‘‘දැනට අවුරුදු 15 කට කලින් කරපු ගීතයක්“
‘‘ඇත්තටම ඒ ගැන කලකිරීමක් තියෙනවා“
චාමර වීරසිංහව බොහෝ දෙනෙකු හඳුන්වන්නේ ‘‘හදවතේ ගායකයා“ යන නමින්.
විපතකදී වුණත් තව කෙනෙකුට උදව් කරන්න චාමර කිසිවිටෙකත් මැලිවන්නෙ නැහැ. ප්‍රසංග වේදිකාවේ රසිකයන්ගේ නොමද ආදරය දිනාගත් චාමරගේ ගීතයක් ගැන පසුගියදා බොහෝ දෙනෙකු කතාබහට ලක් කළා.
ඒ සිදුවීමේ ඇත්ත නැත්ත චාමර අතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.
මේ දවස්වල ආයෙත් චාමර ගැන කතා කරනවා නේද..?
ඔව්. ඔව් ආයෙත් කතා කරනවා. මං ඒ ගැන එච්චර හිතන්නෙ නැහැ.
පසුගිය කාලයේ සිදුවූ අනතුරකදිත් නොයෙක් කතා කිව්වා නේද..?
මඩ ගහන්න ඔය වගේ දේවල් කරනවා. ඒත් ඒවා මම ගණන් ගන්නෙ නැහැ.
ජනප්‍රිය චරිත වටා ඇයි මෙවැනි දේ පැතිරෙන්නේ ඔබ සමග පෞද්ගලික කෝන්තරයක්ද..?
ඇත්තටම ඒ ගැන කලකිරීමක් තියෙනවා. මං දන්නෙ නෑ ඒ ගැන.
ඔබේ ආදරණීය රසිකයන්ව තිගැස්සූ ඒ වීඩියෝව සහිත ගීතය ගැන කතා කරන්න කැමතිද..?
දැනට අවුරුදු 15 කට කලින් කරපු ගීතයක්. හඬින් විතරයි දායක වුනේ. ඒක දැන් නැවතත් ඉස්මතු කරලා මඩ ප්‍රහාර යවනවා.
එහෙම තිගැස්සුණු ඔයාගේ රසිකයන්ට මොනවද අලුතින් කළේ..?
අලුත් ගීතයක් කළා. එය මියුසික් වීඩියෝවක් සමග ඉදිරියේදී තිළිණ කරනවා.
ප්‍රශ්නවලට බොහොම කෙටි පිළිතුරු දෙන්නෙ ඇයි..?
මම කොහොමත් කෙටියෙන් තමයි පිළිතුරු දෙන්නෙ.
මේ අදාළ මඩ ප්‍රචාරය පිළිබඳව චාමර සිය ෆේස්බුක් ගිණුමේද සටහනක් තබා තිබුණා.