Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
24
"සූප්පුවාට ගහන කනේ පාරවල් නම් ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ" සිනෙති අකිලා - Photos

- "සූප්පුවාට ගහන කනේ පාරවල් නම් ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ" සිනෙති අකිලා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

164 Views
"දවසක් කසුන් අයියාගෙ ඇස් වලින් කඳුලු පනින්න මම කනට ගැහුවා"

"එදා මට තිබුනේ ජපන් යන හීනයක්"

"මට ලැබුණු හැම චරිතයක්ම මට ගැලපෙන චරිත"

සිනෙති අකිලා කියන්නේ පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේද තම දක්ෂතා පෙන්වූ රංගන ශිල්පිණියක්.  චිත්‍රපටවලින් කරලියට ආ සිනෙති අකිලා  සිනමාව තුල වැඩි ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් තරුණියක්. 

මේ දිනවල හිරු ටී.වී ඔස්සේ දිගහැරෙන "හඳයා" ටෙලිනාට්‍යයේ මීනාගේ චරිතයෙන් පුංචි තිරයට සමීප වන ඇයගේ අලුත් තොරතුරු ගැන සති අන්ත පුවත් පතක මෙළෙස සඳහන් වුණා.


වැඩිපුරම සිනමාවෙන් දකින සිනෙති මේ දිනවල හඳයා හරහා මීනාගේ චරිතයෙන් ප්‍රේක්ෂකයාට සමීප වෙනවා. කොහොමද ලැබෙන ප්‍රතිචාර ?
ඇත්තටම තාමත් හඳයා ටෙලිනාට්‍යයේ කොටස් විකාශනය වුයේ පොඩි ප්‍රමාණයක්. ඒ වුණත් මීනාට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. කවදාවත් බලාපොරොත්තු නොවූ විදිහේ ප්‍රතිචාරයක් මීනාට ලැබෙනවා.

ඉතින් මේ දවස්වල මොනවද අලුත් වැඩ?
මේ දවස්වල නම් වැඩිපුරම කාර්යබහුල වෙලා ඉන්නේ හඳයා ටෙලිනාට්‍ය එක්ක. ඊට අමතරව වෙස්සන්තර ජාතකය සිනමා නිර්මාණයක් විදිහට මේ දිනවල රූගත කිරීම් කරනවා.

සිනෙතිට හඳයා ටෙලිනාට්‍යට දායක වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
මීදුම් අම්මා, වැලි ඔටුන්න, ටෙලිනාට්‍ය වලට පස්සේ තමයි මට හඳයා නාට්‍යයට දායක වෙන්නත් ලැබෙන්නේ. සුදත් දේවප්‍රියගේ නිර්මාණයකට දායක වෙන්න ගොඩක් ආසාවෙන් තමයි හිටියේ. මට මේ අවස්ථාව සලසා දුන්නේ ප්‍රභාත් රෝහණ අයියා සහ දනුෂ්ක අයියා. ඒ දෙන්නටම ස්තූති කරනවා.

හඳයා ටෙලිනාට්‍යය මෑතකදි කරලියට එන්නේ මීට දශක ගණනාවකට ඉහතදි ටයිටස් තොටවත්තයන්ගේ හදපු චිත්‍රපටයක් හරහා හඳයා ටෙලිනාට්‍යයේ රඟපාන්න කලින් හඳයා චිත්‍රපටය බැලුවද?
තවම නම් චිත්‍රපටය බලන්න ලැබුනේ නැහැ. මේ දවස්වල රූගතකිරීම් වැඩ නිසා ඒක මග ඇරුණා. ඉදිරියේදී අනිවාර්යෙන්ම චිත්‍රපටය බලන්න හිතාගෙන ඉන්නවා.

ඔබ මෙතෙක් රඟපෑ චරිත ගත්තම හඳයා ටෙලිනාට්‍යයේ මීනා, සිනෙතිට මොනවගේ වෙනසක්ද ගෙනාවේ?
ඇත්තටම මීනා කියන චරිතය මගේ ජීවිතේට ලොකු වෙනසක් ගෙනාවා. ප්‍රේක්ෂකයෝ මාව හැමදාම දැක්කෙ දඟකාර ළමා චරිතයක් විදිහට. ඒත් මීනා කියන්නේ හාත්පසින්ම වෙනස් චරිතයක්.

සිනෙතිගේ ජීවිතේට ලොකු වෙනසක් ගෙනාපු මීනා කියන්නේ ඇත්තටම කවුද?
මීනා ගමේ ඉඳලා කොළඹට එන්නේ ගාමන්ට් යන්න. ගාමන්ට් ගියත් මීනාගේ හිතේ දවසක නිලියක් වෙන්න ලොකු හීන බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒක පේළියට හදපු ගෙවල් ගොඩක් ඇතුළේ පුංචි බෝඩිං කාමරේකට කොටුවෙලා. හීන දකින මීනා කටකාර කාටවත් බය නැති කෙල්ලෙක්.

හඳයා දර්ශන තලයේ අමතක නොවන මතකයන් කොහොමද?
අම්මෝ සූප්පුවාට ගහන කනේ පාරවල් නම් ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. මීනා සූප්පුවගේ ආදරේ නිතරම ප්‍රතික්ෂේප කරනවා. නිතරම මීනට තියෙන්නේ සූප්පුවා ඉදිරියේ තරහ යන දර්ශන. ඇත්තට ඒ සිදුවීම්වලදි මට කසුන් අයියගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. දවසක් කසුන් අයියාගෙ ඇස් වලින් කඳුලු පනින්න මම කනට ගැහුවා.

මීනාට වගේ සිනෙතිටත් ඒ කාලේ නිළියක් වෙන්න හීනයක් තිබුණා නේද?
අම්මේ ඔව් පොඩි කාලේ මම ළමාපිටියේ සින්දු කියන කොට රඟපාන්නත් පුංචි ආසාවක් තිබුණා. සෝමරත්න සර් සහ රේණුකා මිස් නොහිටින්න අද මම මෙතන නැහැ. සිරි පැරකුම් චිත්‍රපටයට තේරේවි කියලා කවදාවත් හිතුවෙ නැහැ. එදා මට තිබුනේ ජපන් යන හීනයක්. ඒත් මාව චිත්‍රපටයට තේරුණා කියලා දැනගත්තාම මගේ අරමුණ වෙනස් වුණා.

සිනෙති ගොඩක්ම ප්‍රේක්ෂකයන් අතරට ආවේ ළමා චරිත හරහා නේද?
ඔව් මුලින්ම ප්‍රේමනීය චරිතයක් කළේ වැලිඔටුන්න ටෙලිනාට්‍යයේ. සිනමාවේ මම මුලින්ම පෙම්වතිය වුනේ සරිගම චිත්‍රපටයේ. තවම මට පෙම්වතියකගේ චරිතයක් ප්‍රධාන චරිතයක් විදිහට කරන්න ලැබිලා නැහැ.

පුංචි තිරයට වඩා සිනෙතිට වැඩි ඉල්ලුම තියෙන්නේ සිනමාවෙන්ද?
ඇත්තටම ඔව්. පුංචි තිරයට වඩා මට වැඩි ඉල්ලුම තියෙන්නේ සිනමාවෙන්. මම දැනට චිත්‍රපට හතක විතර රඟපාලා තියෙනවා. ඉදිරියේදී මම දායක වූ සේයා ඇතුළු තව චිත්‍රපට කිහිපයකුත් තිරගත වෙන්න සූදානම්.

රඟපෑ චරිත අතුරින් වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ?
සිනමාවේ කරපු චරිතවලට සරිගම චිත්‍රපටයේ ඕලු චරිතයට තාමත් ප්‍රේක්ෂකයෝ ආදරෙයි. අදටත් මට ගොඩක් අය කතා කරන්නේ ඕලු කියලා.

කළු එතනා චරිතයෙන් එළියට ආපු ඔබට රංගන ක්ෂේත්‍රයේ ඔබ අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?
අප්‍රමාන සතුටක් දැනෙනවා. මම මහා ලොකුවට ජනප්‍රිය නැතත් මට ආදරය කරන පිරිසක් මගේ වටේ ඉන්නවා. විශේෂයෙන් පොඩි ළමයි. හැබැයි චිත්‍රපට බලන්නේ නැති අය නම්  මාව අඳුරන්නේ නැහැ. මම ටෙලි නාට්‍යවල රඟපෑවා නම් මීට වඩා මම ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙන්න තිබුණා. හොඳ ටෙලිනාට්‍යයක් ලැබුනොත් කරනවා. ඒත් මගේ ලොකුම ආශාව තියෙන්නේ සිනමා නිළියක් වෙන්න.

ඉදිරියේදී සිනෙති දකින්න පුළුවන් නිර්මාණ ගැන කිව්වොත්?
ළඟදීම සේයා චිත්‍රපටය සහ ඊට අමතරව රන්දෝණි තිරගත වෙනවා. තව වෙස්සන්තර චිත්‍රපටයේ මන්ත්‍රි දේවි චරිතය මගේ රංගන ජීවිතේ ගොඩක් වෙනස් මාවතකට ගෙනයාවි කියලා හිතනවා.

සිනෙති රංගන දායකත්වය දෙන්න ලොකු මුදලක් ගන්නවා කියන්නේ ඇත්තද ?
ඔව් දෙයක් මම ඉගෙන ගෙන ක්ෂේත්‍රයට ආපු කෙනෙක්. ඒ නිසා මම නිර්මාණයකට දායක වෙන්න මේ මුදල ගන්නවා කියන්න බය වෙන්නේ නැහැ. මොකද මම චරිතයක් කරන්නේ මම ගැන හොඳ ආත්ම විශ්වාසයකින්.

ඒ කියන්නේ තමන්ගේ මුදලට එනවානම් ඕනම චරිතයක් භාරගන්නවාද?
අපෝ නැහැ. ඒත් මෙච්චර කාලෙකට ප්‍රතික්ෂේප කළ යුතු චරිත මට ලැබිලා නැහැ .මට ලැබුණු හැම චරිතයක්ම මට ගැලපෙන චරිත.



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top