අවුරුදු 15 ක බාල වයස්කාර දැරියක් දූෂණයක් සිදු කල පුද්ගලයින් තුන් දෙනෙකු මාතර කොට්ටාශ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාතර ළමා හා කාන්තා කාර්යාංශය වෙත ලැබුණු නිර්නාමික ලිපි කිහිපයකට අනුව විමර්ශන සිදුකල නිලධාරීන් අදාළ දැරියගෙන් ලබාගන්නා ලද ප්‍රකාශයක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය එම ප්‍රදේශයේම පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු විසින් තම නිවසේදීම ඇයට මරණ තර්ජනය කරමින් ස්ත්‍රී දූෂණය කර ඇති බව දැරිය විසින් පොලීසියට පවසා තිබෙනවා.
පසුගියදා මාතර ප්‍රදේශයේ බාලිකා පාසලක සිසුවියක් තරුණයින් පිරිසක් සමූහ දූෂණයට ලක්කර ඇති අතරට ඇයගේ දෙමාපියන් මේ බව වසන් කරන බව සදහන් කරමින් හම්බන්තොට නියෝජ්‍ය පොලිස් පතිවරයට සහ මාතර කොට්ටාශ භාර පොලිස් අධිකාරීවරයා වෙත යොමුකර තිබූ නිර්නාමික පෙත්සමක් සම්බන්දයෙන් විමර්ශන සිදුකර ඇති නිලධාරීන් අදාළ දැරියගෙන් ප්‍රකාශයන් ලබාගෙන තිබුනා.
දැරිය විසින් නිලධාරීන් වෙත ලබාදෙන ලද ප්‍රකාශයන්ට අනුව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් ඇය කිහිප අවස්ථාවකදීම දූෂණයට ලක්කර ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
2016 දෙසැම්බර් මාසයේ දිනයක තම නිවස අසල යාබද නිවසක තිබූ වැඩිවියට පත්වීමේ මංගල සාදයක් සදහා තම මවත් පියාත් සමග ගොස් රාත්‍රී 10 ට පමණ නැවත නිවසට පැමිණ නින්දට ගොස් ඇති අතර රාත්‍රී 12 ට පමණ නැවතත් ඇය වැසිකිලි යාම සදහා නිවසේ විදුලි පහන් දල්වා එලියට ගොස් ඇති බව ඇය පොලිසියට ලබා දුන් ප්‍රකාශයේ සදහන් කර තිබෙනවා.
වැසිකිලි ගොස් නැවත නිවාස තුලට එමින් සිටියදී පිටුපසින් පැමිණි කෙනෙකු අයගේ අතින් අල්ලා කට තද කර මුළුතැන් ගෙයි තිබු ඇදක් මතට තල්ලු කර ඇයට තර්ජනය කරමින් දූෂණයට ලක්කර ඇති බවත් ඇයගේ කෑ ගැසීම අසල නිවසේ මගුල් සාදයේ තිබු ශබ්දය නිසා කිසිවෙකුටත් නෑසුණු බවත් සදහන් කර ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.
නිවසේ දල්වා තිබු විදුලි පහන් නිසා පුද්ගලයා හදුනා ගැනීමට හැකි වූ බවත් මේ පිලිබදව කිසිවෙකුටත් පවසා තිබුණහොත් මරණ බවටද තර්ජනය කල බව ඇය සදහන් කර තිබෙනවා.
පසුව අවස්ථා කිහිපයකදීම අත්අඩංගුවට ගත් සැකකරු විසින් දැරිය දූෂණයට ලක්කර ඇතැයි හෙළිවී තිබෙනවා.
පසුව ඇය පුද්ගලයෙකු සමග ප්‍රේම සම්බන්දතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහුගේ අනු දැනුම මත විවිධ පුද්ගලයින් මෙම දැරිය දූෂණයට ලක්කර ඇති බවටයි ඇය ලබාදුන් ප්‍රකාශය අනුව අනාවරණය වී ඇත්තේ.
සිද්දිය සම්බන්දයෙන් සැකකරුවන් තිදෙනෙකු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණය සදහා මාතර මහා රෝහල වෙත යොමු කර තිබෙනවා. මාතර කොට්ටාශ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පරීක්ෂණ මෙහෙයවනවා.