සිය මවගේ තුරුලේ නිදා සිටි කුඩා බිළිඳෙකු හදිසියේ මියයාමේ පුවතක් මැදිරිගිරිය - අඹගස්වැව - යාය අට ප්‍රදේශයෙන් වාර්තාවුණා.
ඊයේ රාත්‍රියේ සිය මව සමඟ නින්දට ගිය මෙම මාසයකුත් දින 05ක් වයසැති මෙම බිළිඳා අද අලුයම 2.30ට පමණ වන විට මෙලෙස හදිසියේම ජීවිතක්ෂයට පත්ව සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ඊයේ වන තුරුත් බිළිදා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවී ඇති අතර, මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ පොළොන්නරුව මහ රෝහලේදී සිදුකිරීමට නියමිතයි.