අනුරාධපුර මූලස්ථාන පොලීසිය අද සිදුකළ වැටලීමකදී පෙම්වතුන් 104 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ උපකාරක පන්ති යන බවට පවසා මෙම පෙම්වතුන් සිය නිවෙස්වලින් පැමිණ ඇති බවයි.
මොවුන් අනුරාධපුර නගරයේ උද්‍යානවල රැඳී සිටන බවට පොලීසියට දිගින් දිගටම ලද පැමිණිලිවලට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
ඇතැම් පෙම්වතුන් අශෝභන ලෙස හැසිරී ඇති බවට ද තොරතුරු ලැබී තිබෙනවා.
කෙසේ වෙතත්, අද අත්අඩංගුවට ගත් මෙම පෙම්වතුන් අවවාද මත මුදා හැරි බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.