ඕස්ට්‍රේලියාවේ සිඞ්නි නුවර පිහිටි කුඩා ඇලකින් දියේ ගිලීමෙන් අභිරහස් ලෙස මිය ගිය ශ්‍රී ලාංකික තරුණියකගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.
මීෂා රාජපක්ෂ නැමැති ඇය තොරතුරු තාක්ෂණ උපාධිධාරිනියක් වන අතර ඇගේ මරණය, ඝාතනයක් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. ඕස්ට්‍රේලියානු පොලීසිය සඳහන් කළේ ඇගේ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී ගෙල වටා සළුවක් ගැට ගසා තිබූ බවයි.
ඕස්ට්‍රේලියානු වාර්තාවලට අනුව 31 හැවිරිදි අමීෂා රාජපක්ෂගේ නිවස පිහිටා ඇත්තේ බටහිර සිඞ්නි ප්‍රදේශයේ ඇබ්සර්ලූට් වෝටර්ෆ‍්‍රන්ට් නම් මහල් නිවාස සංකීර්ණය තුළයි.
පසුගිය අඟහරුවාදා රාත්‍රී 7.00ට පමණ ඇය වෙළදසැලකට යාම සඳහා නිවසින් පිටව ගොස් තිබෙනවා. ඇය යළි නොපැමිණි නිසා මිය ගිය අමීෂාගේ පියා සහ සහෝදරයා අමීෂා සෙවීමට කටයුතු කර ඇත්තේ ඉන් අනතුරුවයි. කෙසේ වෙතත්, පසුදින උදෑසන 7.30ට පමණ නිවස ආසන්නයේ ඇති කුඩා ඇලකින් ඇයගේ සිරුර හමුවී ඇති බවයි එරට පොලීසිය සදහන් කළේ.
2009 වසරේ ඇය ඕස්ට්‍රේලියාවට පදිංචියට ගොස් ඇත්තේ තොරතුරු තාක්ෂණ උපාධියක් හැදැරීම සඳහායි.
මෙහි වීඩියෝව පහතින්....