේ ගයාන්ගේ පලවෙනි අත්දැකීම.අපි දන්නවා මේ ආරංචියත් එක්ක ඔබේ හිතේ ප්‍රශ්න ගොඩක් ඇතිවෙලා තියෙනවා කියලා.ඉතින් ඒ නිසා අද අපිට හිතුනා ගයාන් වික්‍රමතිලක එක්ක ටිකක් කතා කරන්න. 

ප්‍රශ්නය -:

ගයාන් මේ ටෙලිනාට්‍යය නිෂ්පාදනය කරන්න ඇයි ඔයා චතුරිකාවම තෝරාගත්තේ?

ගයාන් -:

මං හිතන්නේ දෙයක් කරනකොට හොඳින් අවබෝධයක් තියෙන කෙනෙක් එක්ක එකතුවෙලා කරන්න ඕනේ.අනිත් එක පහුගිය කාලේ අපි දෙන්නත් එක්ක කරපු නිර්මාණ ප්‍රේක්ෂකයෝ අතරට ගියානේ.ඒ වගේ තවත් නිර්මාණයක් දකින්න ඒ ගොල්ලෝ බලාපොරොත්තුවෙන් ඉන්නේ.

ප්‍රශ්නය -:

ඔබ දැනුත් කියන්නේ චතුරිකා යාලුවෙක් විතරයි කියලද?

ගයාන් -:

අපි දෙන්නට හොඳ අවබෝධයකින් කටයුතු කරගෙන යන්න පුළුවන්කියන විශ්වාසය තියෙනවා.ඉතින් ඒක නිසා තමයි මේ තීරණය අරගත්තේ.

ප්‍රශ්නය -:

මං ඇහුවේ තාමත් චතුරිකා යාලුවෙක් විතරයිද කියලයි?

ගයාන් -:

ඒකට පසු කාලීනව උත්තරයක් දෙන්නම්.

ප්‍රශ්නය -:

ඔය දෙන්නා කොච්චර නැ කිව්වත් මේවා මෙහෙම වෙද්දී අපිට හිතෙනවා දෙන්නා අතරේ මොකක් හරි දෙයක් තියෙනවා කියලා ?

ගයාන් -:

එහෙම කිසිම දෙයක් හිතන්න එපා.හොඳ නිර්මාණයකට දායක වෙලා ඉන්නවා.අපි ඒ නිර්මාණය ගැන හිතමු . ඒ ගැන බලමු.ඊට පස්සේ හැමදෙයක් ගැනම හිතමු.

ප්‍රශ්නය -:

ගයාන් මේ වෙනකොට ඔයාව හොඳටම අවබෝධ කරගත්ත කෙනා කවුද?

ගයාන් -:

හොඳටම අවබෝධකරගත්ත කෙනා....ඒක හොඳට කල්පනා කරලා දෙන්න ඕනේ උත්තරයක්.මං දැන් අජාසත්ත film එකේ රූගත කිරීම් අතරේ ඉන්නේ.ඒනිසා හොඳට කල්පනා කරලා බලලා පස්සේ ඒකට උත්තරයක් දෙන්නම්.

ප්‍රශ්නය -:

චතුරිකා ඔබට වඩා ප්‍රවිනයිනේ.කොහොමද ඇගෙන් ලැබෙන සහයෝගය? ඔබේ රංගන කටයුතු වලට?

ගයාන්-:

ගොඩාක් හොඳ සහයෝගයක් ලැබෙනවා සහ හොඳ විචාරයක් ලැබෙනවා. මං හිතනවා ඒක රංගන ශිල්පියෙක් සහ මනුස්සයෙක් හැටියට කෙනෙකුට ලබෙන්නම ඕනේ දෙයක් කියල.

ප්‍රශ්නය -:

ඉතින් මෙච්චර සහයෝගයක් ලබාදෙන චතුරිකාව බිරිඳ කර ගන්න කැමැත්තක් නැද්ද?

ගයාන් -:

නැත්තන්..... කැමතියි. මොකද නැත්තේ?

ප්‍රශ්නය -:

ඉතින් මොකද්ද එහෙනම් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ? ඇය කැමති නැද්ද?

ගයාන් -:

(සිනාසෙමින්) අපි ඒකට උත්තරයක් පස්සේ ගමු නේද?
















  








 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  808 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,614 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,404 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,186 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,367 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,254 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,859 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,747 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,738 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,663 Downloads



Top 10 Commenters

Latest Comments

Top