Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
23
‘‘පතිනියකගේ හෝරාව“ හරහා රටම හඳුනාගත් නිලූෂි ඒ කාලේ ගිනිසිළුව වූ හැටි ගැන දැන් කියන කතාව - Photos

- ‘‘පතිනියකගේ හෝරාව“ හරහා රටම හඳුනාගත් නිලූෂි ඒ කාලේ ගිනිසිළුව වූ හැටි ගැන දැන් කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

146 Views
‘‘කලාවට ඇති ආදරය නිසා වැඩිහිටියන්ට පමණයි රඟපෑවා“
‘‘මම බැරිම තැන විග් එක ගලවලා පෙන්නුවා“
‘‘දරුවොත් අම්මා නිළියක් කියලා දන්නවා“

එදා පතිනියකගේ හෝරාව, විශ්ම රාත්‍රිය, සංසුන් නොසන්සුන් වැනි චිත්‍රපටවල රඟපෑ නිලූෂි හල්පිට ගැන ආයෙත් බොහෝ දෙනෙකු කතා බහ කරන්නට පටන් අරන්.

ඒ ‘‘බඹර විසේ“ චිත්‍රපටයත් එක්ක. ඒ කාලේ සිනමාවේ ගිනි සිළුවක් වෙච්ච නිලූෂි අලුත්ම විස්තර මේ විදිහට සති අන්ත පුවත්පතකට කියලා තිබුණා.


කාලයක් සිනමාවේ වැඩ පෙන්නපු ගිනිසිළුව ආයෙත් වැඩ පෙන්නන්න පටන් අරන් වගෙයි ?
ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කරපු අපේ යාළු මාළු චිත්‍රපටයට සම්බන්ධ වෙලා වැඩ කළා අවුරුදු 6 කට පස්සේ තමයි චිත්‍රපටියකට සම්බන්ධ වුණේ. එයට අමතරම DVD චිත්‍රපට දෙකකට සම්බන්ධ වෙලා වැඩ කළා.

රැල්ලේ චිත්‍රපටවලට කොටු වුණු නිලුෂි කලාත්මක චිත්‍රපටයකට රඟපාන්න හිතනවද ?
එහෙම විශේෂයක් නැහැ. සම්භව්‍ය කලාත්මක වාණිජ කියන දෙ මට අදාල නැහැ. මම කැමති වෙනස් චරිත රඟපාන්න. කළු සුදු කියලා මම තෝරා බේරා ගැනීමක් කරන්නේ නැහැ. යමක් කරන්න මට පුළුවන් දෙයක් නම මම ආශාවෙන් භාර ගන්නවා.

අද එහෙම කිව්වට අපි හිතුවේ නිලුෂි කලාව රඟපෑම අතහැර දාලා කියලා?
මම කලාවෙන් ඈත් වෙලා හිටියේ නැහැ. මට ආරාධනා ලැබුණේ නැහැ. මම බලාගෙන හිටියා නිර්මාණයකට කතා කරනකම්. කතා කරන්නේ නැහැ කියලා චරිත හොයාගෙන යන්නත් බැහැ.

මෙච්චර දවසක් ඉතිං නිලුෂි මොකද කළේ?
මම පොඩි කාලේ ඉඳන්ම කලාවට ආදරෙයි. විවේකි වෙලාවට සින්දුවක් අහනවා. දක්ෂතාව තිබ්බට නිර්මාණකරුවන් දක්ෂතාවයෙන් වැඩක් ගත්තේ නැහැ.

රඟපෑමත් එක්ක ඒ කාලේ ආන්දෝලනාත්මක චරිතයක් වුණා නේද ?
ඇත්තටම පතිනියකගේ හෝරාව වැඩිහිටි ලේබල් යටතේ ප්‍රදර්ශණය වුණේ ඒ කාලේ ඇඳුම ටිකක් කොට වුණත් අඩනිරුවත් කියලා වැඩිහිටියන්ට පමණයි ලේබල් වැදුනා. මගේ දක්ෂතාව ඒ චිත්‍රපටය බලලා මනින්න බැහැනේ.

නිලුෂි ගැන පසුගිය කාලේ බඹර විසේ ගැන කතාබහට ලක් වුණා නේද ?
ඇත්තටම ඔව්. හොඳ ප්‍රතිචාර මට ලැබුණා. මමත් ආශාවෙන් හිටියේ ගුරුවරියකගේ චරිතයක් රඟපාන්න. මං එක්ක අජන්ත ප්‍රනාන්දු ප්‍රධාන චරිතය රඟපෑවා.

හැබැයි ඉතින් බඹර විසේ කොටස් කපලා DVDයක් වුණා නේද ?
මුලදී සාකච්ඡා මට්ටමේ තිබ්බේ චිත්‍රපටියක් විදියට කරලා ප්‍රදර්ශණය කරන්න. එත් DVD චිත්‍රපටයක් කරමු කියන අදහසට ආවා.

ඒ කාලේ අර්ජුන් කමලනාත් එක්කත් වැඩ පෙන්නුවා නේද ?
පතිනියකගේ හෝරාව, විශ්ම රාත්‍රිය, සන්සුන් නොසන්සුන්, මාලන් සහ පූජා චිත්‍රපටිවල මම අර්ජුන එක්ක වැඩ කළා. අර්ජුනගෙන් ලැබුණු ලොකු සහය හින්දා මගේ වැඩ ටික හරියට කරගන්න පුළුවන් වුණා.

නිලුෂි ඇයි අඩනිරුවත් රඟපාන්න හිතුවේ ?
සිහින බෝට්ටුව ටෙලි නාට්‍යය මගේ පළමු ටෙලි නාට්‍යය. එත් විකාශය වුණේ නැහැ. film එකකට මුලින් සම්මුඛ පරීක්ෂණයට ගියා. කුමාර රනේපුර හරහා මට පතිනියකගේ හෝරාව චිත්‍රපටියට සම්බන්ධ වෙන්න ලැබුණා. මම කළකිරිලා හිටියේ. කලාවට තියෙන ආදරය නිසාම නිළියක් වුණාම හැම චරිතයක්ම රඟපාන්න පුළුවන් වෙන්න ඕනනේ. ඉතිං මම වැඩිහිටියන්ට පමණයි රඟපෑවා.

හැබැයි ඉතින් ඔය අස්සේ බොරු කොන්ඩේ නිසා එදා මුල්ම රඟපෑම ගිලිහෙන්න යනවනේ තව පොඩ්ඩෙන් ?
ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. අදටත් මට මතක් වෙද්දී හිනා.

දවසක් මාව බලන්න පතිනියකගේ හෝරාවේ චිත්‍රපටියේ කීපදෙනෙක් ආවා. මම එවෙලේ විග් එකක් දාලා හිටියේ දිග කොණ්ඩයක් චරිතේ හැටියට කොන්ඩේ කොට වෙන්න ඕනා. ඉතින් මගේ කොන්ඩේ දිගයි කියලා කපන්න ඕනා කිව්වා. පස්සේ ඉතින් මම බැරිම තැන විග් එක ගලවලා පෙන්නුවා. බැරි වෙලාවත් එවෙලේ මට දිග කොණ්ඩයක් තිබ්බත් අද නිලුෂි හල්පිට කියලා කෙනෙක් නැහැ.

වැඩිහිටියන්ට රඟපානවට නිලුෂිට ගෙදරින් බර බරෙත් තියෙන්න ඇති නේද ?
මම කලාවට ආදරෙයි. මම කාගෙවත් බලපෑම් හිතුව නම් මම අද මෙතැන නැහැ. දැන් ඉන්න ශිල්පීන්ට ඕනි තරම් අවස්ථා තියෙනවා ක්‍ෂේත්‍රයට පිවිසෙන්න. මේ ලැබුණු අවස්ථාවෙන් වැඩක් ගන්න ඕනා කියන මතේ මම හිටියා.

දැන් ඉතින් නිලුෂිගේ දරුවොත් ලොකුයි එයාලා අම්මගේ රඟපෑම ගැන මොනවා හිතනවා ඇතිද ?
දරුවන් හදද්දී බුද්ධිමත් ස්ථාවර මට්ටමකට තියලා දරුවෝ හැදුවොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දරුවොත් අම්මා නිළියක් කියලා දන්නවා නම් විවිධ චරිත රඟපාන්න වෙනවා කියලා තේරුම් ගන්නවානම් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top