කාලයක සිට සිහිමුර්ජා වීමේ රෝගයක් තිබිලා....
පවුලේ අය සොයද්දි මහකණුමුල්ල වැවේ වැටිලා ඉඳලා...
මරදන්කඩවල මහකණුමුල්ල ප්‍රදේශයේදී දියේ ගිලීමෙන් පුද්ගලයකු ඊයේ (23) මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ මහකණුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව්.එම්. අජිත් ප්‍රියන්ත වනසිංහ නැමැති 44 හැවිරිදි දෙදරු පියෙක්.
ඊයේ 23 උදෑසන ඔහු ධීවරකටයුතු සඳහා මහකණුමුල්ල වැවට ගොස් ඇති අතර පසුව ඔහු නිවසට නොපැමිණී බැවින් ඔහු පිළිබඳව සොයා බැලීමට පවුලේ පිරිස් වැව ලඟ සෝදිසි කර තිබෙනවා.
එම අවස්ථාවේදී අදාල පුද්ගලයා දියේ වැටී සිටිනු දැක ඇති පිරිස් කඩිනමින් ඔහු මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණු අතර අදාළ පුද්ගලයා රෝහල් ගතකරන අවස්ථාව වනවිටත් ඔහු මිය ගොස් සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.
මිය ගිය පුද්ගලයා කලක පටන් සිහිමුර්ජා වීමේ රෝගයකින් පෙළෙමින් සිට ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශණ වලදී අණාවරණය වී ඇත.
මිය ගිය පුද්ගලයාගේ මෘත දේශය මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ අතර එම හදිසි මරණය සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්ෂණය මාමිණීයාව උතුරු කෝරළය භාර හදිසි මරණ පරීක්ෂක පී.බී.ඞී.කුමාරසිංහ මහතා විසින් ඊයේ 23 සවස මරදන්කඩවල රෝහලේදී පැවැත්වුවා.
කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඞී.එම්.ටී.බී.ගනේගොඩ මහතාගේ උපදෙස් අනුව සුළු පැමිණිලි අංශයේ පොලිස් සැරයන් 26734-සුනිල් ශාන්ත මහතා විසින් පැවැති මරණ පරීක්ෂණයේදී සාක්ෂි මෙහෙයවූවා.
හදිසි මරණ පරීක්ෂණයේදී ඉදිරිපත් වූ සාක්ෂි අනුව එම හදිසි මරණය මරණකරුට කලකපටන් තිබූ සිහිසුන්වීමේ රෝගී තත්ත්වයක් උත්සන්නව සිහිසුන්ව වැටී දියේ ගිලීමෙන් ඇති වූ මරණයක් බවට හදිසි මරණ පරීක්ෂකවරයා එහිදී තීරණය කර තිබෙනවා.