ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය ලබන 28 වනදා අබුඩාබි හිදී ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඔක්තෝම්බර් මස 06 වන දා පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ දිවා රාත්‍රී තරඟයක් ලෙසටයි.
පාකිස්ථානය සහ ශ්‍රීලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරඟය මෙය වන අතර දෙරටම සහභාගී වන පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරඟයද මෙය වීම විශේෂත්වයක්.
මෙම දිවා රාත්‍රී ටෙස්ට් තරඟය සඳහා රෝස පැහැති පන්දුව යොදා ගනු ලබනවා.
මෙම තරඟයට සාර්ථකව මුහුණ දීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම රෝස පැහැති පන්දුව යොදා ගනිමින් රාත්‍රී කාලයේදී පුහුණුවීම් කටයුතු සිදුකරන බවයි වාර්තා වන්නේ.
රාත්‍රී විදුලි ආලෝක මාධ්‍යයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම රෝස පැහැති පන්දුවෙන් පෙර පුහුණු වීම වල නිරතවන ආකාරයේ දැක්වෙන ඡායාරූප කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ෆේස් ගිණුමට එක්කර තිබුණා.
දෙරට අතර ටෙස්ට් තරඟ දෙකට අමතරව එක්දින තරඟ 05ක් සහ පන්දුවාර 20 තරඟ 03ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.