Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
23
නාමල්පුරයම හඬවා සුනඛයෙකුගේ බිල්ලක් වූ කිරිකැටියා පිටින් ගියේ දඩයමේ ගිය තාත්තාගේ පවද..? - Video & Photos

- නාමල්පුරයම හඬවා සුනඛයෙකුගේ බිල්ලක් වූ කිරිකැටියා පිටින් ගියේ දඩයමේ ගිය තාත්තාගේ පවද..? - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

84 Views
"දවස් හතක් වෙනවා පුතා හම්බවෙලා"
"මහත්තයා කැලේ ගියා දරුවෝ බඩගින්නේ නිසා."
"මම ඒ බල්ලා කවදාවත් දැකලා නැහැ "

මීට පෙර කිසිදු දිනකවත් අසා නොමැති ඛේදනීය පුවතක් පසුගිය 18 වනදා දඹුල්ල ආසිරිගම ප්‍රදේශයෙන් අපට අසන්නට ලැබුණා. ඒ තමයි ඉපදී දින 7 ක් වයසැති පුංචි බිළිදෙකු සුනඛයෙකුගේ ආහාරයක් වූ හද කම්පා කළ සිදුවීම.

පියාද නිවසේ නැති වෙලේ එදින මව තම පුංචි කනිෂ්ක පුතුව සාලය මැද නිදා කරවා කුස්සියේ උයමින් සිටි අතරතුරයි නිවසට ඇතුලු වූ සුනඛයෙකුගේ ආහාරයට ලක්ව තිබුණේ. මේ හද සසල කල දුක්බර කතාවේ නොදත් කරුණු කිහිපයක සවිස්තරාත්මක සටහනක් ජාතික පුවත්පතක පල වී තිබුණේ මෙලෙසයි.

මේ කතාව ඇසූ දඹුල්ල රෝහලේ වෛද්‍යවරු රෝහල් සේවකයන් මෙන්ම රෝහල් පොලිසියේ නිලධාරින් පවා සිටියේ කම්පනයෙනි.
මෙසේ පණපිටින් බල්ලකුගේ ආහාරය බවට පත්වී තිබුණේ ඉපදී දින හතක් පමණ වයසැති බිලිඳෙකි. මේ දරුවා අවිශ්ක සඳරුවන්ය. ගම ගලෙන්බිඳුණුවැව නාමල්පුරය. මෙම අවාසනාවන්ත සිද්ධිය පිළිබඳව එම ප්‍රදේශයේ මෙන්ම ඇසූ දුටූ බොහෝ දෙනාගේ එකම ප්‍රශ්නය වූයේ "ඇයි දෙයියනේ මේ අම්මා තාත්තා මොකද කළේ" යන්නයි.

දඹුල්ල රෝහලේදී මේ පුංචි කිරි කැටියාගේ හදිසි මරණ පරීක්ෂණය පැවැත්විණි. දේහය නිවෙසට රැගෙන යෑමට නොහැකිව එම මවත් පියාත් පැමිණ සිටි ඥාතීන් ඉතා සීමිත පිරිසක් මුහුණෙන් මුහුණ බලා සිටියහ. දඹුල්ල රෝහලේ ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ අජිත් අර්තනායක, වෛද්‍ය අධිකාරි ගාමිණි සේනානායක ඇතුළු හෙද හෙදියන් කාර්ය මණ්ඩල සියලු දෙනා එක්ව ඔවුන්ගේ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස දරුවාගේ දේහය ගමට රැගෙන යෑමට හා අවසන් කටයුතු කර ගන්නට රුපියල් 50,000ක මුදලක් පරිත්‍යාග කළහ.

මෙම අවාසනාවන්ත සිද්ධිය පිළිබඳව තවදුරටත් තොරතුරු සොයාබැලීම සඳහා අපි නාමල්පුර ආසිරිගම නමැති අති දුෂ්කර ගම්මානයට ගියෙමු.
අප එම නිවෙසට යද්දී අසල්වැසි නිවෙසක සාලය මැද පුංචි පෙට්ටියක තබා බල්ලාගේ ආහාරයට පත්ව මියගිය කනිෂ්ක සඳරුවන් නම්වූ සිඟිත්තාගේ සිරුරේ ඉතිරිවී ඇති කොටස් තැන්පත් කොට තිබිණි. දරුවාගේ මව වන එච්.එම්. නිරෝෂා කුමාරිත් (24) පියා වන සම්පත් කුමාරත් (26) දේහය අසල සිටියහ.

ගමේ බොහෝ දෙනකු ඇඳගෙන සිටියේ වැරහැලිය. ඔවුහු නිවෙස ආසන්නයේ රොක් වී සිටියහ. තරුණ හා වැඩිහිටි බහුතරයක් සිටියේ බීමතිනි.
නොදියුණුකම, අධ්‍යාපන මට්ටම, ආර්ථික ප්‍රශ්න ආදිය නිසා මේ තත්ත්වයට මේ මිනිසුන් පත්වීදෝ යන්න අපට වැටහුණේ නැත. මේ ගම්මානයට අප ගමන් කළේ කිරි කැටියකු බල්ලකු විසින් ආහාරයට ගෙන මියගිය දුක්බර පුවත සොයා බැලීම සඳහායි. එහෙත් එම සිද්ධිය ගැන ගම්මුන් බොහෝදෙනකු මුණිවත රකින ආකාරයක් අපට පෙනෙන්නට තිබිණි.

කෙසේ වෙතත් අපි මියගිය දරුවාගේ මව හමුවී මේ අවාසනාවන්ත සිදුවීම ගැන විමසීමු. ඇය තම පවුල් පසුබිමද සමඟ සියලු විස්තර අප සමඟ මෙසේ කීවාය.

"මට දුවලා දෙන්නෙක් ඉන්නවා. මේ නැතිවුණේ තුන්වැනි පුතා. දවස් හතක් වෙනවා පුතා හම්බවෙලා. ඒ දවස් හතේම මහත්තයට වැඩකට යන්න බැරිවුණා. එයා කැලේ ගිහින් බඹර කපනවා. මී කඩනවා. දඩයමකුත් කරනවා. එහෙම තමයි අපි ජීවත් වෙන්නේ. එදා සවස මහත්තයා ගියා කැලේ යන්ඩ දරුවෝ බඩගින්නේ ඉන්න නිසා."

"අපි ජීවත් වෙන්නේ පුංචි කටුමැටි ගැසූ එක කාමරයක. මම පුංචි පුතා කාමරයේ මැද පැදුරේ නිදිකරවලා මොනවා හරි අරන් දරුවෝ දෙන්නට කන්ඩ උයලා දෙන්ඩ කියලා කුස්සියට ගියා. අපේ ගේ ඉස්සරහා ‍ෙදාරක් විතරයි තියෙන්නේ. පිටිපස්ස මැටි ගහලා වහලා තියෙන්නේ"
ලොකු දුවට කිව්වා අපේ අම්මලා ගෙදර ගිහින් රෑට උයන්ඩ හාල් හුණ්ඩු දෙකක් ඉල්ලං එන්ඩ කියලා. තාත්තා කැලේ ගිහින් ආවාම අරගෙන දෙන්නම් කියලා. එතකල් මම ළිප පත්තු කරලා වතුර කලයක් ගේන්ඩ ළිඳට ගියා. ඇවිත් මුට්ටියට වතුර එක දාලා රත්වෙන්ඩ ළිප තියන්ඩ හදනකොට චූටිදුව කිව්වා මල්ලි කෙඳිරිගානවා වගේ කියලා. මම ඒත් එක්කම ගියා ඉස්සරහට. ගිහින් ගේ ඇතුළට යනකොට බල්ලෙක් මගේ පුතාගේ ඔළුව පැත්ත කනවා. මම කෑගහලා බල්ලා එළවලා පුතා උස්සාගෙන මැණිකේ අක්කලාගෙ ගෙදර දිව්වා. මම ඒ බල්ලා කවදාවත් දැකලා නැහැ. උෟ සුදු පාට බල්ලෙක්."

මෙම මියගිය කිරිකැටියාගේ පියා වූ සම්පත් කුමාර මෙසේ කීවේය.

"මම එදා හිටියේ නෑ. කැලේ ගිහින් හිටියේ එතකොට තව කෙනකුට කෝල් එක්ක ඇවිත් තමයි මට පණිවුඩය ලැබුණේ. මම ගෙදර එනකොට එයාලා දඹුල්ලේ ඉස්පිරිතාලේ. ඒ නිසා මම රෑ ගියේ නැහැ. උදේ තමයි ගියේ. ඒ යනකොට දැනගත්තා පුතා නැතිවෙලා කියලා.'
මේ යුවළ තරමක හෝ අධ්‍යාපනයක් ලබා නොතිබිණි. ඔවුන් මේ පොළොවේ ජීවත්වන ඉතා අසරණ මිනිසුන් බව තේරුම් ගන්නට වැඩිමහත් දැකුම් වුවමනා නැත. අසල්වැසි නිවෙසක කුඩා බිලිදාගේ මළ සිරුර තබා තිබියදී අපි මෙම සිද්ධිය වූ නිවෙසට ගියෙමු. ඔවුන්ගේ ජීවිතවල සැබෑව දර්ශනය වූයේ එම නිවසෙන් සහ මුළුතැන්ගෙයි දසුන්වලිනි. අසල්වැසි නිවෙසේ කාන්තාව බව කියූ අයකු මේ සිද්ධිය ගැන මෙසේ කීවාය.

"සවස මට මේ ගෙදර කට්ටිය කෑගහනවා ඇහුණා. මම එළියට එනකොට ඒ ගෙදර පැත්තේ ඉඳලා ගුරුපාට ටිකක් ලෝම හැලුණු බල්ලෙක් අපේ ගෙදර පැත්තට දුවගෙන ආවා. උෟ මගේ දිහා බලාගෙන හිටියා. මම ඒ බල්ලා දැකලා තිබුණේ නෑ. අර ගෙදර කෙනාත් පුංචි දුවලා දෙන්නා අඬනවා ඇහුණා. මම හිතුවේ එයාලා ගෙදර ගෝරි වෙනවා කියලා. පස්සේ රෑ තමයි මම දන්නේ බල්ලා කාලා කියලා."

නම කීමට අකැමැති, ගමේ මඳක් හෝ අධ්‍යාපනයක් ලබා ඇති, ආගමට දහමට නැඹුරුවක් සහිතව සමාජයට යමක් කරන්නට උත්සාහ දරන කීපදෙනකු අපිට හමුවූහ. මේ පිරිස අපිට නුහුරු කතාවක් කීහ.

මේ සිඟිත්තාගේ මරණය එය ඇසූ හැමෝම කම්පනයට පත් කළා. ඒත් මේ ගම්මානයේ බොහෝ දෙනකුට ඒ දුක ලොකුවට දැනෙන්නේ නැහැ. ඒ මොකද ගමේ වැඩි දෙනකුගේ රැකියාව බවට පත්වෙලා තියෙන්නේ සත්තු මරන එක. මස් විකුණන එක. බඹර කූඩු, මී පැණි කූඩු කඩා දමලා ඒ අයගේ ආහාරයට තියෙන පැණි ටික හූරාගෙන එන එක." ගමේ හැම තැනම දඩයම් බල්ලෝ හුරු කරලා. මේ පැත්තේ එළු පැටියෙක්, හරක් පැටියෙක් අලුතෙන් දාන්ඩ බෑ මේ බලු රැළ කනවා."

දඬුලේනෙක්, තලගොයෙක් බැරිවෙලාවත් ආවොත් බල්ලෝ වට කරලා අල්ලාගෙන කනවා. නැත්නම් උන්ගේ හාම්පුතාලට ගෙහුන් දෙනවා." මේ ගමේ මිනිස්සුන්ට කරන්න වෙන වැඩක් නෑ. ගොවිතැන් කරන්න වතුර නෑ. ඉඩම් නෑ. කුලී වැඩක් නෑ. ඉතින් දරු පැටව් රක්ෂා කරන්ඩ තමයි දඩයමේ යන්නේ. අනෙක තමයි ආසිරිගම කියන ගමේ නම ඇහුව ගමන් හැමෝම දන්නවා දඩයක්කාරයෝ ඉන්න ගමක් කියලා. ඒ නිසා ගමේ අනෙක් අයටත් මේ හැදෙන දරුවන්ටත් හොඳ නෑ. මේවා කියලා දෙන්ඩ බැහැ. මොකද උන් ඉගෙනගෙන නෑ. සත්තු වගේ ඉන්නේ. උදේ ඉඳලා. රෑ වෙනකල් බීලා ඉන්නවා. බොහෝ දෙනකු හරි හමන් ජීවිතයක් ගත කරන්න පුරුදු වෙලා නෑ. කිසිම කෙනෙක් මේ මිනිස්සු සුගතියකට ගන්න එන්නෙත් නෑ. පොලිසිය ආවත් තවත් රජයේ නිලධාරීන් ගමට ආවත් එන්නේ ඒ අයගේ පාටියට උපන් දිනය සාදයට මස් ඕඩර් කරන්න. දඩ මස් ගෙනියන්න. දඩ මස් කිලෝවක් ගමෙන් දෙන්නේ රුපියල් 300කට."

"මේ ලෝකේ ඇසූ දුටු මිනිස්සු හදවත් කම්පා කරවන මේ සිද්ධිය අපේ ගමෙන් වාර්තා වෙන්න එක හේතුව තමයි මේ දඩයම. අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ මියගිය කිරි කැටියාගේ නාමයෙන් මේ ගමේ සිදුවන දුරාචාර වනසතුන් දඩයම නවතා මේ පිරිසට කුමන හෝ ආදායම් මාර්ගයක් ලැබෙන වැඩපිළිවෙළක් කොරලා ඉස්කෝලේ නොයන දරුවො ටික ඉස්කෝලෙ යවලා යමක් කරලා දෙන්න කියලා. නැත්නම් තවත් මේ වගේ අපරාධ වෙන්න පුළුවන්.

සුනඛයකුගේ ආහාරයක් බවට පත්ව මියගිය පුංචි දරුවාගේ අවසන් කටයුතු සිදුකරනු ලැබුවේ එම ගම්මානයේම විහාරාධිපති රත්නපුරේ සීලරතන හිමියන්ගේ මූලිකත්වයෙනි. උන්වහන්සේ ඉතා තදින් මේ අවස්ථාවේදී ගම්මුන්ට මෙන් දරුවාගේ ඥාතීන්ට අවවාද කළහ. අවමඟුල් අවස්ථාවේදී වෙනත් කිසිදු අයකුට කතා කරන්නට ඉඩ නොදුන් උන්වහන්සේ ජාතක කතාවක් හුවා දක්වමින් වන සතුන්ට ගිනි බිඳින අයට සිදුවන පල විපාක ගැන පැහැදිලි කළහ.

ගම භාරව සිටින රාජ්‍ය නිලධාරීන් ප්‍රදේශය නියෝජනය කරන දේශපාලන අධිකාරිය ප්‍රභූන් සියලුදෙනා මෙම ඛේදවාචකයට වගකිව යුතු බවත් ගම්මුන් පව්කාර ක්‍රියාවලියෙන් බේරාගන්නවා වෙනුවට තව තවත් වන සතුන්ගේ මස් වෙළෙදාමට පොලඹවා ගැනීමෙන් මෙවැනි අපරාධ තවත් සිදුවිය හැකි බව උන්වහන්සේ පැවැසූහ.

ගමේ බොහෝ දෙනාගේ මතය වූයේ දඩයම් සඳහා හුරු පුරුදු කළ බල්ලකු විසින් මේ ක්‍රියාව සිදුකරන්නට ඇති බවය. එසේ නොමැතිව කිසිදිනක නිවෙසක ඇති කරන බල්ලකු මේ ආකාරයෙන් මිනිසකු ආහාරයට නොගන්නා බවය.

කෙසේ වෙතත් මෙම බිළිදාගේ සිද්ධිය අනෙත් මවුවරුන්ට හා පියවරුන්ට තවත් පාඩමක් කියා දෙනු ලබයි. එනම් තම දරුවන් ගැන මීට වඩා වැඩි අවධානයක් යොමුකළ යුතුය යන්නය.

වීඩියෝව සහ ඡායාරූප පහතින්..

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top